(අංජුල මහීක වීරරත්න)
පොසොන් උත්සවය වෙනුවෙන් දන්සැල් තොරණ ආදිය පැවැත්වීමට අවශ්‍ය ආරක්ෂාව හා පහසුකම් ලබා දෙන ලෙස අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අදාළ අංශ වෙත උපදෙස් ලබාදී ඇත.
වෙසක් උත්සවය බෞද්ධ ජනතාව ප්‍රතිපත්ති පූජාවට මුල්තැන දෙමින් පැවැත්වුවද ආමිස පූජා පැවැත්වීමට නොහැකි වීම නිසා පොසොන් උත්සවය එම අවස්ථාවන් දෙකම ලබාදීමට අවශ්‍ය කටයුතු සලසා දෙන ලෙසද රනිල් වික්‍රමසිංහ මහතා දුන් උපදෙස්හි සඳහන්වේ.
බුද්ධ ශාසන අමාත්‍ය ගාමිණි ජයවික්‍රම පොරේරා මහතා හා වැඩබලන පොලිස්පතිවරයා වෙත අගමැතිවරයා ඉහත දැනුම් දීම කර තිබේ.
රටක් ජාතියක් ලෙස ත්‍රස්තවාදයට බිය නොවන බව පෙන්විය යුතු බවත් එම නිසා පොසොන් උත්සවය ඉහළින්ම සැමරීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කරන ලෙසත් අගමැතිවරයා දුන් උපදෙස්වල වැඩිදුරටත් සදහන් වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇත්තටම කිව්වද ..? ඒ කියන්නේ මෙච්චර කල් බොරුවට කියලා තියෙනවා කියන එක නේද ? හා හා හා අපිට බොරු කිව නේද "මෙයා."....
තත්වය පාලනය කරලයි තියෙන්නෙ කියනවා නේද? එහෙනම් මොකටද ආරක්ෂාවක්.
මීට පෙර ඉතිහාසයේ සිංහල බෞද්ධයෝ පොසොන් උත්සවය පැවැත්වුයේ ආරක්ෂාව යටතේද? අපි ආරක්ෂා විය යුත්තේ කාගෙන්ද?