හම්බන්තොට නගරාධිපති එරාජ් ප්‍රනාන්දු පොලිස් විශේෂ විමර්ශන කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගනු ලැබ සිටියි.
2014 මාර්තු මාසයේ සන්ධාන අපේක්ෂකයකුට පොලිසියේ දී පහරදී පොලිස් අත්අඩංගුවේ සිටි තවත් පුද්ගලයකු පැහැර ගත්තායැයි ඔහුට එරෙහිව පැමිණිලි කැරඇත.
ගිය වසරේ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී කණ්ඩායමක් හම්බන්තොට වරාය හා මත්තල ගුවන්තොටුපොළ බැලීමට ගිය අවස්ථාවේ පිස්තෝලයක් ගෙනවිත් තර්ජනය කිරීමේ සිද්ධියට ඔහු සම්බන්ධ වී සිටියි.
සහකාර පොලිස් අධිකාරී මෙවන් සිල්වා මහතාගේ මූලිකත්වයෙන් සිදුකළ පරීක්ෂණ ඔස්සේ මොහු අත්අඩංගුවට ගෙන ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔහු ගෙන් නගරයට සේවයක් වී ඇති බවද සැලකීය යුත්තකි (ම)
කෝ අර ගුරුවරිය දනගස්සපු එකා? (බ)
මට මතකයි මෙයාගේ නැටිල්ල සංදර්ශනය , පසු ගිය රජය කාලේ , නිතිය අතට ගෙන නිතිය කියන්නේ තමා කියා සිතා සිටි , මැර බලය පාතාලය සමග ජිවත් වූ කෙනෙක් (බ)
දැන් ඉතින් මෙයත් ලෙඩ වෙයි.(හේ)
බලය සැමදා නොරැදේ බලය නොමැතිදා අසරනවේ හැම දෙයක් ගැනම උපේක්ෂා සහගතව සිතීමෙන් හරිමග ගමන් කළ හැක. (බ)
මෙයා සෙල්ලම් ළමයා. පොලීසිය ඇතුලෙත් සෙල්ලම් කරාවී. (බ)
සෙල්ලම් නගරාධිපතිට හොඳ වැඩේ. අර ගුරුවරුන්ව දන ගස්වපු හරකට මොකද කරන්නේ. (බ)
දැන් ඉතින් කළ පවු වල විපාක ගෙවන්න වෙනවා.(හේ)
පළිගැනීමක් කියල පාරට බහිමු. (බ)
ඉතා හොඳ වැඩක්, අනාගතයේ මෙවැනි දේවල් සිදු නොවීමට.(බ)
පොලිසිය මෙතරම් අසරණ මොකද ? (බ)
සෙල්ලම් පිස්තෝලෙන් වැඩ පෙන්නුවා නම් දැන් සෙල්ලම් ගෙදර සෙල්ලම් බත් කාල එන්න. (බ)
සෙල්ලම් පිස්තෝලයත් එක්කද අත්අඩංගුවට ගත්තේ? හම්බන්තොට ඉන්න මගේ යහලුවෙකුට කියන්නම් සූප්පුවකුයි කිරි බෝතලෙකුයි පොලිස් කූඩුවට ගෙනිහින් දෙන්න කියල. පව්. පොඩි එකාගේ නැපිය මාරු කරලත් නැතුව ඇති. (බ)
මෙයා මේ සෙල්ලම් පිස්තෝලයක් අරගෙන කරපු පොඩි සෙල්ලමක් නේ පවු පළිගන්න එපා (බ)
පොලිසිය අසරණ වන්නේ පාදඩ දේශපාලනය නිසයි. මේගොල්ල වගේ අයට ඡන්දය දෙන ගැතියන් එයට වගකිව යුතුයි. වරද පොලිසිය අතේ නොව පාදඩ දේශපාලනේ (බ)
පොලීසියේ නිලධාරීහු ද මනුෂ්‍යයෝය.(බ)
වතුර බෝතලයක් ද දන්නේ නැහැ අතේ තිබ්බේ. (බ)
පරණ කුණු රෙදි අලුත් ලොන්ඩරියට (බ)
මෙතන කමෙන්ට් දැකල මට හිනාව වවා ගන්න බැරුව ගියා, ඔෆිස් එකේ කට්ටිය බලනව මොකද මේ කියලා. (ර)