පාසලට නැමී තුබූ පොල් අත්තක ඉරටු ගලවමින් සිටි සිසුන් පිරිසකට එල්ල වූ ගල් පහරකින් එක් සිසුවකුගේ හිස පැලී ගලේවෙල රෝහලට ඇතුළු කළ බව ගලේවෙල මැදි විදුහල්පති සී බී හේරත් මහතා ගලේවෙල පොලිසියට පැමිණිලි කළේය.
ගල් පහර දුන් පුද්ගලයන් ගැන පොලිසියට තොරතුරු සපයා ඇතත් කිසිවකු අත්අඩංගුවට ගෙන නැති බව පාසල් ආරංචි කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ප්‍රාදේශීය සභා මන්ත්‍රී කෙනෙක්ද දන්නෙ නැහැ (නි)
ගවුමක අඩුපාඩු සොයනවෙලා ළමයා කරන වැඩ ගැන සෝදිසියෙන් සිටිනවා නම් ඔය දේවල් වලක්වගන්න පුළුවන්. ගුරුවරු පසැල් ආවම ගස් අතු කපා පිළිවෙලකට පාසැල තබා ගත හොත් මෙවැනි වර්ජන ඇති නොවේ.(නදී)
පොල් ඉරටු කඩලා ගල් ගැහුවා නම් පොල් කැඩුවොත් මොනවා නොගහයිද ? ෂරියා අපිට හොරෙන්ම ඇවිත්ද ? (නි)
පොල්ගහ අයිතිකාරයා බලවතෙක් හෝ ඔහුගේ හෙන්චයියෙක්ද? (නි)
පොල් අත්ත නැමිලා තිබුනේ පාසල් වත්තටනම් එය නැමී තිබෙන්නේ ඇස් මට්ටමට නම් කවුරුත් කියනකන් ඉන්න ඕන නෑ. මොලේ කළදක් හරි තියනවනම් අයිතිකාරයා දැනගන්න ඕනා එය කපල දාන්න. ඕක ඇනිලා ළමයෙක්ගේ ඇහැක් තුවාල උනොත් කාට කියන්නද? ඇහැක වටිනාකම මුදලට තක්සේරු කරන්න බැහැනේ. ගල් ගැහැව්වේ වතු හිමිගේ අනුදැනුම ඇතිවනම් අනිවාර්යයෙන් නීතිය ඉදිරියට ගෙනිහින් හොද දඩුවමක් දියයුතුයි.(නදී)
බණ්ඩාරගේ අදහසට මාත් එකඟයි. පාසල් වත්තට නැමිලා තිබුනත් අනුන්ගේ පොල්ගහක් නේද? අයිතිකාරයට නොකිය ළමයි ගහට නගිනතුරු කවුරුත් දැක්කේ නැද්ද? ගුරුවරු කළයුතුව තිබුනේ ළමයින්ට වරද කියාදීලා, අවසර අරන් ඔය වැඩේ කරන්න නේද? (නි)
පොලිසි මේ වගේ ක්‍රියා කරන නිසා ජනතාව නීතිය අතට ගන්නේ. පොලිසිවලට ස්වාදීනව රාජකාරි කරන්න ඉඩදීම රජයේ යුතුකමයි (නි)
කවුරුහරි පිස්සෙක් තමයි ගල් ගහන්න ඇත්තේ (නි)
මට නම් සැක ප්‍රාදේශීය සභා මන්ත්‍රී කෙනෙක් ගැන විතරයි (නි)
ඒ ගමන පාසල් වලට මොකෝ මේ වෙලා තියෙන්නෙ? රටම අවුල් ජාලයක්. දරු පැටියට ඉක්මන් සුව ලැබේවා (නි)