එදා ආණ්ඩුව කරපු වැඩගැන මේ ආණ්ඩුව විපක්‍ෂයට බනින නමුත් ඒවා සියල්ලක්ම කළේ මහින්ද රාජපක්‍ෂ තනියම නොව වත්මන් ජනපති සිරිසේන ඇතුළු මුළු කැබිනට් එකම සමග බැවින් වත්මන් ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා ද ඊට වගකිව යුතු බව හිටපු ජනපති මහින්ද රජපක්‍ෂ මහතා ඇඹිලිපිටියේදී පැවසීය.
‘වත්මන් ජනපතිවරයාට ඒ වගකිම්වලින් මිදිය නොහැකි බවද අවධාරණය කළ රාජපක්ෂ මහතා ඒ නිසා විපක්‍ෂයට බැන බැන නොසිට ජනතාවට වැඩක් කරන ලෙස ද ඉල්ලා සිටියේය.
‘2001දී එක්සත් ජාතික පක්‍ෂය බලයට ආපු වෙලාවේ ඔවුන් කිව්වා කෘෂිකර්මය වෙනුවෙන් වූ වාරිමාර්ග සදහා මීට පස්සේ සල්ලි වියදම් කරන්නේ නෑ කියලා. මොකද කුඹුරු ගොඩකර කර්මාන්තශාලා ඇතිකළ යුතුයි කියලා. ඒ ප‍්‍රතිපත්තිය එදා ජනතාව ප‍්‍රතික්ෂේප කළා. අද ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ අපේම අයවත් එකතු කරගෙන ඒ ප‍්‍රතිපත්තිය ක‍්‍රියාත්මක කිරිමට යන එකයි අපිට තියන දුක. අපි පෝර සහනාධාරය දීපු නිසයි වීවලින් එසේ ස්වයං පෝෂිත වුණේ. පෝර සහනාධාරය නොදුන්නානම් ඒ තත්ත්වය ඇති වෙන්නේ නෑ. ඒකට මොකද කළේ ඒ පෝරවල වස විස තියනවා කියලා ඒක කප්පාදු කළා. දැන් සල්ලි දෙනවයි කියන්නේ නිකං නේ. දැන් වී ටික විකුණා ගන්නත් බෑ. ගෙදර ළමයි බඩගින්නේ අඬනකොට ඔබ ඒ රුපියල් විසි පන් දහසෙන් පෝර ගන්නවද දරුවට කන්න දෙනවාද? බොන කෙනෙක්නම් ඒක වෙන එකකට යොදවයි. රෝහලට ගියාම රෝහලේ බෙහෙත් නෑ. ඕනෑම රෝහලකට ගියාම ෆාමසියෙන් ගේන්න කියලා තුණ්ඩු කෑල්ලක් අද දෙනවා. ඒක නේද ඇත්ත. නමුත් අපිටයි දොස් කියන්නේ.’ යැයි හිටපු ජනපති කීවේය.
‘හැම වෙලාවෙම විපක්‍ෂයට බැන බැන ඉදලා වැඩක් නෑ. ජනතාවට වැඩක් කරන්න ඕනෑ. මහින්ද රජපක්‍ෂ විතරක් නෙමෙයි එදා හිටිය කැබිනට් එකම බැනුම් අහන්න ඕනෑ. සිරිසේනත් එක්කම. මේවා මම විතරක් කෙරුව ඒවා නෙවෙයි. මුළු කැබිනට් එකත් එක්කයි කළේ. එයත් වග කියන්න ඕනෑ. මෙක දැන් බලනකොට මම විතරයිනෙ කැබිනට් එකේ ඉදලා තියෙන්නේ. තමුන්ගේ වගකීමෙන් මිදෙන්න බෑ‘ යැයිද රාජපක්ෂ මහතා එහිදී පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගහගෙන යන මිනිසා බේරෙන්න අවශ්‍ය වූ විට තුත්තිරි ගසේද එල්ලෙයි. ඔබලාගේ ක්‍රියාව දන්නා මිනිස්සුම තමයි එය හොඳද නැද්ද කියලා තේරුම් අරන් අවුරුදු දෙකකට කලින්ම ගෙදර ඇරියේ. (ර)
මොනවා උනත් ඇත්ත කතාව. (ර)
හොඳටම විස්වාසයිද.? (ර)
වෙන අය හිටියා තමා. වැඩ කෙරුනේ දෙතුන්දෙනෙකුගේ නියමයන්ටනේ.. (ර)
ඒ කතාවෙත් ඇත්තක් තියනවා.මට මතකයි මගේ පාසල් කාලයේත් ඔයවගේ නරක යාලුවෝ හිටියා.අපි ඔක්කොම එකතුවෙලා පාසල් වත්තේ කුරුම්බා කඩලා බොනවා හැබැයි පිනාට මාට්ටු උන දාට කවුරුත් නෑ.කඩපු කුරුම්බා කඩලා තියෙන්නේ මට බොන්න.උන් ඔක්කොම හොද ළමයි. (බ)
කව්රු හිටියත් වැඩ කළේ ඔබට ඕන විදිහටනේ (බ)
එදා පක්ෂයේ සහ රටේ නායකයා ඔබයි. එම නිසා ඒ වගකීම ඔබටයි. (ර)
ඔබේ කාලයේත් රෝහලට ගියාම බෙහෙත් ලැබුනේ නෑ...ලැබුනේ ඔය කියන තුන්ඩුවම තමා.බොරු කියන්න එපා. (බ)
