වලල්ලාවිට වෙදවත්තේ ගැමියෝ පැරැණි සිරිත් වලට මුල් තැන දී අවුරුදු උළෙලක් සංවිධානය කළහ.ගමේ ප්‍රභූවරයා වූ ආරච්චි ගෙදර ඔහුගේ සශ්‍රීකත්වය සංකේතවත් කරන වී බිස්ස ද එහි විය. තවත් තැනෙක ගම්සභා ශාලාව ද කමත ද ගැමි ගෙදර ද තනා තිබිණි. ආරච්චි ගෙදරට අවුරුදු ගමන් ආ සියලු දෙනා ආරච්චි හා මැණිකේ විසින් පිළිගනු ලැබූහ.
ඔන්චිලි වරම් , රබන් වැයුම්, ජන ගායනා , කොට්ටා පොර , කණා මුට්ටි බිඳිම, ලිස්සන ගස නැගීම ආදි අවුරුදු ක්‍රීඩා රැසක් ද පැවැති මේ සඳහා මීගහතැන්න පොලිසිය වෙදවත්ත තරුණ පිරිස මිරිස්වත්ත වීදී නාට්‍ය කණ්ඩායම සහ වෙදවත්ත ව්‍යාපාරික පිරිස මේ සඳහා මූලිකත්වය ගත්හ




1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේවා අගය කරන්න ඕන වැඩ. අපේ අලුත් පරම්පරාවෙන් ගිලිහී යන දේවල්. බොහොම හොද වැඩක්. මේ වගේ දේවල් වලට අපේ කට්ටිය අදහස් ඉදිරිපත්කරන්නේ නැහැ. වෙන බහු බූත බැඩ වලටනම් කමෙන්ට් දහස් ගණනක් දානවා. හොද දේ අගය කරන්න පුරුදු වෙයව් සිහළුනේ.
මේක ඉතාමත්ම හොද කාර්යයක්. ආරච්චිගේ ඇදුම ඉතාමත් උසස් තත්ත්වයේ තියෙනවා. ඒ වගේම මැණිකෙගේ ඇදුමත් හොදයි. වී බිස්ස නිර්මාණයත් විශිෂ්ඨයි. අපි සුබපතනවා.
මෙය විශිෂ්ට දෙයක්. මුළු ලෝකයටම 2500 වසරක අපේ ශ්‍රේෂ්ඨ සංස්කෘතිය විදහා දැක්විය හැකි කාර්යයක්.
විශිෂ්ඨයි.
අපගේ "වටිනා සංස්කෘතිය" බටහිර ජාතීන් අපව පාලනය කිරීමට ගත් මුල් අවදිය පෙන්වන්නක් වැනියි. ආරච්චි කියන සංකල්පය බටහිර පාලකයන්ගේ හීරාරචි ක්‍රමයෙන් පැවත එන්නක්. මෙයින් පෙනී යන්නේ අපේ සංස්කෘතියට සුද්දා සම්බන්ධයි කියන දෙයද ? සමහර පණ්ඩිතයන් හිතනවා වගේ මෙය පාරිශුද්ධ සංස්කෘතියක් නොවෙයි.
අලුත් පරපුරට මේක හොද ආදර්ශයක්
දැන් අපි සදාචාරපරිහානියට මුහුණදීලා හමාරයි. ගෝලීයකරනය බටහිරකරනය නිදහස් ශිෂ්ඨාචාරය අපව අක්‍රමණය කරල. තාක්ෂණ දියුණුවේ වේගය නිසා ගෝලිය ග්‍රාමය ගෝලිය පවුල කියන තරමට ලෝකය හැකිලිලා. නිවියොක් නගරයේ හදුන්වලා දෙන අදුමි විලාසිතාවක් හදුන්වාදුන් පමණින් පසුදා එලිවෙන්නත් ඉස්සෙල්ලා ලොව පුරාම පැතිරිලා. අද යටට අදින ඇදුමි උඩට අදින කාලයක් මෙම උත්සහය හොදයි. එය පිංතුරයට පමණක් සීමා නොවී ප්‍රායෝගික වියයුතුයි.
දැන් භැදෙන අලුත් පරපුරට වටිනාම දෙයක්.
ඉතාම හොද වැඩක්. අපෙන් මේවගේ දේවල් ඈත්වෙලා යන කාලෙක ඔබගේ මේ වෑයම අගය කළ යුතුයි.
ඉතාමත්ම වටිනා ක්‍රියාවක්. අපේ බාලපරම්පරාවට අපේ එදා දවසේ ගම තිබූ ආකාරය ගැන දැනකියාගන්න මෙය කදිම තෝතැන්නක්. සියළු දෙනාටම ස්තූතියි !