
(යොහාන් භාසුර)
විදේශ ගමන් බලපත්‍ර ගැනීම සඳහා දිනයක් සහ වේලාවක් වෙන්කරගැනීමේ ක්‍රමවේදය අද (19) සිට නැවත ආරම්භ කිරීමත් සමඟ බත්තරමුල්ලේ පිහිටි ආගමන විගමන දෙපාර්තමේන්තුව ඉදිරිපිට නොසන්සුන්කාරී තත්වයක් අද පෙරවරුවේ ඇතිවිය.
මෙම නොසන්සුන්කාරී තත්වය පාලනය කිරීම සඳහා පොලිසිය සහ පොලිස් කැරළි මර්දන ඒකකය කැඳවීමට පියවර ගත් අතර ජනතාව දෙපාර්තමේන්තුව තුළට යොමු කිරීමට පොලිසියට මැදිහත්වීමට සිදුවිය.
සේවා ගැනීමට පැමිණි ජනතාවට ආගමන විගමන දෙපාර්තමේන්තුව ඉදිරිපිට මාර්ගයේ දිගු පොලිම්වල රැදී සිටීමට සිදුවිය.
එහි රැදී සිටින ජනතාව පැවසුවේ දිනයක් සහ වේලාවක් වෙන්කිරීම අනිවාර්ය යැයි ජනතාව නිසිපරිදි දැනුවත් නොමැති බවත් යාපනය, මඩකළපුව, පොළොන්නරුව ආදි රට පුරා දුර බැහැර ප්‍රදේශවලින් පැමිණි ජනතාව මෙම තත්වයෙන් අපහසුතාවට පත්ව සිටින බවයි.
ආගමන විගමන පාලක ජනරාල් හර්ෂ ඉලුක්පිටිය මහතාගෙන් මෙම තත්වය පිළිබඳව කළ විමසුමකදී පැවසුවේ එක්දින සහ සාමාන්‍ය සේවා සඳහා දිනයක් සහ වේලාවක් වෙන්කරගැනීම අනිවාර්ය බවත් දිනයක් සහ වේලාවක් වෙන්නොකර එන පුද්ගලයන්ට සේවා සපයන්නේ නැති බවයි.
දිනයක් සහ වේලාවක් වෙන්නොකර කාර්යාලයට පැමිණ විවිධ ආකාරය බලපෑම් කළ හොත් සේවා සැපයීම කළ නොහැකි තත්වයකට පත්වන බව ද ආගමන විගමන පාලක ජනරාල්වරයා වැඩි දුරටත් සඳහන් කළේය.
COMMENTS
පේනවා නේද මේ මේ වලෙන් මිනිස්සු එළියට යන්න හදන්න විදිහ? පාලකවරු ලැජ්ජ වෙන්න ඕනේ
මේක හොර ගුහාවක් ,පගාව ගහන්න දමන උප්පරවැට්ටියක් මොකක්ද මේ විහිලුව? වැඩි මුදලක් ගෙවල තනි දවසින් මනුස්සයෙක් පාස්පෝර්ට් එකක් ගන්න එන්නේ හදිසි අවශ්‍යතාවයකට , එකට කලින් දිනයක් වෙන්කරගන්න කියන එක අසාධාරණය. ලංකාවේ අවශ්‍ය ප්‍රමාණයට වැඩිය තුන්ගුණයක් පමණ රජයේ සේවකයන් ඉන්නවා , සියලු සැපපහසුකම් සහිත නවීන විශාල ගොඩනැගිල්ලක් බත්තරමුල්ලේ තිබෙනවා. තවත් ශාකා කාර්යාල රටේ විවිධ නගරවල තිබෙනවා. මිනිස්සු පාස්පෝර්ට් ගන්නේ නිකන් නොවේ සල්ලි ගෙවලා , ලංකාවේ මිනිස්සුන්ගේ වැටුප සමඟ සන්සන්ධනය කරන කොට මේක විශාල මුදලක් , ඉතින් විශාල පෝලිම්වල නොසිට එන කෙනෙකුට එදින පාස්පෝර්ට් එක අරන් යන්න ක්‍රමවේදයක් හදන්න බැරි මොකද? බැරිනම් කොමසාරිස්ව අස්කරලා පුළුවන් කෙනෙක් පත්කරගන්න. මේවා තමා අපි ඉල්ලන සිස්ටම් චේන්ජ්, පුරවැසි අපි ඉර හඳ ඉල්ලන්නේ නැහැ.
හර්ෂ එතකොට අර බ්‍රිතාන්‍ය ජාතික ඩයනාට පාස්පෝට් නිකුත් කලේ නීත්‍යානුකූලවද?
දවසින් දවස එක එක දේවල් දානවා. රටට ධනයක් උපයන රට ... යන්න හදන තැන ඉඳලාම අවුල්...
