IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


පාස්පෝර්ට් සේවකයත් සැකපිට

බොරැල්ලේ කුඩු මිලාන් හෙවත් තුසිත චාමරට රාගම රෝහලෙන් ද, රටින් ද පැන යෑමට අසාර්ථක සහායක් දුන් බව කියන ආගමන විගමන සහකාර පාලකවරයෙක් ද, බන්ධනාගාර නිලධරයෙක් ද ප්‍රශ්න කිරීම සඳහා සැකපිට අත්අඩංගුවට ගනු ලැබූහ.

පසුගිය ජූනි 29 වැනි දා රාගම රෝහලෙන් පැන ගිය මොහු බොරු නමකින් මලයාසියාවට පැනීම සඳහා කටුනායක ගුවන්තොටේ සිටිය දී සඳුදා (26) අත්අඩංගුවට ගනු ලැබීය.

ඔහු ප්‍රධාන පෙලේ කුඩු අලෙවිකරුවෙකියි පොලිසිය කියයි.

 



අදහස් (0)

පාස්පෝර්ට් සේවකයත් සැකපිට

ඉසුරන්දි Wednesday, 27 August 2014 04:40 AM

දුෂණය භීෂණය පිටුපස ප්‍රබල හස්තයක් ඇත. (නි)

:       0       0

ප්‍රනීත් Wednesday, 27 August 2014 05:06 AM

ආගමන විගමන එකේ අයට මේවා සුළු දේවල්. රුපියල් ලක්ෂයක් දෙනවා නම් පාස්පෝර්ට් හොර පාස්පෝර්ට්, පරණ පාස්පෝර්ට් මකලා දැමීම සුළු දේවල් මෙයාලට. (නදී)

:       0       0

රන්ජි Tuesday, 26 August 2014 05:42 PM

අයියෝ සල්ලි (දී)

:       0       0

සමන්ත Tuesday, 26 August 2014 06:12 PM

අයියෝ සල්ලි (දී)

:       0       0

කමල් Tuesday, 26 August 2014 06:35 PM

නීතියක් නැති රටක් ආශ්චර්යමත් නොවේවි. (නි)

:       0       0

හේෂාන් මානවඩු ඉතාලිය Tuesday, 26 August 2014 07:21 PM

මම පළමුවර ලංකාවෙන් පිටවුණේ ඉතාලියට ඒමට හොර වීසා එකකින්. තවමත් ඉතාලියට මම ආවා වගේම බොහෝ අය එනවා වෙනත් අයගේ ගුවන් බලපත් වලින් (නි)

:       0       0

අපොන්සු Wednesday, 27 August 2014 07:45 AM

කුඩු කොන්ටේනරයට ලියුම දීපු කෙනාට මොකද කරන්නේ? (නදී)

:       0       0

සැම් Tuesday, 26 August 2014 12:17 PM

පාස් පෝර්ට් ඔෆිස් එකේ ඉන්නේ හොරු. නුවර ඔෆිස් එකත් හොර තිප්පොළක් වෙලා ඉවරයි. එ්කේ ඉන්නවා හොර ජේ.පී ලා. හොර ෆොටෝ එක එක විදිහට ගන්නවා ෆොටෝ කළු කරලා , සුදු කරලා (නදී)

:       0       0

ධම්ම Tuesday, 26 August 2014 12:28 PM

මේ වගේ අයගේ උදවු නැතිව මේවා කරන්න බැහැ. (නදී)

:       0       0

නිහාල් Wednesday, 27 August 2014 01:56 AM

ඉතින් කාව විශ්වාස කරන්නද? (නි)

:       0       0

Pamela Munitz Tuesday, 26 August 2014 01:35 PM

හොද වැඩේ (දී)

:       0       0

චන්ද්‍රා වීරසිංහ Wednesday, 27 August 2014 02:38 AM

හේෂාන්, උඩට නඟින්න උදව් කළ ඉනිමඟට පයින් ගහන්න එපා (නි)

:       0       0

රූපා Tuesday, 26 August 2014 01:55 PM

අන්න හරි (දී)

:       0       0

දයා අලහාකෝන් Wednesday, 27 August 2014 09:06 AM

සල්ලි විසිකරනවා නම් මොනවද බැරි අපේ ලංකාවේ. (නදී)

:       0       0

සුනිල් මාපලගම Wednesday, 27 August 2014 04:38 PM

සල්ලි වලට මැරුන මිනිහත් යකා පෙරේතයා පවා දිව දික් කරනවා. එනිසා මේවා පුදුම විය යුතු නැහැ. උඩ සිට පහලට පාලකයාගේ සිට පාලනය වන අපත් මෙම අල්ලස් වලට සල්ලි වලට ගැති කම් කරනවා. කවුරුත් සෝවාන් හෝ රහත් බව ලබා නොමැති හෙයින් (නදී)

:       0       0

පියුමි Tuesday, 26 August 2014 02:10 PM

අත් අඩංගුවට ගත් අයට අබ සරණයි (දී)

:       0       0

සඳුනි Tuesday, 26 August 2014 03:02 PM

මේ වනවිට රටින් පලාගොස් සිටින අපරාධකරුවන්ගේ ප්‍රමාණය බැලූවිට පෙනෙන්නේ දිගු කලක සිට මෙම ජාවාරම ක්‍රියාත්මක වූ බවකි. (අ)

:       0       0

නන්ද Wednesday, 27 August 2014 04:25 AM

ඔය එළි වුණේ ටිකයි වෙන්න පුලුවන් (නි)

:       0       0

නන්දන පනාගොඩ මිලානෝ Tuesday, 26 August 2014 03:46 PM

මේගොල්ලන්ට රටින් පනින එක මහා කජ්ජක් නොවේ. මේ අය නිතරම ඉතාලියේ ගැවසෙන අය. හිටපු ගමන් ලංකාවට ගිහිල්ල නැවත මතු වෙනවා. (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 284 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 189 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 995 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site