පාරිභෝගික සේවා අධිකාරිය කොළඹ මහජන පුස්තකාලයේ කැන්ටිමට අද සීල් තැබීය.
ආපනශාලාවේ තිබී නරක්වූ රොටී, හොදි ආදිය සොයා ගත් බව අධිකාරිය පවසයි.
අධි ශීතකරණයේ තිබූ පොල් සම්බෝල පුස් බැඳී තිබූ අතර උසුලා ගත නොහැකි ගඳක් දැනුණු බව නිලධරයෝ කියති.
පාරිභෝගික සේවා අධිකාරිය කොළඹ මහජන පුස්තකාලයේ කැන්ටිමට අද සීල් තැබීය.
ආපනශාලාවේ තිබී නරක්වූ රොටී, හොදි ආදිය සොයා ගත් බව අධිකාරිය පවසයි.
අධි ශීතකරණයේ තිබූ පොල් සම්බෝල පුස් බැඳී තිබූ අතර උසුලා ගත නොහැකි ගඳක් දැනුණු බව නිලධරයෝ කියති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙය කොලබ මහා නගර සභාවට අල්ලපු ඉඩම. මෙතරම් කාලයක් මේ දේවල් සොයා නොබැලුවේ ඇයි? නගරයෙන් දුර පිහිටි ඒවා ගැන කවර කතාද? (කේ)
මහත්තරුනි ඉස්සරින් අපට පෙන්වන්න ඔයාල ඕව බලන්නේ ආරක්ෂක අත් වැසුම් දාගෙනද (කේ)
මේක හොයාගත්ත එක නම් ලොකු දෙයක් (නි)
දුර ගමන් යන බස් තේ බොන්න නවත්වන තැනුත් මේ වගේ පරීක්ෂා කරන්න මේ මහත්වරුන්ට පුළුවන් නම් ඒක ලොකු පිනක් (නි)
මිට අවුරුදු 25 කට වඩා කලිනුත් ඔය කැන්ටිමේ කෑම ඔය විදියම්ය්. පුදුමේ කියන්නේ ෂීල් තියල තියෙන්නේ ඊයේ පෙරේදා. (කේ)
හොද වැඩක් ! මුලිකම දේ ගන්න අහර වේල හොදට දෙන එක අහාර නරක වීම තුලින් ඇතිවන රෝගාබදවලට මනුස්ස ජීවිත නැතිකිරීමට හැකිය මෙවැනි වරදවල් වලට මම සිටිනා රටේ උපරිම දඩුවම් දී දඩමුදල් ද ගනී නැවත ලියපදිංචි වීමටද බැරිය සිරගත වීමට සිදුවේ !! (අ)
අහිංසක මිනිසුන්ද (දරුවන්ට) ඕව තමයි ඉති කන්න දෙන්නේ රත් කර කර .හෙන ගහනවා.තව කොච්චර තැන් ඇද්ද තව (කේ)
ගෙදර හදාගන්න කෑම වේල තරම් මොකුත් වටින්නේ නැහැ. කඩවලින් කන අයට මේවා හොඳ පාඩම් !!! (නි)
මිනිස් ජිවිත විනාශකරන ලෙඩ රෝග සාදන මෙවැනි ආහාරපාන විකුණන අයට නීතියෙන් දිය හැකි උපරිම දඬුවම් දෙන්න. අනෙකුත් මෙවැනි වෙළෙන්දන් හට දැන ගැනීමට (නි)
අපි හැමදාම කන්නේ මේකෙන්. කවදාවත් අපිට කිසිම දෙයක් වෙලා නැහැ (නි)
අපි පොඩි කාලයේ ඉඳලම ඔය පුස්තකාලයට ගිහින් තිබෙනවා. මට මතකයි අපේ අම්මා අපි පොත් කියවල ඉවර වුනාට පසුව ගෙදරින් ගෙනාපු කෑම එහා පැත්තේ ළමා උද්‍යානයට අපිව එක්ක ගිහින් කන්න දෙනවා. වතුර බෝතල් ගෙදරින් ගේන්නේ. දැන් නුතන අම්මල සමහරුන්ට කුස්සියේ වැඩ කරන්න අපහසු හෝ මදි කමක් නිසා පුස්තකාලයට හෝ ඉගෙන ගන්න එලියට බහින ළමයාට ගෙදරින් කෑම ටිකක් හදල දෙන්න අමාරුයි. ඉතින් මේ වගේ ආපන ශාලා හිමියන් තවත් පොහොසත් වෙනවා. (නදී)
ලංකාදීපයට ගොඩක් ස්තුතියි මේ වගේ ඡායාරූප පළකරනවට.මේක කැන්ටිමක් නෙමෙයි, මිහිපිට නරකාදියක්! මේ ජරාව කන්න දීලා සල්ලි හම්බකළ අයට උපරිම දඬුවම් දියයුතු වෙනවා. මොකද මෙවැනි ආහාර සපයන ආයතන නිතිපතා පරික්ෂාවට භාජනය නොකරන්නේ?මේ කැන්ටිම පුස්තකාල භාරයට ගෙන පිරිසිදුකර, ගුණාත්මක ආහාර වේලක් මහජනයාට සැපයීමට සළස්වන්න. (නි)
චාන්දනී, අපේ රටේ අම්මල තාත්තලාට චැනල් මාරු කරකර විප්‍රකාර ටෙලි නළු බලන්න වෙලාව තිබුනට දරුවන්ට කෑම ටිකක් හදලා දෙන්නවත් දරුවෝ හැකි තරමින්වත් එව්වට හවුල් කර ගන්නවත් කාල වෙලාව වත් සිහි නුවණක් වත් නොතිබීමේ අරුමය තමයි මේ. (බ)
ඔය එකක්නේ! මුළු ලංකාවේම හෝටල් ඔක්කොම එකයි. ඉස්සරහ ලස්සනයි, පස්ස ගන්න දෙයක් නැහැ. (නි)
අනේ! ඒ කාලේ ඉඳලම තිබුණ සම්බෝලද කොහෙද. (නි)
ෂීක්! දැක්කහම අප්පිරියයි (නි)
පළාත භාර මහජන සෞඛ්‍යය පරීක්ෂක වරයා මර නින්දේද? (කේ)
අපි ජරාවනේ කල තියෙන්නේ ........ (කේ)
අපිත් කාල තියනවා පින නිසා බේරුනා (කේ)
ඔක පරමිපරා ගත ප්‍රශ්නයක් යන්තමි ඇති සීල් තිබිබා(කේ)