IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


පසුගිය මාසයේදී පාරිභෝගික නීතිය උල්ලංඝනය කිරීම් 78 ක් අල්ලා ගැනේ

ආර්ථික සහ වාණිජ අමාත්‍යාංශයට පසුගිය මාසයේදී පාරිභෝගික ආරක්ෂණ නීතිය උල්ලංඝනය කිරීමේ සිදුවීම් 78 ක් වාර්තාවී ඇති අතර එම ලැයිස්තුවේ ඉහළින්ම තිබෙන්නේ නිෂ්පාදන මත මිල පත්‍රිකාව ප්‍රදර්ශනය නොකිරීම සහ අදාළ බලධාරීන්ගේ නිසි අවසරයක් නොමැතිව මිල ඉහළ දැමීම යන වැරැදිය.
මෙම උල්ලංඝනය කිරීම් හේතුවෙන් සමහර වෙළෙඳසැල් තාවකාලිකව වසා දැමීමට මෙන්ම කටාර් රියාල් 5000 සිට 30,000 දක්වා පරාශයක විහිදුණු දඩ නියම කිරීමටද අමාත්‍යාංශය කටයුතු කර තිබේ.


රටේ සියලුම වෙළෙඳසැල් 2008 අංක 8 දරණ නීතියට අනුකූල වන බහ තහවුරු කරගැනීම සඳහා අමාත්‍යාංශය පසුගිය මාසයේදී සිය වැටලීම් වැඩි කොට ඇති අතර රට පුරා සිදුකළ මෙම වැටලීම්වලදී නීතිය උල්ලංඝනය කිරීම් 78 ක් අනාවරණය කරගෙන තිබේ. ඒ අතුරින් මිල සඳහන් නොවීමේ සිද්ධීන් 17 ක්, නිසි අවසරයකින් තොරව මිල ඉහළ දැමීමේ සිදුවීම් 8 ක් සහ භාණ්ඩය පිළිබඳව අසත්‍ය හෝ නොමග යවන සුළු විස්තර ලබාදීමේ සහ දැන්වීමේ පළකිරීමේ වැරැදි 8 ක්ද වෙයි.


අනෙක් වැරැදි අතර පළතුරු සහ එළවළු සඳහා නියම කළ මිල ලැයිස්තුවට අනුකූල නොවීම් 7 ක්, අසම්පූර්න බිල්පත් නිකුත් කිරීම් 6 ක්, නිෂ්පාදනයේ තොරතුරු සඳහන් නොකිරීම හෝ අසම්පූර්ණ තොරතුරු ඉදිරිපත් කිරීම් 5 ක්, ප්‍රචාරනය කළ මිලට වඩා වැඩි මිලක් පාරිභෝගිකයන්ගෙන් අයකිරීම් 5 ක්, නිසි බලධාරීන්ගෙන් පූර්ව අවසරයක් නොමැතිව ප්‍රවර්ධන වැඩසටහන් ආරම්භ කිරීම් 4 ක් සහ සේවාවේ හෝ නිෂ්පාදනයේ මිල පැහැදිලිව ප්‍රදර්ශනය නොකිරීම් 3 ක්ද වෙයි.



අදහස් (0)

පසුගිය මාසයේදී පාරිභෝගික නීතිය උල්ලංඝනය කිරීම් 78 ක් අල්ලා ගැනේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 129 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 755 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 373 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site