ප්‍රවීණ සාහිත්‍යධරයකු, ගත්කතුවරයකු, පරිවර්තකයකු හා විශ්ව විද්‍යාල දේශකයකුවූ පසන් කොඩිකාර මහතා අද (23) අභාවප්‍රාප්ත විය.
මිය යන විට 52 හැවිරිදි වියේ පසුවූ ඒ මහතා ප්‍රවීණ පුවත්පත් කලාවේදී සිරිලාල් කොඩිකාර මහතාගේ පුත්‍රයෙකි. අක්මාවේ අසනීප තත්ත්වයක් හේතුවෙන් ඔහු රෝහල්ගතව සිටියේය.
සිංහල, ඉංග්‍රීසි හා රුසියා භාෂා හැසිරවීමේ මනා පරිචයක් ඔහු සතු විය. කොළඹ විශ්ව විද්‍යාලයේ ශ්‍රී පාලි මණ්ඩපයේ බාහිර කථිකාචාර්යවරයකුද වන ඔහු රුසියානු සාහිත්‍යයේ ග්‍රන්ථ රාශියක් සිංහලට පරිවර්තනය කර ඇත.
කොඩිකාර මහතාගේ පරිවර්තන කෘතින් අතර නිරුවත් ගැහැණිය, මාස්ටර් සහ මගරීටා වැනි කෘතීන් වේ. 1859 දී චාල්ස් ඩාවින් ලියා පළ කළ The Origin of Species නම් සුප්‍රසිද්ධ කෘතිය 2010 දී සිංහලට නැගුවේද පසන් කොඩිකාර මහතාය.
සෝවියට් දේශයේ ලුමුම්බා සරසවියේ විද්‍යාර්ථියකුවූ පසන් කොඩිකාර මහතාගේ දේහය අවසන් ගෞරව පිණිස හෙට උදෑසන සිට බොරැල්ල ජයරත්න මල්ශාලාවේ තැන්පත් කර තැබෙනු ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොඳ මිනිස්සු හැමෝම ඉක්මණින් අප අතහැර යනවා (නි)
ඉපිද මැරේ-යලි ඉපදේ කලකදී සිතේ රැඳේ...(බ)
ඔබ වැනි මිනි පහනක් ගැන අහන්න ලැබුනේ අද . නමුත් වෙලේ සුදා ගැන පත්තර වල හැම දාම පල උනා (නදී)
නිවන් සුව ඔබට ! (අ)
මෙවැනි උගත් බුද්ධිමත් මිනිස්සු අපි අතරින් දවසින් දවස නික්ම යද්දී ඒ වෙනුවට ආදේශ වන්නේ වැදගැම්මකට නැති අය ටිකක් විතරයි. (අ)
සදා මතකයෙන් නොමැකෙන උත්තරීතර වූ ගුරු පියාණෙනි,යළිත් අප අතර උපදිනු මැන! (නි)
පසන්, උඹ මිනිසුන් අතර මිනිහෙක්. සැබෑ සහ අව්‍යාජ මිනිහෙක්. බොහෝ මිනිසුන් මේ ලෝකයේ යථාර්තය ලෙස බොරුව දකිද්දී උඹ එය දැක්කේ වෙනස් වූ මානව හිතවාදී වූ අපේ ලෝකයේ ඇසකින් බව නිතරම අප දුටු දෙයකි. උඹ සදාකල් අප හදවත් තුල සිටින බව මම දනිමි. නුඹ නොපැතූ එහෙත් අප සිතූ නිවන් මග කවදා හෝ නුඹටද සැනසීමක්ම වේවා! (නදී)