IMG-LOGO

2025 අගෝස්තු මස 15 වන සිකුරාදා


පාස්කු ප්‍රහාරය: සාධාරණයක් ඉටුවේදැයි බලාපොරොත්තු අල්පයි

(ඩයනා උදයංගනී)

වර්තමානයේ රට තුළ පවතින ක්‍රමවේදය අනුව පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයට අදාළව සාධාරණයක් ඉටුවේද යන්න ගැන තැබිය හැකි බලාපොරොත්ත අල්ප යැයි  කතෝලික සභාවේ මාධ්‍ය ප්‍රකාශක සිරිල් ගාමිණී ප්‍රනාන්දු පියතුමෝ පැවසූහ.

රටේ අධිකරණය ගැන විශ්වාසයක් ඇතත් නීතිය ක්‍රියාත්මක කරන සෙසු ආයතන ගැන විශ්වාසයක් තැබිය නොහැකි බවත්, මෙරට තුළ සාධාරණයක් ඉටු නොවුවහොත් ජාත්‍යන්තරය තුළ ගත හැකි පියවර තිබෙන බවත් පියතුමෝ කීහ.

සිරිල් ගාමිණී ප්‍රනාන්දු පියතුමන් මේ බව පැවසුවේ කොළඹ අගරදගුරු මැදුරේදී අද (3) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පියතුමෝ මෙසේ ද පැවසූහ.

“රට තුළ පවතින ක්‍රමවේදය අනුව පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සත්‍ය හෙළිවේද යන්න මෙන්ම සාධාරණය ඉටුවේද යන්න ගැන අපට ඇති බලාපොරොත්තු ඉතා අල්පයි. අපිට රටේ අධිකරණය ගැන විශ්වාසයක් තිබෙනවා. නමුත් අධිකරණයේ නඩුව ගොණු කළ යුත්තේ නීතිපතිවරයායි. මේ වන විට නීතිපතිවරයා ළඟ ජනාධිපති කොමිෂන් සභා දෙකක වාර්තා තිබෙනවා. ඒත් ඒ වාර්තාවල ඇති නිර්දේශ අනුව අධිකරණ ක්‍රියාමාර්ග ගන්නා බවක් පේන්නේ නැහැ. ඇතැම් නඩු සම්බන්ධයෙන් නීතිපතිවරයා කටයුතු කරන ආකාරය ගැන අපට ගැටලු තිබෙනවා.

අපි පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් මෙරට දී සාධාරණය ඉටුකරගැනීමට හැකිතරම් උත්සාහ කර තිබෙනවා. ඒත් සාධනීය ප්‍රතිචාර නොමැති නිසා විදෙස්ගත ශ්‍රී ලාංකිකයන්, විදේශීය රජයන් සමඟ සාකච්ඡා කර වතිකානයටත් දැනුම් දී ජාත්‍යන්තර ක්‍රියාමාර්ග ගැනීමට අපට සිදුවුණා.

නිදහසින් පසු සැම රජයක්ම ස්වාධීන ආයතනවලට බලපෑම් කර තිබෙනවා. අපේ රටේ දූෂිත දේශපාලනඥයන් හා දේශපාලනීකරණය වී ඇති පොලීසිය, අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව, නීතිපති දෙපාර්තමේන්තුව හරහා කරගත නොහැකි දේවල් ජාත්‍යන්තරය මට්ටමේදී කරගත හැකියි. ඒ නිසා ජාත්‍යන්තර අධිකරණය, මානව හිමිකම් කොමිසම ආදී ගත හැකි පියවර අපි ගන්නවා.



අදහස් (4)

පාස්කු ප්‍රහාරය: සාධාරණයක් ඉටුවේදැයි බලාපොරොත්තු අල්පයි

Jude Friday, 04 February 2022 06:08 AM

සාධාරණයක් ඉල්ලන්නේත් නෑනේ. කෝ ඉස්ලාම් අන්තවාදය ගැන කෙළ බිඳක් හෙළනවාද? මෙයාලත් මේක දේශපාලන ගේමක් කරගෙන දැන් මේක...

:       1       0

Alfred Friday, 04 February 2022 08:16 AM

ඉස්සෙල්ලා කළ යුත්තේ කට හැකර ප්‍රකාශ මාධ්‍ය හමු නතරකර සුහදතාව තුළින් විසඳුම් සොයාගන්න උත්සාහ කිරීමයි.

:       1       0

Bamunuarachchi Friday, 04 February 2022 03:37 PM

පාස්කු ප්‍රහාරය වගේ දෙවියන්ගේ කැමැත්ත අනුව සිද්දවේවි. දෙවියන්ට බාරකර බලන් ඉන්න.

:       1       0

wijesena Friday, 04 February 2022 05:30 PM

බොරුවට මාධ්‍යත් එක්ක ප්‍රකාශන කරන්න ඉස්සර ෆාදර් ජනාධිපතිතුමා හම්බ වෙනවා. මතක තියාගන්න ලංකාවේ අපිට ඕනෑම දෙයක් ජනාධිපතිතුමාත් එක්ක කතා කරන්න පුළුවන්...

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 103 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 884 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 380 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

Our Group Site