ගම්පහ පස්යාලේ දී පොලිස් වෙඩි පහරින් යතුරුපැදිකරුවකු මිය යෑම සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීමට විශේෂ පොලිස් කණ්ඩායම් දෙකක් පත් කර ඇතැයි පොලිසිය කියයි.
ගම්පහ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී විජිත කොමසාරු මහතාගේ මෙහෙයවීම යටතේ සහකාර පොලිස් අධිකාරී සඳසිරි බණ්ඩාර මහතා ද, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක මහතාගේ උපදෙස් පරිදි කැලණිය ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී පී ඊ විදිසිංහ මහතා ද පරීක්ෂණ ආරම්භ කර ඇත.
අණ නොතකා ගමන් කළ යතුරු පැදිය පොලිස් නිලධාරීයකු හප්පා පළා යන්නට තැත් කරද්දීම වෙඩි තැබූ බව පොලිසිය කියයි. යතුරු පැදියේ ගමන් කළ අනෙක් තරුණයා කියනුයේ පොලිස් අණ අනුව යතුරු පැදිය නතර කළ පසු පොලිසිය වෙඩි තැබූ බවයි.
සිද්ධිය වන අවස්ථාවේ පොලිසියේ පස් දෙනකු පමණ එම ස්ථානයේ සිට ඇති බව පොලිස් ආරංචි කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පන එයිද (දී)
මොන වරදක් කලත් නිරායුධ පුද්ගලයෙකුට වෙඩි තියන්න රටක පොලිසියට පුළුවන්කමක් තියනවද? මෙවැනි සිද්ධි වලින් වෙන්නේ මානව හිමිකම් උල්ලංගනය ගැන අපේ රට තවත් ඉහලට යන එක .................. (දී)
අපිව ගොනාට අන්දන වැඩ මේවා.නිතිය කියල දෙයක් නැති රටක මොකදට මේ වගේ කණ්ඩායම් 100ක් පත් කලත්... (දී)
ශිරාන් කියන දේ හරි (නි)
පොලිසියට අසීමිත බලයක් දී තිබෙන නිසා තමයි මේ වගේ දේවල් වෙන්නේ. අනික පොලිසියට පුලුවන්ද අණ නොතකා ගියත් මෙහෙම කරන්න? මම මේ නොදන්නා නිසයි අහන්නේ (නි)
මියගිය පුද්ගලයාට නිවන් සුව පතමි! (නි)
අණ නොතකා ගියා නම් වෙඩි තැබීම සාධාරණයි. නැත්නම් මෙයින් සාමාන්‍ය ජන ජීවිතය අවුල් වේවි. පාතාලයන් පැන යාවි. කුඩ්ඩන් රජ වේවි. නලින්, දන්නෙ නැති වුණත් ඔය වාගේ ප්‍රශ්න අහන්නේ නැතුව ඉන්න (නි)
පොලිසියට 400සිසි වගේ මොර්ටර් සයිකල් දීල තිබෙන්නේ මේ වගේ අවස්ථවල හඹා ගොස් කටයුතු කිරීමට, මම ඕනෑතරම් දැකල තිබෙනවා ඒවගේ අවස්ථා, එව්ලාවේදී අපි පොලිසිය අගේ කරා, ඒවගේම රේඩියෝ ෆොනේ දීල තියෙන්නෙත් මේවගේ රාජකාරිවලට වෙන්න ඕන, පොලිස් මාද්‍ය ප්‍රකාශක කල ප්‍රකාශයෙන් හා පරීක්ෂණයට ගිය පොලිස් නිලධාරියාගේ ප්‍රකාශයෙන් පේනවා සාධාරණ පරීක්ෂණයක් නොකෙරෙන බව. (දී)
නාමල්, යම්කිසි දවසක ඔබට මෙවැනි සිද්ධියක් වනවිට ඔබ වෙනුවෙන් කතා කරන්න කිසිවෙකු නැති වේවි. (නි)
අහිංසක ජිවිතයක් තමයි නැති උනේ (දී)
මේ අපරාධ අවසන් වෙන්නේ නැද්ද දෙවියනේ? ඔක්කොම මිනිසුන් මැරිලා අවසන් වුණාමද මේකට විසඳුමක් ලැබෙන්නේ? පොලිසියට කවුද මේ බලය දෙන්නේ? (නි)
එතකොට අණ නොතකා ගියාම සාමාන්‍ය ජන ජීවිතය අවුල් වෙනවද?නිකන් යන්නේ කොහෙද මල්ලේ පොල් කතා කියන්න එපා කමල් (නි)
පොලිස් කොමිසමක අවශ්‍යතාවය හොඳටම තිබෙනවා. (නි)
නිරායුධ ජනතාවට මෙහෙම කරන එක මම නම් අනුමත කරන්නෙ නැහැ කවදාවත් (නි)
පොලිස් නිලධාරීන් මෙපමණ ගණනක් ඉදිරියේ නිරායුධ සිවිල් වැසියෙක් ඝාතනය වීමෙන් ඇති වූ මේ ප්‍රශ්නය විසඳෙන්නේ කෙසේද කියා ජනතාව අවදියෙන් බලාසිටියි. (නි)
කණ්ඩායම් දෙකක් නොවෙයි හතරක් පහක් දැම්මත් පාඩු නැහැ (දී)
දැන් පොලිසියට කොකා ගස්සන මානසිකත්වය ඇවිල්ලා වගෙයි තියෙන්නේ .. (නි)
වෙඩි තැබීම නම් වැඩිවෙලා ලංකාවේ (දී)
ලෝකේ කිසිම රටක නීතියක් නැහැ වෙඩි තියල මරන්න .පොලිසියට උනත් නීතිය ක්‍රියාත්මක වෙනවනම් තමයි හරි. (දී)
ආයුධ දරන්නට නම් හොඳ නිරවුල් මනසක් ඇති වගකීමකින් වැඩ කරන චරිතයක් වෙන්නට ඕනෑ. නැතුව එහෙම හිතුන, හිතුන විදියට මහජනයාට වෙඩි තියන්න බැහැ. ඔහු නිරායුධ පුද්ගලයෙක්. මියගිය තරුණයාට නිවන් සුව පතමි. (නි)
අපරාදේ තරුණ ජීවිතයක් (නි)