
(නිමල කොඩිතුවක්කු)
පාස්කු ඉරුදින ප්‍රහාරයේ පරීක්ෂණ කිසිවක් විශ්වාසනීය ලෙස සිදු නොවන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කළේය.
බොරැල්ලේ දේවස්ථානයක් තුළ මෑතකදී අත්බෝම්බයක් හමුවීමේ සිද්ධිය පිළිබඳව සිදුකෙරෙන පරීක්ෂණ වල ස්වභාවය හේතුවෙන් අදාල සැකය තවදුරටත් තීවුර වන බවද ප්‍රේමදාස මහතා පැවසීය.
මස්කෙලිය පැවති ජන හමුවකට එක්වෙමින් විපක්ෂනායකවරයා කීවේය.
පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් බරපතළ සැකයක්, අද වන විට සමාජය තුළ නිර්මාණය වී ඇති බවත් ආණ්ඩුවේ සැකකටයුතු හැසිරීම සහ අදාළ පරීක්ෂණ පිළිබඳව ඇති මන්දගාමි ස්වරූපය ඒ බව මනාව ඔප්පු කොට ඇතැයි ද විපක්ෂ නායකවරයා එහිදී පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔව් ඉතින් ඔයාලා දන්නවනේ ඒ සිදූ වීම හරියටම කියලා.කවුද වැරදි කාරයෝ කියලා
දැන්ද තේරුනේ ?අපිට ඕක තේරිලා අවුරුදු දෙකකටත් වැඩි
මෙයාලගෙ ආණ්ඩුව කාලෙනෙ වැඩේ වුණේ. කොහොමද අර නාටකය ? අර අන්තවාදීන් ටිකක් එකතුවෙලා ආටක නාටක කළේ. එහෙව් දේවල් කළ අය මෙහෙම කතා කරන්නෙ කොහොමද
පුතානොට ඉතින් කියන්න දෙයක් නැහැ ,කොහොමත් මොලේ කුරුවල් වෙලානේ ඉන්නේ
දැන් වහල්ලු ඇයි උඩදාගෙන පාස්කු ප්‍රහාරය වුණේ ඔබතුමාගේ ආණ්ඩුව කාලේ කියලා කියන්නේ?
හොරාගේ තාත්තා පේන කියනවා.
පාස්කු ප්‍රහාරය සිදුවූ කාලයේ තිබුණු ආණ්ඩුවේ ඔබද ඇමතිවරයෙක් ලෙස සිටියා. ඔබ ඒ කාලයේ (නො)තිබුණු විමර්ශන ගැන කටක් ඇරලා කතා කරේ නෑ. දැන් මොකද හදිසි කරුණාවක්?
ඇයි මහත්තයෝ, හැමදාම ඇඟිල්ල තර්ජනාත්මක ලෙසට ඔසවාගෙන කතාකරන්නේ..? මට නම් බලන්න අප්‍රියයි. කතාවත් ගොරහැඩි වගෙයි මිනිසුන්ට තේරුම් ගන්න පුළුවන් ලෙසට කතා කරන්නකෝ..
ඇම ගිලලා වගේ...? ඡන්ද ටික අරන් දෙන්නම් කිව්වද?
ඕක හැමෝම දන්න රහසක්නේ...
ඔබතුමාට නෝනා ගැන විශ්වාසයක් තියෙනවද?
මොංගල්, මන්ද බුද්ධික වුණත් ඇත්ත කථා කරලා තියෙන්නේ... මොකද පරීක්ෂණ විශ්වාසනීයව සිද්ද වුනා නම් එකල පට්ටියේ හිටිය 226ම (පුතානෝත් ඇතුළුව) මේ මොහොත වනවිට සිටිය යුත්තේ බන්ධනාගාර වල කල්දේරම් බතේ රස බලමින්නේ... කෝ එහෙම වුණායැ... මොන කෙලිය කරලා හරි මට ඕනේ බලය ගන්න ලකුණු දාගන්න..
නායකත්වය ගන්න එකතුවෙලා කුමන්ත්‍රණ කරපු අයත් ඕවාට ඉන්නවා නේද?
ලොක්කා නිකන් අනුන්ගේ ඒවා වලින් හදන්න එපා.පාර්ලිමේන්තුවේ වත් කතා කරලා නැහැනේ.ඔයා එන්නෙත් නැහැ මලාට ,මේවා බලාගන්න අය බලා ගනී.පාඩුවේ ඉන්න
දැන් මේ පාස්කු ප්‍රහාරය සිදු වුනේ මේ කතා කරන පුද්ගලයින් රාජ්‍ය බලය දරද්දී, රටේ ආරක්ෂාව පළිබඳ වගකීම දරද්දී, රටේ ආරක්ෂාව සම්බන්ධයෙන් තමන්ගේ රාජ්‍ය පාලන කාලයේදී වගකීම් පැහැර හැර බලයෙන් පහ වුණාම පරීක්ෂණ ගැන කතා කරන්නේ විලි ලැජ්ජාව කියලා එකක් නොදැනද? හිතනවා නම් නැවත බලයට පත්වෙයි කියලා එක්කෝ මොලේ අමාරුවක් ඇති... අද රටට මේ වගේ මොඩයින් අවශ්‍ය තරම් ඉන්නවා. තව වැඩිපුර අවශ්‍ය නෑ...