(මනෝප්රිය ගුණසේකර)
පාස්කු ප්‍රහාරය සොයා බැලීමට පත් කළ ජනාධිපති කොමිසමේ වාර්තාව අසම්පූර්ණ වාර්තාවක් යැයි මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරු තුමෝ කීහ.
මෙම කොමිසමෙන් යම් යම් තොරතුරු හෙළි කරගෙන ඇතත් ප්‍රහාරය පිටුපස සිටින අය, එයට මුදල් දුන් අය, කොමිසම විසින් හෙළි කරගෙන ඇති බව පෙනෙන්නට නැතැයි පැවැසූ අගරදගුරුතුමෝ ජනාධිපති කොමිසමේ ලියවිල්ල සර්ව සම්පූර්ණ එකක් නොවේ පැවැසූය.
මෙම බෝම්බ ප්‍රහාරයෙන් කැබලිවලට කැඩිගිය අයගේ සිරුරු තමා සියැසින් දුටු බවත් මෙයට සම්බන්ධ අය හෝ දේශපාලනඥයෝ ඒවා දැක්කා ද යන්න තමා නොදන්නා බවත් කාදිනල් තුමෝ වැඩිදුරටත් පැවැසූහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොනවා වුණත් කාදිනල්තුමා, අපේ ගනින් වහන්සේලා වගේ නෙවෙයි. දෙකයි පනහට දේශපාලකයින් වෙනුවෙන් කඩේ යන්න එතුමා හිඟන තත්වයකට පත්වී නැහැ. කියන්න තියන දේ කොන්ද කෙලින් තියාගෙන කියනවා. ආගම් බේදවලින් වැඩක් නැහැ. යුක්තිගරුක මනුෂ්‍යයින් ලෙස, අප හැම දෙනා කාදිනල් තුමා වටා ඒකරාශී විය යුතුයි.