(ඩයනා උදයංගනී)
මෙරට පාසල් සිසුන්ට 2023 වසර සඳහා අවශ්‍ය නිල ඇඳුම් රෙදිවලින් කොටසක් ප්‍රදානයක් වශයෙන් ලබාදීමට චීන රජය එකඟ වී ඇතැයි ප්‍රවාහන, මහාමාර්ග සහ ජනමාධ්‍ය අමාත්‍ය, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.
ශ්‍රී ලංකා රජයේ ඉල්ලීම මත චීන සමූහාණ්ඩුව මෙම ප්‍රදානය ලබාදෙන බව ද ඇමතිවරයා සඳහන් කළේය.
ඉතිරි රෙදි අවශ්‍යතාවය දේශීය රෙදිපිළි නිෂ්පාදකයන්ගෙන් මිලදී ගැනීම සඳහා අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා ඉදිරිපත් කළ යෝජනාවකට මෙම අනුමැතිය හිමිවූ බව ද බන්දුල ගුණවර්ධන මහතා කීවේය.
අමාත්‍යවරයා මේ බව පැවසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී අද (23) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව අමතමිනි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපි චීනයට වෛර කරන රටක් හැටියට නිරුවතින් පාසල් ගියානම් නේද ලස්සන ?
චයිනීස් පාසල් ලගදිම එයි.
දේසපාලුවෝ කියපු හා කියන බොරු එකතු කරලා බලු වටින මොවුන් යම රජ්ජුවරුන්ටත් බොරු කියා අපායෙත් වෙනම පාලනයක් ඇති කරාවි.