බූන්දල ජාතික වනෝද්‍යානයේ සිට පැමිණ බෙලිඅත්තේ පාසලක් පිටුපස කුඩා වන ලැහැබක රැඳී සිටි වල් අලියා අඟහරුවාදා රාත්‍රී නිර්වින්දනය කැර බැඳ දැමූ බව වනජීවී දෙපාර්තමේන්තුව කියයි. අලියා අද ජාතික වනෝද්‍යානයකට ගෙන යාමට නියමිතය. වනජීවී පශු වෛද්‍ය ඩබ්ලිව්.ඒ.ධර්මකීර්ති මහතා පවසන්නේ අලියා බැඳ දමා ඇති ස්ථානයට අලි ප්‍රවාහනය කරන ලොරියක් ගෙන යාම අසීරැ වීම හා පවතින වැසි සහිත කාලගුණය හේතුවෙන් අලුතින් පාරක් කපා ලොරිය ගැනීමේ දී ලිස්සායාමට ඉඩ ඇති බැවින් අලියා එතැනින් ඉවත් කිරීම තවදුරටත් පමාවන බවයි. මේ අලියාගේ වයස අවුරුදු 25ක් පමණ බවත් අඩි හතහමාරක් පමණ උසැති නිරෝගීව වැඩුණු අලියකු බවත් වෛද්‍ය ධර්මකීර්ති කියයි.
බූන්දල ජාතික වනෝද්‍යානයේ සිට මේ අලියා තනිවම කිලෝ මීටර 50ට වැඩි දුරක් පැමිණ ඇතත් පුද්ගලයන්ට හෝ දේපලවලට හානි සිදුකැර නැත. තරුණ අලියා මද කිපී නැතැයි ද වෛද්‍යවරයා කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හම්බන්තොට ගුවන් තොටුපොළට වනාන්තර කපලා වන සත්තු අතරමන් උනා (නදී)
බෙලිඅත්තට අලි එනවා කියන්නේ නම් සුභ ලකුණක් නෙමෙයි (නි)
අලි රස්තියාදු කාරයෙක්. හැබයි අහිංසකයෙක් වගේයි. (නදී)
අලියා වාසය කල කැලයටම ගිහින් දාන්න. නැත්නම් එයාට කෑම හොයාගන්න එක ලොකු ගැටළුවක් වෙනවා. අපේ ජාතික වස්තුව අපි රැකගන්න වෙනවා. (ස)
කලින් දවස් වල පෝළිමේ ආ අලි මදිවට දැන් කැළේ අලිත් එන්න පටන් අරගෙන... (නි)
අහිංසක සතුන්ව නෙවෙයි. සමහර මිනිසුන්ව නම් ජීවත් වෙනතුරාවට බැඳලා දැම්මත් කමක් නෑ. (ස)
මෙයත් ඇවිල්ල තියෙන්නෙ දෑත් ශක්තිමත් කරන්නද දන්නෑ, නේද?. ඒත් ඉතින් මෙයාව කවුරුත් බාර ගන්න පාටක් නෑ වගේ? (ස)
අහිංසක අලියා බැඳ දමන්න ඕනා කරන්නේ වනජීවියේ ඇමති. (නදී)