යුධ ජයග්‍රහණයේ පුර්ණ ගෞරවය මහින්ද මහතාට පිරිනොනැමීමට තරම් මා ගුණමකුවෙක් නොවෙමි. නමුත් එයම හේතුවක් ලෙස දක්වමින් සියලු දෙයම අනුමත කිරීමට තරම් අන්ධ භක්තිකයෙකුද නොවෙමි. (නි)
කැබිනෙට්ටුවේ 1000 හිටියත් මොකටද මහත්තයෝ ඔබ තුමා ඒකාධිපතියෙක්නම්? ඔබේ හදවත ස්පර්ශ කර බලන්න. ඔබතුමා නිහඩව ඉන්න තරමට ඔබට සිදුවන හානිය අඩු බව පමණක් සිහි තබා ගන්න... (බ)
එතකොට යුද්දේ දිනීමේ ගෞරවයත් එක කෙනෙක්කේ නෙවෙයි කියල දැන් පිළිගන්නවද ? (ර)
අනුරාධ...දැන් අර ඉස්සර කිව රටට ඕනි අපමණ අගයේ උපරිම අගය ලැබිලද තියෙන්නේ...(බ)
කැබිනෙට්ටුවේ 1000000 හිටියත් මොකටද මහත්තයෝ ඔබ තුමා ඒකාධිපතියෙක්නම්? ඔබේ හදවත ස්පර්ශ කර බලන්න. ඔබතුමා නිහඩව ඉන්න තරමට ඔබට සිදුවන හානිය අඩු බව පමණක් සිහි තබා ගන්න. (බ)
එතකොට එයාගේ ෆයිල් නැද්ද ඔයාගාව (බ)
තව වසර දෙකක් ඉතිරිව තිබියදී බලයට ඇති කෑදර කමට වැඩි කාලයක් සිටීමේ අරමුණින් මැතිවරණ තබා අජූතව පැරදී දැන් යලිත් බලයට කෑදරව නහින්ට යනවා දැන් සුදු කොඩි,ගොක්කොල හීනෙන් පෙනවා ඇති.(බ)
අනුරාධා, එතුමා නිහඩව හිටියානම් අදත් අපි ත්‍රස්තවාදීන්ගෙන් ගුටිකනවා. අපේ රටේ ඉන්නේ කුහක මිනිස්සු. (ර)
යුද ගෞරවය මහින්දට සහ පවුලේ උදවියට. වැරදි දේවලට කැබිනට් එකේ ඔක්කොම වගකියන්න ඕන මෙහෙම කියන එක හරිද (බ)
ඔබතුමා ගහපු ගේම කොපි කරලා මෙගොල්ලත් හොදට ගහනවා ජනතා සහන ගැන කතාකරන්න ඔබතුමාට අයිතියක් නැහැ ඔබතුමාගේ කාලේ කාටවත් හ්ම් කියන්න හම්බ වුනේ නැහැ මර්දනය කටුනායක හලාවත රතුපස්වල (බ)
කාගේත් කෙරුවවාව එකයි. නමුත් ඔබ තුමා මහකොටියා ඇතුළු කොටි රැල විනාශ කරන්න දුන් දේශපාලන නායකත්වය අමතක කරන්න බැහැ.ඉතිරි හරිය ඔබ තුමත් දන්නවනේ. (බ)
කැබිනෙට් එකේ ලොක්කා තමයි මුලින් ම වග කියන්න ඕනෑ. අනික, බලන් ඉන්න බැරි නිසා වෙන්න ඇති එලිය ට එන්න ඇත්තේ. (බ)
හෝව් පොඩ්ඩක් මහින්ද මහත්තයෝ. ඔබ ජනපති වෙලා හිටපු කාලේදී සිදුවුන දේවල් අමතක කරලා, ඔක්කොම පව් අනිත් අයගේ කර උඩ දාන්න තරම් ඔබ ඔතරම් පහත් තත්වයකට වැටීම ගැන ලැජ්ජා විය යුතු නොවේද ?ඔබගේ කාලයේ හිටපු බොහෝ ඇමතිවරුන්ගේ කටේ පැලැස්තර අලවලා ඔවුන් නිහඬ කරලා ඔබ කරපු දේවල්වලින් කොටසක් හෝ දැන් රටේ ජනතාවට රහසක් නොවේ රෙද්දක් ඇඳගෙන රාජපක්ෂ පාලනයේ කුපාඩි වැඩවලට සම්බන්ධ වීමට නොහැකි නිසා තමා සිරිසේන මැතිතුමා පිටවී ගියේ (බ)
අපේ රට ප්‍රත්‍යාරම්භ කිරීමට කාලයයි මේ.(බ)
මහා ලොකුවට කමෙන්ට් දාන අය මතක තබා ගතයුත්තේ...මහින්ද නොහිටියානම් ප්‍රභාකරන් තවමත් යහතින් කොළඹ ඇතුළු දිවයින පුරා මරාගෙන මැරෙන බෝම්බ පුපුරවන බවය.එසේ වූවානම් ඔය කයිවාරු කෙසේ වෙතත් ඔබ මෙන්ම මාද කැබලි වලට කැඩී අවසන්විය හැකිව තිබුණි. (බ)
එතකොට පසුගිය අවරුදු 7 -8 ඇතුලත රුපියල් කෝටි 8000 ක් විතර විනාශ කරපු ශ්‍රී ලන්කන් එකේ සභාපති වෙලා හිටියේ කවුද ? (බ)
දැන් මහින්ද රාජපක්ෂ හොඳ ඒවා කියනවා විතරයි. වෙන වැඩක් නෑ (බ)