බොරැල්ලේ කුඩු මිලාන් හෙවත් තුසිත චාමරට රාගම රෝහලෙන් ද, රටින් ද පැන යෑමට අසාර්ථක සහායක් දුන් බව කියන ආගමන විගමන සහකාර පාලකවරයෙක් ද, බන්ධනාගාර නිලධරයෙක් ද ප්‍රශ්න කිරීම සඳහා සැකපිට අත්අඩංගුවට ගනු ලැබූහ.
පසුගිය ජූනි 29 වැනි දා රාගම රෝහලෙන් පැන ගිය මොහු බොරු නමකින් මලයාසියාවට පැනීම සඳහා කටුනායක ගුවන්තොටේ සිටිය දී සඳුදා (26) අත්අඩංගුවට ගනු ලැබීය.
ඔහු ප්‍රධාන පෙලේ කුඩු අලෙවිකරුවෙකියි පොලිසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දුෂණය භීෂණය පිටුපස ප්‍රබල හස්තයක් ඇත. (නි)
ආගමන විගමන එකේ අයට මේවා සුළු දේවල්. රුපියල් ලක්ෂයක් දෙනවා නම් පාස්පෝර්ට් හොර පාස්පෝර්ට්, පරණ පාස්පෝර්ට් මකලා දැමීම සුළු දේවල් මෙයාලට. (නදී)
අයියෝ සල්ලි (දී)
අයියෝ සල්ලි (දී)
නීතියක් නැති රටක් ආශ්චර්යමත් නොවේවි. (නි)
මම පළමුවර ලංකාවෙන් පිටවුණේ ඉතාලියට ඒමට හොර වීසා එකකින්. තවමත් ඉතාලියට මම ආවා වගේම බොහෝ අය එනවා වෙනත් අයගේ ගුවන් බලපත් වලින් (නි)
කුඩු කොන්ටේනරයට ලියුම දීපු කෙනාට මොකද කරන්නේ? (නදී)
පාස් පෝර්ට් ඔෆිස් එකේ ඉන්නේ හොරු. නුවර ඔෆිස් එකත් හොර තිප්පොළක් වෙලා ඉවරයි. එ්කේ ඉන්නවා හොර ජේ.පී ලා. හොර ෆොටෝ එක එක විදිහට ගන්නවා ෆොටෝ කළු කරලා , සුදු කරලා (නදී)
මේ වගේ අයගේ උදවු නැතිව මේවා කරන්න බැහැ. (නදී)
ඉතින් කාව විශ්වාස කරන්නද? (නි)
හොද වැඩේ (දී)
හේෂාන්, උඩට නඟින්න උදව් කළ ඉනිමඟට පයින් ගහන්න එපා (නි)
අන්න හරි (දී)
සල්ලි විසිකරනවා නම් මොනවද බැරි අපේ ලංකාවේ. (නදී)
සල්ලි වලට මැරුන මිනිහත් යකා පෙරේතයා පවා දිව දික් කරනවා. එනිසා මේවා පුදුම විය යුතු නැහැ. උඩ සිට පහලට පාලකයාගේ සිට පාලනය වන අපත් මෙම අල්ලස් වලට සල්ලි වලට ගැති කම් කරනවා. කවුරුත් සෝවාන් හෝ රහත් බව ලබා නොමැති හෙයින් (නදී)
අත් අඩංගුවට ගත් අයට අබ සරණයි (දී)
මේ වනවිට රටින් පලාගොස් සිටින අපරාධකරුවන්ගේ ප්‍රමාණය බැලූවිට පෙනෙන්නේ දිගු කලක සිට මෙම ජාවාරම ක්‍රියාත්මක වූ බවකි. (අ)
ඔය එළි වුණේ ටිකයි වෙන්න පුලුවන් (නි)
මේගොල්ලන්ට රටින් පනින එක මහා කජ්ජක් නොවේ. මේ අය නිතරම ඉතාලියේ ගැවසෙන අය. හිටපු ගමන් ලංකාවට ගිහිල්ල නැවත මතු වෙනවා. (අ)