කොටදෙණියාවේ බඩල්ගම අකරන්ගහ සේයා දැරියගේ ඝාතනය සම්බන්ධයෙන් බදාදා (23) සවස අත්අඩංගුවට ගත් සැකකරු ගෙන එතියි ලැබුණ තොරතරුකට අනුව ගම්වාසීහූ විශාල පිරිසක් බ්‍රහස්පතින්දා (24) සවස සේයා දැරියගේ නිවස අසලට රැස්වූහ.
කොටදෙණියාව පොලිසියේ ස්ථානාධිපති උදය කුමාර මහතා ඇතුළු පොලිස් කණ්ඩායමක්ද එම ස්ථානයට ආහ.
තෙවැනි සැකකරුට නිසි දඩුවම් ලබා දෙන ලෙස පොලිසියට බල කළ ගම්වාසීහූ සැකකරු එම ස්ථානයට රැගෙන එනතුරු සේයාගේ නිවස අසලින් නොයන බව කීහ.
සේයාගේ ඝාතනය සම්බන්ධයෙන් තව දුරටත් විමර්ශනය සිදු කරන බවත් සැකකරුවනට ගැලවී යාමට ඉඩ නොදෙන බවත් කොටදෙණියාව පොලිසියේ ස්ථානාධිපති උදය කුමාර මහතා ගම්වාසීන්ට පැහැදිලි කළේය.
එළිවෙනතුරු නිවස අසල රැදී සිටියත් සැකකරු සේයාගේ නිවස අසලට නොගෙන එන බව කී ස්ථානාධිපතිවරයා නිවස අසලින් පිටව යන ලෙස ගම්වාසීන්ගෙන් ඉල්ලීය.
පැය තුනකට අධික කාලයක් නිවස අසල රැදී සිටි ගම්වාසීහු අද (24) සවස 5.30 පමණ ගම්වාසීහු නිවස අසලින් ඉවත් වුහ. එත් කීප දෙනෙක් පමණක් නිවස අසල රැදී සිටියහ.
ගම්වාසීන් නිවස අසළට රැස්වූ අවස්ථාවේ සේයාගේ මව සහ පියා නිවස තුළ සිටියහ.
ලංකාදීපයට අදහස් දැක්වු සේයාගේ පියා මෙසේ කීය,
‘දුවගේ ඝාතනයට නියම සැකකරු අල්ලා ගත් බව අපට දැන ගන්නට ලැබුණා. තවමත් විමර්ශන කටයුතු අවසන් නැහැ. ඉවසීමෙන් සහ සන්සුන්ව පොලිස් විමර්ශන වලට සහාය දෙන මෙන් සියලු දෙනාගෙන්ම ඉල්ලා සිටිනවා. කලින් අත්අඩංගුවට ගත් පාසල් සිසුවා සහ අනිත් පුද්ගලයා සැක බව මම කිසිම වෙලාවක කිව්වේ නෑ. ඒ පාසල් ශිෂ්‍යාට මමත් උගන්වා තියෙනවා. ඔවුන් අත්අඩංගුවට ගත්තේ පොලිස් විමර්ශන මතයි.අපේ කීමට නෙමෙයි. ඔවුන්ටත් සාධාරණයක් වෙයි කියා මම හිතනවා. පොලිසිය සහ අපරාධ පරික්ෂණ දෙපාර්තුමේන්තුව මේ විමර්ශන වලදී සෑහෙන්න මහන්සි වුණා. ඒ බව අපි හොදින්ම දන්නවා. අපිත් හැකි අයුරින් සහයෝගය දුන්නා‘
සේයාගේ මව මෙසේ පැවැසුවාය -
‘නියම සැකකරු අත්අඩංගුවට ගත් බව දැන ගන්න ලැබුණා. මේ සිද්ධියට මුලින්ම අපේ පවුල ගැනත් සැකකලා. අපි හිතුවා කවදා හරි ඇත්ත එළි වෙයි කියලා. දුව නැතිවුනේ උපන් දිනය ළංවෙලා. මාසයකට පෙර සිටි දුව උපන්දිනය ගැන කියමින් සිටියේ. දුව හරි ආසයි විවිධ ඇදුම් ඇඳ ලස්සන බලන්න. අපි දුව ගැන සොයා නොබැලුවා නොවේ. දුව අපිත් එක්ක නිදාගෙන වෙන දවස් වලටත් නින්දෙන්ම ආච්චි අම්මා ගාවට යනවා. සිද්ධිය වුණ දවසෙත් අපි හිතුවේ එහෙමයි. මේ වගේ මනුස්සයෙක් මේ පැත්තේ ඉන්නවා කියලා දැන ගන්නවා නම් අපි මීටත් වඩා පරිස්සම් වෙනවා. දුව මරපු පුද්ගලයාට නිසි දඩුවම් ලබා දේවි යැයි අපි විශ්වාස කරනවා‘

