(රංජන් කස්තුරි)
අවතැන් කඳවුරු ලෙස පවත්වාගෙන යන හා හානියට පත් පාසල් 59ක් හැර රජයේ සෙසු සියලු පාසල් ලබන සඳුදා(5) යළි විවෘත කරන බව අධ්‍යාපන අමාත්‍යංශය පවසයි.
අවතැන් කඳවුරු ලෙස පවත්වාගෙන යන සබරගමුව පළාතේ පාසල් 15ක්, දකුණු පළාතේ පාසල් 10ක් හා හානියට පත් පාසල් 29ක් හැර සෙසු පාසල් එදින විවෘත කෙරෙනු ඇත.
ඒ අනුව බස්නාහිර පළාතේ සියලු පාසල් සඳුදා විවෘත කෙරෙන බවත් එම අමාත්‍යංශය සඳහන් කරයි.
මේ අතර අවතැන් කඳවුරු සඳහා සම්පූර්ණයෙන් හා අර්ධ වශයෙන් යොදා ගැනෙන පාසල් විවෘත කිරීම සම්බන්ධ තීරණ ගැනීමේ බලය කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් වෙත පවරා ඇතැයි ද අධ්‍යාපන අමාත්‍යංශය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නමුත් අවසානයේ මේ ළමයින්ටත් පෙනී හිටින්නට වෙන්නේ එකම තරඟ විභාග වලට නේද?
වැඩිදුර තොරතුරු දැනගන්න පාසල්වල නම් ලැයිස්තුවක් ගත්තා නම් හරි...