IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


පාසල් ගිය අලියා යළි කැලයට

බූන්දල ජාතික වනෝද්‍යානයේ සිට පැමිණ බෙලිඅත්තේ පාසලක් පිටුපස කුඩා වන ලැහැබක රැඳී සිටි වල් අලියා අඟහරුවාදා රාත්‍රී නිර්වින්දනය කැර බැඳ දැමූ බව වනජීවී දෙපාර්තමේන්තුව කියයි. අලියා අද ජාතික වනෝද්‍යානයකට ගෙන යාමට නියමිතය. වනජීවී පශු වෛද්‍ය ඩබ්ලිව්.ඒ.ධර්මකීර්ති මහතා පවසන්නේ අලියා බැඳ දමා ඇති ස්ථානයට අලි ප්‍රවාහනය කරන ලොරියක් ගෙන යාම අසීරැ වීම හා පවතින වැසි සහිත කාලගුණය හේතුවෙන් අලුතින් පාරක් කපා ලොරිය ගැනීමේ දී ලිස්සායාමට ඉඩ ඇති බැවින් අලියා එතැනින් ඉවත් කිරීම තවදුරටත් පමාවන බවයි. මේ අලියාගේ වයස අවුරුදු 25ක් පමණ බවත් අඩි හතහමාරක් පමණ උසැති නිරෝගීව වැඩුණු අලියකු බවත් වෛද්‍ය ධර්මකීර්ති කියයි.

බූන්දල ජාතික වනෝද්‍යානයේ සිට මේ අලියා තනිවම කිලෝ මීටර 50ට වැඩි දුරක් පැමිණ ඇතත් පුද්ගලයන්ට හෝ දේපලවලට හානි සිදුකැර නැත. තරුණ අලියා මද කිපී නැතැයි ද වෛද්‍යවරයා කියයි.



අදහස් (0)

පාසල් ගිය අලියා යළි කැලයට

උනම්බුව Wednesday, 04 June 2014 02:32 PM

හම්බන්තොට ගුවන් තොටුපොළට වනාන්තර කපලා වන සත්තු අතරමන් උනා (නදී)

:       0       0

පිටබැද්දර ජයා Wednesday, 04 June 2014 03:29 PM

බෙලිඅත්තට අලි එනවා කියන්නේ නම් සුභ ලකුණක් නෙමෙයි (නි)

:       0       0

සමන් Wednesday, 04 June 2014 08:41 AM

අලි රස්තියාදු කාරයෙක්. හැබයි අහිංසකයෙක් වගේයි. (නදී)

:       0       0

අබේගුණසේකර Wednesday, 04 June 2014 08:59 AM

අලියා වාසය කල කැලයටම ගිහින් දාන්න. නැත්නම් එයාට කෑම හොයාගන්න එක ලොකු ගැටළුවක් වෙනවා. අපේ ජාතික වස්තුව අපි රැකගන්න වෙනවා. (ස)

:       0       0

චින්තක Wednesday, 04 June 2014 09:24 AM

කලින් දවස් වල පෝළිමේ ආ අලි මදිවට දැන් කැළේ අලිත් එන්න පටන් අරගෙන... (නි)

:       0       0

නවීඩ් Wednesday, 04 June 2014 09:41 AM

අහිංසක සතුන්ව නෙවෙයි. සමහර මිනිසුන්ව නම් ජීවත් වෙනතුරාවට බැඳලා දැම්මත් කමක් නෑ. (ස)

:       0       0

සුනිල් රියාද් Wednesday, 04 June 2014 11:55 AM

මෙයත් ඇවිල්ල තියෙන්නෙ දෑත් ශක්තිමත් කරන්නද දන්නෑ, නේද?. ඒත් ඉතින් මෙයාව කවුරුත් බාර ගන්න පාටක් නෑ වගේ? (ස)

:       0       0

තරිඳු Wednesday, 04 June 2014 06:33 PM

අහිංසක අලියා බැඳ දමන්න ඕනා කරන්නේ වනජීවියේ ඇමති. (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 436 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 245 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1032 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site