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තිස්තුන් කෝටියක් දෙවි දේවතාවන් මේ නඩුව දැක බලා ගනිත්වා! (නි)
පාසල් දරුවා මරා අවසන්. දැන් ඉතින් හැමෝම එකතු වෙලා අවසන් කටයුතුත් සිදු කරනු (අ)
මීට වඩා තව දේවල් හොයාගන්න පුළුවන් වෙයි ඉස්සරහට (නි)
මේවා දකින අපිත් මානසිකව වැටෙනවා. (නි)
සේයා දියණියගේ සංවේදී අවසානය ගැන අපි හරවත් සංවාදයක යෙදුනේ නැහැ කියලයි මම හිතන්නේ.දරුණු මානසික රෝගීන් නිදැල්ලේ හැසිරෙන අයුරු අපි ගොළුවන් බිබිරන් සේ බල සිටිමු. අප ජිවත්වන ප්‍රදේශයේ හැසිරෙන පාදඩයින්, මත්ලෝලීන්,හොරුන්, සමාජ විරෝධී කටයුවල යෙදෙන්නන් ගැන පොලිසිය සහ වගකිවයුතු ආයතන වෙත දැන්වීමට දැනුවත් වෙමු. පාලකයින්ද මොවුන් ගැන අවධියෙන් සිටිය යුතුය. (අ)
හැම ගමකම ඔය වගේ මිනිස්සු ඉන්නවා (නි)
දැරිය මියගොස් අවසන්. පාසැල් සිසුවාත් නොමරා මරා අවසන්. මේ විනාශවලට කුණු රසය ඇවිස්සීමට කුඩා දරුවන්ගේ මළ සිරුරුවල රූප පවා අළෙවි කරන සමහරුත් ඒවා මෙසේ අවභාවිතයට එරෙහිව කිසිම නීතිමය පියවරක් නොගන්නා දේශපාලඥයිනුත් වගකිව යුතුයි. එය සිදුවනතෙක් මෙවැනි දේ අනාගතයටත් සිදුවනු ඇති බව කටුක යථාර්ථයයි. (නි)
අපි සැමදාමත් කර ඇත්තේ එක් එක් සිද්ධි තනි තනි වශයෙන් විග්‍රහ කරමින් දන්නා හෝ නොදන්නා අපරාධකාරයින්ට ශාප කිරීමයි. බලයට එන්න ආශාවෙන් ඉන්න විරුද්ධ පක්ෂවල දේශපාලුවොත් බලයේ ඉන්න එකාට වගකීම පවරා හිමින් මාරු වෙන එකයි කරන්නේ. මේ පවුකාර තත්වය දිගින් දිගටම පැවතීමේ හේතුවට සමස්ත සමාජයම වගකිවයුතු වුණත් ඒ යුග මෙහෙවර නොකර බලයට ආපසු ජඩ සමාජ ක්‍රමය දිගටම ආරක්ෂා කරන මිනිසුන් සිටින තාක් මේ ලක් දෙරණ මත අහස පොළව නොඉවසන තව අපරාධ විශාල ප්‍රමාණයක් ඉදිරියටත් ඇතිවීම නොවැළැක්විය හැකියි. (නි)
මේ ප්‍රශ්නයේදී වැරැද්ද සම්පුර්ණයෙන්ම දරුවාගේ දෙමවුපියන්ගේ බවයි මම කියන්නේ. මීටවැඩිය දෙමවුපියන් තමන්ගේ දරුවන් ගැන සොයාබැලිය යුතුයි. (නි)
අම්මාට තාත්තට සැක නැතිවුණාට පොලිසියට සැකයක් ඇතිනේ. දැක්කද පරිගණකයේ බලලා තියෙන දේවල්? මේවා කොයි අම්මා තාත්තාටත් හොඳ පාඩම්. (නි)
නමුත් ඒ පාසල් සිසුවා මෙයින් ලොකු අපහසුතාවයකට පත්වෙන්න ඇති (නි)
එක නිල් චිත්‍රපටියක්වත් බලපු නැති කෙනෙක් හරි, නිල් ඡායාරූප බලලා නැති කෙනෙක් හරි ඉන්නවා නම් අර පාසල් සිසුවාට පළමු ගල ගහන්න (නි)
ලලිත්, නිකන් මෝඩ කතා කියන්න එපා. පරිගණකවල අසභ්‍ය පින්තූර ගැන සළකා බැලුවොත් ලංකාවේ ඉන්න 95% ම ස්ත්‍රී දුෂකයෝ. (නි)
