(නිමන්ති රණසිංහ)
පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු ආරක්ෂක අංශ අත්අඩංගුවට ගෙන රාජසන්තක කළ කඩු 1000කට අධික ප්‍රමාණයක්, බෝම්බ කොටස්, උල්ආයුධ ඇතුලු අවි ආයුධ තොගයක් අධිකරණ නියෝග පරිදි ගැඹුරු මුහුදේ ගිල්වා විනාශ කරනු ලැබීය.
නාවික හමුදා රංගල කඳවුරේ සුරනිමල නෞකාවෙන් නාවික හමුදා නිලධාරින් ද සමග පිටත් වී ඇති අධිකරණ කාර්ය මණ්ඩලය මුහුදු සැතපුම් 1000ක් දුරින් සහ අඩි 1000ක් ගැඹුරින් මෙම ආයුධ තොගය ගැඹුරු මුහුදේ ගිල්වා විනාශ කර ඇත.
ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතාගේ නියෝග පරිදි අතිරේක මහෙස්ත්‍රාත් පසාන් අමරසිංහ, අධිකරණ රෙජිස්ට්‍රාර්වරිය, නඩු භාණ්ඩ භාරකාරිණීය ඇතු`ථ අධිකරණ කාර්ය මණ්ඩලයේ අධීක්ෂණයෙන් යුතුව මෙම අවි ආයුධ තොගය ගිල්වා විනාශ කර තිබේ.
මෙලෙස විනාශ කරනු ලැබ තිබුණේ කඩු 1000ක්, කිනිසි, උල් ආයුධ, බොම්බ් කොටස්, තුවක්කු 08ක් සහ කල් කටස් වර්ගයේ ගිනි අවි 10කි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නිදන්නාකමට කියන්නෙ ඇත්තටම මේවා වානේ උණුකරන තැනකදී උණුකර ප්‍රයෝජනයක් ගන්න බැරිද
මොන ගොන් හැත්තක්ද මෙ? ඔනෙම නැත්තම් ඔය ආයුද ටික දිය කරලා යකඩ වලට ගන්න බැරි ඇයි? අනික් ආයුද ගොඩබිමදිම විනාස කරන්නෙ නැත්තෙ ඇයි? කිලොමීටර 1000 දුර යන්න හා මෙ වඩෙට යන අනෙකුත් සල්ලි දෙන්නෙ මුන්ගෙ අම්මල තාත්තලාද ? මුතු ඇටෙ මෙහෙම වත් තියන එක අරුමයක්!
පල්ලිවල මේ කඩු තිබුණේ මුස්ලිම් සොහොන් වටේ තියෙන වල් කපන්න. දැන් ඉතිං කැලේ වැවෙයි අපරාදෙ.
පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු ආරක්ෂක අංශ අත්අඩංගුවට ගෙන රාජසන්තක කළ කඩු 1000කට අධික ප්‍රමාණයක්, බෝම්බ කොටස්, උල්ආයුධ ඇතුලු අවි ආයුධ තොගයක් අධිකරණ නියෝග පරිදි ගැඹුරු මුහුදේ ගිල්වා විනාශ කරනු වෙනුවට ගොදබිමදී විනාශ කිරීමට වෙනත් ක්‍රමයක් නැතිද ? නාවික හමුදා රංගල කඳවුරේ සුරනිමල නෞකාවෙන් නාවික හමුදා නිලධාරින් ද සමග පිටත් වී ඇති අධිකරණ කාර්ය මණ්ඩලය මුහුදු සැතපුම් 1000ක් දුරින් සහ අඩි 1000ක් ගැඹුරින් මෙම ආයුධ තොගය ගැඹුරු මුහුදේ ගිල්වා විනාශ කිරීමට ඉන්දන සහ කාර්ය මණ්ඩලය සදහා වැයවූ මුදල කොපමණද ? නැවතත් අවි ආයුද හෝ බෝම්බ කැබලි ලැබුණු අවස්ථාක නැවත මුහුදුබත් කිරීම වෙනුවට iron crusher machine මිලදී ගැනීම පිළිබව අවධානය යොමුවිය යුතුවේ. මහජන මුදල් අනවශ්‍ය ආකාරයට වියදම්කල තවත් අවස්තවක්.
අපරාදේ.. ආයෙ බාරදෙන්න තිබුනෙ.තණකොල කපන්න ගෙනාවා කියලනෙ කිව්වෙ.
පාස්කු ප්‍රහාරය කරවපු කෙනෙකුත් නැති එකේ ඕවා තණකොල කපන්න මුස්ලිම් පල්ලිවලට ආපහු දුන්නානම් ඉවරයි නොවැ... අපරාදේ තෙල් පුච්චාගෙන නැව් වලින් ගිහින් නිකං විනාසකලේ..
පාස්කු ප්‍රහාරය කරපු එවුන් දැනගත්තා වැඩේ කෙරුනම ලොකු කෝලාහලයක් රටේ සිද්ද වෙන බව. ඊට සුදානමට තමයි කඩුත් ගෙන්නුවේ.
යකෝ යකඩ ටික උණු කරලා අරගෙන වැඩක් ගන්ඩ තිබ්බනෙ. මෙහෙමත් මොංගල් ඩයල්
ඒ වැඩේ හොඳයි කියමුකො. නමුත් ඔය අන්තවාදීන් තවම නිදැල්ලේ ඉන්නවා. ඔවුන්ව පුනරුත්ථාපන කරලවත් හදන්න බෑ. ඒ තරම්ම ගල් යුගයේ මානසිකත්වය ක් තියෙන නොමිනිසුන්. ඔවුන් ගැනත් අවධානයෙන් සිටිනවා ඇති යැයි විශ්වාස.කරමු.
අනේ මෙහෙමත් මෝඩ යක්කු...!
කවුරු දැක්කද? කවුරු ඇහුවාද? මෙහෙම ඒවා තිබුණා කියා එයාලාම පෙන්නුවා... එයාලාම කිව්වා.. ඇත්ත අයිතිකාරයෝ කවුද කියලා රටම දන්නවා.