ගුවන් බලපත්‍රයක් නිසි ක්‍රම වේදයකට අනුව, පෝලිම් වල රස්තියාදුවකින් තොරව ලබා දීමට කිසියම් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර ගැනීමට නොහැකි, පාලකයින්ට හා ඊට අදාළ රාජ්‍ය නිලධාරීන්ට හැකියාවක් නොමැති නම්, මේ රටේ බදුගෙවන ජනතාව කොහොමද මේ කාලකන්නිත් එක්ක මේ රටේ ජීවත් වෙන්නේ...?අනික ලෝකයේ බල්ලෙක් වත් පිලි නොගන්න මේ සිරිලංකා පාස්පොර්ට් එකට ගන්න ගාන නම් අය කරනවා ඉහලින්ම... අහල පහල තියන සිංගප්පුරු රටේ ඉලෙක්ට්‍රොනික ගුවන් බලපත්‍රයෙන් ගෞරාන්විතව සංක්‍රමණය කරන ඒ රටේ ගුවන් මගීන්ට එයාර්පෝර්ට් දොරවල් ඉබේටම විවර වෙද්දී, ලෝකයේ ප්‍රෞඩ ජාතිය කියලා මනෝ විකාරෙන් හිතාගෙන ඉන්න සිරි ලාංකික යක්ඛ පුතුන් හා යක්ඛ දියණියන් බලු කුක්කන් මෙන් ඒ රටවලත් පෝලිම් ගස්සවා ප්‍රශ්න කර මුදාහැරීමේදී දැනෙන ජාතික අභිමානය ගැන නම් කියල වැඩක් නැහැ නේද..?ලෝකෙටම ලොක්කෝ කියලා හිතාගෙන හිටියට ලංකාවේ ඇතුලෙත් බලු කුක්කෝ බන් උඹලා... පුහු දේශප්‍රේමෙන් ඔද්දල්වී තව කඹුරපල්ලා ලංකාවේ පාලකයින්ට!!!.
ඉන්න දෙන්නේත් නැ යන්න දෙන්නේත් නැ මාර කරුමයක් මේක
එක්දින පාස්පෝර්ට් ගන්න එන්න දින වෙන් කරගන්නේ මොන මගුලකටද ?මොකක්ද මේ නිලධාරීන්ට වෙලා තිබෙන්නේ ? මුන් නිකරුනේ බොරු පෝලිම් හදනවා පගාව ගහන්න , පසුගිය දිනවල පාස්පෝර්ට් එකේ මිල වැඩි කලට සපයන සේවය නම් සාධාරණ නැහැ ,යම්කිසි ක්‍රමවේදයක් සකස් කරලා ඉල්ලුමේ විදිහට සැපයුම දෙන්න බැරිද ? පසුගිය දවස්වල මේකේ ලොක්ක මදය වල ලොකු ටෝක් දුන්නට වැඩ අවුල් ,ඇමති නිදිද ? රනිල් වැඩ පෙන්වන්න ඔන්න අවස්ථාවක් ,
අත යටින් ගණුදෙනුවක් කරලා පැය 2න් පාස්පෝට් එක හදලා දෙන අය ඕනෑතරම් ඉන්නවා ඕකේ. ඉලුක්පිටියත් කන බොන මිනිහා...
මෙම නිලධාරීන්ට අහිංසක දුප්පත් ජනතාව තදනයට පිඩනයට ලක් කරන්න හැමදාම ඉඩ දෙන්න බැහැ ,හැමෝම සංවිධානය වෙලා මේවා වටකරන්න ඕනේ , නිලධාරීන් ඉන්නේ අපිට සේවය කරන්න මිසක් අපි ඔවුන්ගේ වහලුන් නොවන බව සිතට ගන්න ඕනේ .
ආගමන පාලක ජනරාල් කිව්වාට, අදම දිනයක් ගන්න පුළුවන් රුපියල් තිස්දාහක් දෙනවා නම්, ඔය දෙපාර්තමේන්තුවේ හැම නිලධාරියෙක්ටම දිනකට එක බැගින් කෝටාවක් දිලා තියෙනවා. ඒක එළියේ තැරැව්කරුවන් හරහා රුපියල් තිස්දාහකට විකුණනවා...
පගාව ගහලා හම්බකරන මුදල් සමූපකාර ක්‍රමයට හැමෝටම ලැබෙනවා ලොක්කන්ගේ ෂෙයාර් එක වැඩියි...
අද ගියා විදේශ ගමන් බලපත්‍ර කාර්යාලයට අලුත් කරන්න. එපා වුණා. පුදුම වදයක් දුන්නා අපිට. ඇයි එහෙම කරන්නේ?
එතැන ඉතාම ලස්සනට වැඩ කරගෙන ගියා ගෝටා ආවාට පස්සේ සේරම ඉවරය