අපොස සාමන්‍ය පෙළ විභාග පැවැත්වෙන පාසලක් ආසන්නයේ ‘ස්පීකර්‘ දෙකක් කැබ් රථයක බැඳ මහා ශබ්දය ඇතිව ප්‍රචාරක කටයුත්තක් කර පසුව එම ස්ථානයට ඩිජිටල් තිර සහිතව වාහනයක් පැමිණ යුද ජයග්‍රහණය පිළිබඳ වීඩියෝවක් පෙන්වීම නිසා විභාගය ලියන දරුවන්ට හිරිහැර වන බව දුටු ගැමියෝ එය පිරිස පලවා හළහ.
නාවුල අබන හංදියේ කුබියන්ගහ ඇළ පාසල ආසන්නයේ අද (10) පස්වරු 12.10 මෙය සිදුවිය. මෙම කැබ් රථය නාවුල ප්‍රාදේශිය සභාවට අයත් බවත් නිල ඇඳුමින් සැරසුණ පොලිස් නිලධරයන් හතර දෙනෙකු හා නාවුල ප්‍රාදේශිය සභාවේ සන්ධාන මන්ත්‍රී වරයකුද එහි සිටි බව ජනතාව කියති.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හෙන හත වදිනවා මෝඩයෝ කරන වැඩ වලට (නදී)
ඔවුන්ට අනාගත පරපුර උගතුන් වෙනවා බලා ඉන්න අමාරුයි. ගල් මුල් වලින් ගහන්න එපා 08 වෙනිදා කතිරෙන් ගහල එලවන්න (නදී)
වැස්සකටවත් පාසලකට ගිය කෙනෙක් නම් මෙහෙම හැසිරෙයි කියලා අපි හිතන්නේ නැහැ (නි)
කමක් නෑ යුද්දෙ දිනුවනේ. (නදී)
මේක ළමයි විභාගය ලියනවා කියලා නොදැන කරපු දෙයක් වෙන්න බැරිද?(හේ)
අමාත්‍යංශ වාහනයක් නේද ? ලාංජනේ තියෙන්නේ. (ර)
ගමේම මිනිස්සු ඇවිත් මෙහෙම අය ගහලා පන්නන්න ඕනේ .දැන්මම පටන්ගෙන චන්ඩි බලය යොදල දින්නන්න .ගියපාර චන්දයේදී නම් ඔය පලතෙන් ඔය අයට ලොකු සංග්‍රයයක් ලැබුන , මදිවෙලා වගේ අයෙත් ඉල්ලනවා. (ස)
මේක රජයේ වාහනයක් නේද? රජයේ වාහන ඡන්ද වැඩට ගන්න පුළුවන්ද? නීතිවිරෝධී වැඩ ඔක්කොම. (නි)
මහජනතාවට තමයි මේ වෙනුවෙන් පෙනී හිටින්න වෙන්නේ. (ර)
වැස්සකටවත් ඉස්කෝලේ ගිහින් නැතුව ඇති. (ර)
"එම ස්ථානයට ඩිජිටල් තිර සහිතව වාහනයක් පැමිණ යුද ජයග්‍රහණය පිළිබඳ වීඩියෝවක් පෙන්වීම නිසා විභාගය ලියන දරුවන්ට හිරිහැර වන බව දුටු ගැමියෝ එය පිරිස පලවා හළහ." අපිට හිත ගන්න පුළුවන් (දී)
මේ වගේ වැඩ වැලැක්විය යුතුයි.(හේ)
මේවා ජනතාව තේරුම් ගන්න ඕනේ (නදී)
අධ්‍යාපනයක වටිනාකම දන්නේ නැති කට්ටියක්. (ර)
දේශපාලන බලලෝබයේ ප්‍රතිඵල. නීතිය හරියටම රකින නායකයෙක් යුධ හැමදාව තුළින් හෝ මේ රටට බිහිවේවා! (නි)
ඡායාරූපවල පෙනෙන විදියට වහනය නවත්වලානේ තියෙන්නේ. එකේ කිසිම කෙනෙක් නැහැනේ පෙනෙන්න.? (ර)
මොලේ නැති මිනිස්සු ඔය එක එක පුටුවලට ගියාම ඔහොම වෙනවා. (ස)
චීං විතරක්. මොළයක් කියා දෙයක් නැහැනේ (නදී)
අපේ පැත්තේ උත්සවයකට ඇමති කෙනෙක් ඇවිල්ලා ගිරිය කඩාගෙන ශබ්ද විකාශන යන්ත්‍ර වලින් කෑගැහුවෙ පාසලේ අහිංසක දරුවන් ශාලා 06 ක වාර විභාගය ලියද්දි. (නි)
පව් අසරණ ළමයි. (ර)
ඇඟපත තිබුණට සමහරුන්ට මොළයක් නැහැනේ! (නි)
කාලකන්නි රටත් කනවා දරුවන්ගේ අනාගතෙත් කනවා.(නදී)
මේ ප්‍රචාරය කරන අයවත් මේ අයව එවපු කෙනාවත් පාසල් නොගිහිපු බව පැහැදිලි වෙනවා. (ර)
ලබන ජනවාරි 8 වෙනිදා මේවාට උත්තර ලැබේවි. (නි)
රණවිරුවෝ දවසේ පඩියට වැඩ කරන කුලීකාරයෝ වගේ කරලා. කොළඹ කුලිවැඩ කරන්නේ ඒ අය කැමැත්තෙන් නොවෙයි. ඒ අයට ගෞරවාන්විතව ජීවත් වෙන්න දෙන්න ඕනා (නදී)
ඇත්තටම මේ වැඩනම් වැරදියි.මේ ගැන සොයා බලා පියවරක් ගන්න.(හේ)
පරාජයේ සලකුණු දකින කොට කරන්නේ මොනවාද කියල දන්නේ නැතුව ගියා මචන්.. සොරි අනේ. (නදී)
දේශපලුවෝ කැමති නැහ බුද්දිමත් සමාජයක් බිහිවෙනවට. (නදී)
ඉස්කෝලෙක ගිහින් විබාගයක් පාස් කරපු මිනිස්සු මේ වගේ වැඩ කරන්නේ නැහැ. (ර)
බලන්න මොනතරම් අසෝබන වැඩක්ද මේ අපේ දරුවන්ගේ විභාගයට බාධා නොකර රජයේ බැරිනම් ඕනේ දේපලක් යොදාගෙන දේශපාලනේ කෙරුවට අපිට කමක් නැහැ, මේවට පිළිතුරු 8 වැනිදා ලැබෙයි (බ)
මෙහෙම අයනේ දේශපාලනය කරන්නේ. (ර)