(චමිල් රුපසිංහ)
පොසොන් මංගල්‍යය නිමිත්තෙන් සංවිධානය කර ඇති වෙසක් උත්සව හා දන්සැල් ආදිය සදහා වියපැහැදම් කරන දෙයින් කොටසක් හෝ මේ පොසොන් මංගළ්‍ය උත්සවයට සමානවම පින් සලකාගෙන නායයාමෙන් හා ගංවතුරෙන් අනාථ වි උන් හිටි තැන් නැති ව ඇඳිවත පමණක් ඉතිරිව සිටින ජනතාව සඳහා පරිත්‍යාග කරන ලෙස ඒවා සංවිධානය කරන පිංවතුන්ගෙන් ඉල්ලා සිටින බව තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මල්වතු පාර්ශවයේ මහා නායක හිමියෝ අද(28) මාධ්‍ය හමුවේ විශේෂ ප්‍රකාශයක් කරමින් පැවැසුහ.
අසරණ ජනතාවට ලැබෙන දේ සාධාරණව බෙදා දීමට නිසි වැඩ පිළිවෙළක් ඇති කළ යුතු බවත් කී ඒ හිමියෝ ආමිස පූජාවට මුල් තැන දෙමින් අසරණයන් වෙනුවෙන් දාන මාන සිදුකරන ලෙසත් පැවසූහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එතකොට මල්වත්තෙන් මොකුත් දෙන්නේ නැද්ද? පිරිත් නුල් ටිකක්වත්....
අපේ රටේ ජනතාව හරිම ත්යාගශිලියි. මේ වගේ අවස්ථාවක සියලු දෙනා ම එකතුවී විපතට පත් ජනතාවට සහන සැපයීමට අප කැප වී ක්‍රියා කරනවා... අපි ඔබ වහන්සේගෙන් ඉල්ලන්නේ යම් කිසි මුදලක් විපතට පත් අපේම ජනතාව වෙනුවෙන් වෙන් කරන්න කියලයි... අන්‍ය ආගමිකයන්ට කරදරයක් වෙන අවස්ථාවලදී ඔවුන්ගේ පල්ලි වලින් ඔවුන්ට ආධාර දී ඔවුන්ව රැක බලාගන්නවා.. ඔවුන් උපදෙස් දෙනවට වඩා ක්‍රියාවෙන් ඔප්පු කර එය පෙන්වනවා... බුදු සරණයි..
අස්ගිරියේ මහානායක ස්වාමීන්වහන්සේ ඉල්ලීමක් කළාට පස්සේ නේද මේ ඉල්ලීම කරන්නේ?
අපිට නම් පුළුවන් විදියට දැනටමත් මේ අහිංසකයන්ට පරිත්‍යාග කළා. එත් මේ කෝටි ගණන්, බිලියන ගණන් ගන්න දේශපාලකයෝ කීදෙනෙක් මේවට උදව් කළාද ? නෑනෙ... හරි තීරණ නොගැනීම, ගඟ දෙපස වැලිගොඩ දැමීම, පහත්බිම් ගොඩ කිරීම, නිසි වැඩ පිළිවෙලක් නොමැතිකම සහ තවත් නොයෙක් හේතු තියෙනවා...
අනේ... තරහ අවසර හාමුදුරුවනේ මහජනතාවට නෙවේ රට කරවන ඇත්තන්ට අනුශාසනාකරන්න. ඔවුන්ගේ සුපිරි ජිවිතවලට හදිසියේ වෙන් කරගන්නා මුදල් කපාහැර ඒවා මේ අසරණ මිනිසුන්ට දෙන්න. සාමාන්‍ය ජනතාව කව්රු කිවත්, නොකීවත් මනුස්සයෙක් විපතට වැටිලා ඉන්න වෙලාවට නොමසුරුව උදව් කරනවා.
ඔබ වහන්සේට රටට වුණ මේ විපත පෙනුනා වාගේ අනිත් විපත් පෙනේවා....
අනේ එහෙම කරන්න එපා.... කවුරු හරි සල්ලි දෙනවා නම්, ඒවා ඇමැතිවරුන්ට සුඛෝපභෝගී කාර් ගන්න දෙන්න. ඒ අය ඉතාමත් දුක්ඛිත ජිවිතයක් තමයි ගත කරන්නේ...
හාමුදුරුවනේ දකින ගං වතුර උවදුරට වඩා ඔබවහන්සේලා නොදකින උවදුරු ගොඩක් තියෙනවා... ඒවටත් පෙනීහිටියොත් සංඝයා වහන්සේලාගේ කාර්යභාරය මිනිස්සුන්ට පේනවා. එදා වාරියපොළ සුමංගල හිමි ජීවිතයෙන් වන්දි ගෙව්වේ කියවලා නෙමේ ක්‍රියාවෙන් ඔප්පු කරලා...
අපේ හාමුදුරුවනේ, දන්සල් දීම කුසගින්න නිවා ගන්න උපකාර කිරීමක්, ඒ වගේම ආධාර දීමත් වඩා ලොකු පිනක්....