වසරක පමණ කාලයක් නොවෙනස්ව පැවැති රන් මිල මෙම වසරේදී සියයට 21 කින් පමණ ඉහළ ගොස් ඇත.
මේ වසරේ ජනවාරි මාසයේදී දේශීය වෙළෙඳපොලේ කැරට් 24 රන් ග්‍රෑමයක මිල කටාර් රියාල් 131 ක් වූ අතර එය අප්‍රේල් මාසය අවසන් වන විට කටාර් රියාල් 157 දක්වා ඉහළ ගොස් තිබුණි. එසේම ජනවාරියේදී කටාර් රියාල් 122 ක් වූ කැරට් 22 රන් ග්‍රෑමයක මිල අප්‍රේල් මාසය අවසානයේදී කටාර් රියාල් 148 දක්වා ඉහළ ගොස් ඇත.
රන් මිල මෙසේ ඉහළ යාමෙන් ගනුදෙනුකරුවන්ට බලපෑම් එල්ල වී තිබේ.
“ගනුදෙනුකරුවෝ වර්ග දෙකක් ඉන්නවා. එක් පිරිසක් රන් භාණ්ඩ මිලට ගන්න එක කල් දමලා රන් මිල අඩුවෙනකම් බලා ඉන්නවා. අනෙක් පිරිස හිතන්නේ ඉදිරියේදී රන් මිල තවත් ඉහළ යා හැකි නිසා මේ අවස්ථාවේදී රන් භාණ්ඩ මිලට ගන්න එක හොඳයි කියලා” යනුවෙන් පවසන්නේ දෝහා නුවර ස්වර්ණාභරන අළෙවිසැළක කළමනාකරුවෙකි.
“කටාර් හි රන් මිල තීරණය වෙන්නේ ජාත්‍යන්තර වෙළෙඳපොළ අනුවයි” ඔහු වැඩි දුරටත් පවසයි. “ඒ නිසා දේශීය වෙළෙඳපොලේ රන් මිල රඳා පවතින්නේ ගෝලීය රන් මිල මතයි. මොකද මෙහේ රන් මිල ජාත්‍යන්තර වෙළෙඳපොළට විශේෂයෙන්ම ලන්ඩන් රන් වෙළෙඳපොළට සම්බන්ධ කරලා තියෙන්නේ”
මෑතකදී කැරට් 24 රන් ග්‍රෑමයක් කටාර් රියාල් 156.50 කටත් කැරට් 22 රන් ග්‍රෑමයක් කටාර් රියාල් 147.50 කටත් අළෙවි විය.
පසුගිය මාස 4 ක කාලය තුළ රන් මිල සීග්‍ර ලෙසින් ඉහළ ගියේය. මෙම ඉහළ යාම පසුගිය ජනවාරියේදී ආරම්භ වූ අතර එවිට වසරේ පළමු මාසයේදී කැරට් 22 රන් ග්‍රෑමයක මිල කටාර් රියාල් 128.50 සීමාවට ළඟා විය. පසුව එය පෙබරවාරියේදී කටාර් රියාල් 142 ක්, මාර්තුවේදී කටාර් රියාල් 145 ක් සහ අප්‍රේල් මාසයේදී කටාර් රියාල් 148 ක් දක්වා ඉහළ ගියේය.
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
පසුගිය මාස 4 ක කාලය තුළදී රන් මිල සියයට 21 කින් ඉහළට