
(ගයාන් සූරියආරච්චි)
පාසල් දරුවන් ඉලක්ක කර මත්පෙති අලෙවි කරමින් සිටි මහා පරිමාණ මත්පෙති ජාවාරම්කරුවන් දෙදෙනෙකු මත්පෙති 14,000ක් සමග මන්නාරම ආමප්ඩහෛයි ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකාය පවසයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ මන්නාරම මුදලාවට්ටම්, අංක 01 කොටස ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 37 සහ 43 හැවිරිදි පුද්ගලයින් දෙදෙනෙකු බව විශේෂ කාර්ය බළකාය පවසයි.
සැකකරුවන් සන්තකයේ තිබී මත් පෙති 14,000 ක් සොයාගෙන ඇති අතර ඔවුන්ගේ සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී සැකකරුවන් පාසල් දරුවන් ඉලක්ක කරගෙන මත්පෙති අලෙවි කර ඇති බව විශේෂ කාර්ය බළකාය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd