
(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)
මීගමුව කටාන විද්‍යාලෝක මහා විද්‍යාලයේ අවුරුදු උත්සවය සැමරීම සඳහා මැටි ගසා පොල් අතු සෙවිලි කර ගැමි ගෙදරක ආකාරයට ඉදිකර තිබූ ගොඩනැගිල්ල කිසියම් පිරිසක් ගිනි තැබීම නිසා එම ගොඩනැගිල්ල මුළුමනින්ම විනාශ වී ගොස් ඇතැයි පොලිසිය පවසයි.
විද්‍යාලීය සිසු සිසුවියන් ඔවුන්ගේ මවුපියන් සහ ආචාර්ය මණ්ඩලය එක්වී මෙම ගොඩනැගිල්ල මෙවර පාසල ආරම්භ කිරීමට ප්‍රථම සිට සති ගානක් මුළුල්ලේ වෙහෙස වී සාදා නිම කළ බවවිදුහලේ ආචාර්ය මණ්ඩලය පවසයි සිංහල අලුත්අවුරුදු උත්සවය සැමරීම සදහා ඉදිකළ මෙම ගොඩනැගිල්ල සිංහල අලුත් අවුරුද්ද සැමරීමෙන් පසු පාසල් සිසු සිසුවියන්ගේ අධ්‍යාපන කටයුතු කරගෙන යෑමට පන්ති කාමරයක් වශයෙන් පවත්වාගෙන යෑමට නියමිතව තිබු එකක් බව ආචාර්ය මණ්ඩලය පවසයි.
පාසල් සිසු සිසුවියන්ට අධ්‍යාපන කටයුතු කරගෙන යෑමට ඇතිව තිබූ ඉඩකඩ මදිකම නිසා මෙය ඒ සඳහා පන්ති කාමරයක් වශයෙන් පවත්වාගෙන යෑමට සැලසුම් කර තිබූ බව ආචාර්ය මණ්ඩලය වැඩිදුරටත් පවසයි.
මෙම ගොඩනැඟිල්ල තුළ බඩුමුට්ටු ද තිබුණු බව පොලීසිය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මිනිසා මේ තැනට වැටුනේ කොහොමද ?අතීතයේ සිටි මිනිසුන් සෑම දෙයක්ම ගලෙන් නිර්මාණ කලේ.ඒ කලත් මෙවැනි මිනිසුන් සිටි නිසාද?
පැහැදිලියි.. සිංහල අළුත් අවුරුද්ද පාසැලේ සැමරීමට විරුද්ධ පුද්ගලයෙක් හෝ කණ්ඩායමක් විසින් මේක කරන්න ඇති. විශේෂයෙන්ම සිංහල අළුත් අවුරුද්ද සමරන වැඩි පිරිසක් නොසිටින පලාතක් නිසා.
දැන් කාලයේ ඉස්සර වගේ නොවෙයි පාසල්වල මුරකරුවො කම්කරුවො පණිවිඩකරුවො ආදී වශයෙන් දේශපාලන හෙංචයියො අනන්ත ඉන්නවා මුරකරුවො දහවල් කාලයේ රැකියාවක් කරල රාත්‍රියේ මුර වැඩේට පාසලට යනවා ගිහිල්ලා නිදාගෙන උදේ නිවසට යනවා තත්වය එය තමයි එහෙම නම් තමන්ගෙ රාජකාරි නොකල මුරකරුවාට මෙහි වරද පැවරෙනවා එහෙම කරද්දී දේශපාලුවො අතගැසුවොත් මගේ අදහස නිවැරදියි කියන්න