දැන් මොනවා කිවුවත් දරුවන් ගැන මීටවඩා සැළකිළිමත් වියයුතුයි. අප අවට සිටින සියල්ලන්ම සාන්තුවරයන් නොවන බවට මෙය ඉතා හොඳ උදාහරණයක් (නි)
නමුත් තමන්ගේ දරුවා ඉන්නවාද කියාවත් ඔවුන්ට නින්දට යන්න පෙර බලන්න තිබුණා නේද? (නි)
මෙවැනි උද්වේගකර අවස්ථාවක පැනනඟින මහජන නැඟීටීම් කවන්ධයක රූපය ගනියි. එවැන්නක් ඥානාන්විතව මෙහෙයවෙන්නේ නැත. බොහෝවිට ඒවා ඉදිරියෙහි සිටින්නෝ එවැනි ආවේගශීලී පිරිසක් හරහා තමන්ගේ පටු උවමනාවන් ඉටුකරගන්නට මාන බලන අවස්ථාවාදීහු පිරිසකි. අවාසනාවකට මෙන්, කොටදෙණියාවේදී නැවතත් සිදුවූයේද එයමය. තව ටික දිනකින් මේ සිදුවීමේ උණුසුමද පහවගිය පසු, යළිත් එවැන්නක් සිදුවනතුරු පෙර කී ආවේගකාරී මහජනතාව නින්දට යනු ඇත. (නි)
දෙමාපියන්ට මේවා හොද පාඩම්, දරුවෝ දෙනෙත් වගේ බලා ගන්න ඕන , දැන් සමාජය ඉස්සර වගේ නොවේ (ම)
ප්‍රසන්න, ඔබේ අදහසට මම සියයට සියයක් එකඟයි. නිල් චිත්‍රපටියක් හරි නිල් ඡායාරූප හරි බලලා නැති කෙනෙක් ඉන්නවා නම්, අර පාසල් සිසුවාට පළමු ගල ගහන්න. (අ)
අපේ රටෙි අතිවී තිබෙන ඛේදවාචකය තමයි මේ. බලන්න මේ අම්මත් ගුරැවරියක් සවස දරැවන් ගැන බලන්නවත් දරැවන්ගේ අධ්‍යාපනය ගැන සොයා බලන්නවත් මේ අම්මට ඉස්පාසුවක් නෑ ටෙලි නාට්‍ය බැලිල්ල හින්ද (අ)
තමන්ගෙ නිවස අනාරක්ෂිතයි කියල කවුරුවත් හිතන්නෙ නෑනෙ (අ)
මෙයාට මරණ දඬුවම දෙන්න ඕන එපා කියන ගෑනුන්ට මුවදෙන්න ඕන හදාගන්න යන වියද ම රජයෙන් දීලහරි එතකොට මේ අයගේ දරුවන් හොඳටබලාගනී අතකොටා මුට ගහල මරන්නේ ඔය දැන් එපාකියන (අ) එඋන්මියි
පාලිසොයුරාගේ කියමනේහි ගැබිවු හරය මේ ඛේදවාචකය තරමම බියජනකයි..මට කිසිවක් ලියා ගන්න බැරි තරමටම මේ සිදුවිමේදි මා මානසිකව අැද වැටිමකට පත්වුවා. (බ)
අද කාලේ ගැහැණු පිරිමි බේදයක් නැතිව පරිගණක වල අසභ්‍ය පින්තුර තියනවා (ම)
සධාචාරයක් නැති අය රට පාලනට යවල අහක්වෙලා දැන ඉතින් මොකටද කෑගහන්නේ, මිනිස්සු එල්ලල අපරාද අඩුකරන්න යෝජනා වෙන්න තරම් මේ බෞද්ධ රට මෙම වුණේ අපේම වරදින්. කුඩු කාරයින් ස්ත්‍රී දූශිකයින් වංචා කාරයින් මනාප ඉහලින්ම අරගෙන රට පාලනයට යවන මිනිස්සුන්ගේ ඉරණම මේක තමයි .(අ)
පොලසියේ ඉන්න අටය පෙන්නුවොත් ඔය කියන චිත්‍රපටයක් ෆිල්ම් එක්කක් , එපා කියයි. නමුත් අහිංසකයකු ළඟ තිබුණොත් , (අ)
මිනිස්සු හරි ආසයි අමුතු දේවල් වලට. ඕනෑම සිද්ධියකට කුතුහලයක් එකතු කරන්න. මේ වගේ දෙයක් ඉක්මනට විසඳලත් අන්තිමට පොලිසියට කළු පැල්ලමකුත් වැදුනා. (නි)