IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


පාසල් ක්‍රිකට් ලේකම් චණ්ඩියා වේ

ශ්‍රී ලංකා පාසල් ක්‍රිඩා සංගමයේ ලේකම් ඩිල්ෂාන්ද සිල්වා සංගමයේ උප සභාපති ජගත් සේනාරත්න මහතාගේ මවගේ මළ ගෙදරදී  කරන්දෙනිය ලංකාදීප වාර්තාකරු සුසිල් ප්‍රියන්තට බැන වැදී පහර දෙන්නට උත්සාහ කළැයි අම්බලන්ගොඩ පොලීසියට පැමිණිලි කැර ඇත.

ගුරුවරයකු ද වන ඔහු බොහෝ පිරිසක් ඉදිරිපිට තමාගේ චරිතයට හානි වන  අයුරින් තමා පසු එළැවු බවත්  වාර්තාකරුගේ පැමිණිල්ලේ සඳහන් වේ.

පැමිණිල්ල විභාග කිරීමට පැමිණෙන ලෙස එම පුද්ගලයාට පොලීසියෙන් දැනුම් දී ඇත.

 



අදහස් (0)

පාසල් ක්‍රිකට් ලේකම් චණ්ඩියා වේ

පියසිරි Thursday, 25 September 2014 06:13 AM

ඉතින් කියනවා වාර්ථාකරුවන් හට ලංකාව කරදරනැතිලු.(අ)

:       0       0

උපාලි Thursday, 25 September 2014 06:19 AM

මං හිතුවේ මහා ක්‍රිකට් මණ්ඩලේ කට්ටිය විතරයි චන්ඩි කියල ඒ ගොල්ල කරන දේවල් බැලුවහම. ප්‍රාදේශීය චන්ඩිත් ඉන්නවනේ දැන් බලනකොට. දේසපාලුවොත් එහෙම නේ. (අ)

:       0       0

සත්‍යපාල Thursday, 25 September 2014 06:22 AM

දේශපාලකයන්ගේ උදව්වෙන් එක එක තනතුරුවලට පැනගන්න අය තමන් එම තනතුරු දැරීමට නුසුදුස්සන් බව ප්‍රායෝගිකව ඔප්පු කර පෙන්නු එක අවස්තාවක් හැටියට තමයි ඔය සිද්ධිය අපිට තේරුම් ගන්න වෙන්නේ(අ)

:       0       0

ජීවන් Thursday, 25 September 2014 10:21 AM

ඔය කට්ටිය චන්ඩි වෙන්නේ අපි එයාට ගරු කලොත් විතරයි (දී)

:       0       0

නිශාන්ත ඩබ්ලිව්.ජි Thursday, 25 September 2014 06:53 AM

රනිල් මහත්තයාගෙ වසනාව.ජීනීවා වලට තවත් පැමිණිල්ලක්. (දී)

:       0       0

ලුම්බිණි Thursday, 25 September 2014 07:08 AM

හැම එකටම ගහන බනින එක අද කලාවක් වෙලා. මැති ඇමැතින්ගේ චන්ඩිකම් ඒ අය පස්සේ යන අයටත් බෝවෙලා. දැක්ක නේද චන්දෙන් පස්සේ උන දේවල්. මෙයාගෙන් තිබෙන කරදර මැද්දේ වාර්තාකරුවන් කරන්නේ අපරිමිත සේවයක්.(දී)

:       0       0

ප්‍රසාන් Thursday, 25 September 2014 07:13 AM

මේ චන්ඩින්ද අපේ පාසල් යන දරු දැරියන්ට ආදර්ශයක් දෙන්නේ? (දී)

:       0       0

නලා Thursday, 25 September 2014 07:32 AM

දේසපාලනයට පුරුදු පුහුණු වෙනවා වෙන්ට ඇති මගේ හිතේ ??(දී)

:       0       0

සකුන්තලා Thursday, 25 September 2014 07:35 AM

ඒ මනුස්සයට මොනවා හරි ජරා වැඩක් කරන්න ඇති. නැතුව නිකන් ගහන්න එලවන්නේ නැහැනේ. (දී)

:       0       0

වකෝ Thursday, 25 September 2014 07:40 AM

චණ්ඩින්ට කිසේම තනතුරක් දෙන්න එපා. (දී)

:       0       0

චානක. Thursday, 25 September 2014 09:29 PM

කෙනෙක් තව කෙනෙකුට අවමන් කිරීම, පහරදීම, තරවටු කිරීම නීතිය මඟින් සපුරා තහනම්. ශිෂ්ට සම්පන්න රටවල මෙහෙම දෙයක් කවුරුන් හෝ කළොත් කළ කෙනාට ඉතින් දෙවියන්ගේම පිහිට තමයි. (නි)

:       0       0

බන්දුල පෙරේරා Thursday, 25 September 2014 07:54 AM

ඔය ඉතින් පිටිපස්සේ ඉන්න දෙසපාලකයින්ගේ හයියනේ පෙන්නන්නේ (දී)

:       0       0

ප්‍රනාන්දු Thursday, 25 September 2014 01:33 PM

මාධ්‍යවේදීන්ට පහරදීම තරයේ හෙළා දකිමි. සියලු වෘත්තීන් දේශපාලනීකරන වීමේ අතුරු පල මේවා තමා.(අ)

:       0       0

ජෝර්ජි Thursday, 25 September 2014 08:22 AM

මෙහෙම මිනිස්සුන්ටද මහත්තයා කියන්නේ (දී)

:       0       0

චමින්ද Thursday, 25 September 2014 08:32 AM

සකුන්තලා නංගි, ඔයා තාම ලාබාල වැඩියි පත්තර වාර්තාකරුවෙකුට ලොකු ලොක්කෝ,යම් යම් දේශපාලන බලවතුන් තර්ජන ගර්ජන කරන්නේ ඇයි කියන එක තේරුම් ගන්න.දන්න කියන කෙනෙක් ගෙන් ඒ ඇයි, කියලා අහලා දැනගන්න. (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 208 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 167 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 967 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site