ඩුබායි රාජ්‍යයෙන් ගෙන් වු බව කියන පුස් බැඳුණු සෝස් බෝතල විසිදහසක් පමණ වත්තල ඇළකන්දේ ගබඩාවකින් හා අසල කඩ වලින් සොයා ගත් බව පාරිභෝගික අධිකාරිය කියයි.
ලබන ඔක්තෝබර් මාසයේ කල් ඉකුත් වීමට නියමිත බව ලේබල වල සඳහන් වුවත් එම සෝස් පුස් කා ඇති හෙයින් මිනිස් පාරිභෝජනයට නුසුදුසු බව පාරිභෝගික අධිකාරිය පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සෝස් ගෙනාපු අයට දඬුවම හැටියට වේල් තුනටම මේ සෝස් කැව්වොත් නරකද......? බල්ලෝ නෙවෙයි මිනිස්සු මරල හරි සල්ලි හම්බකරන්න හදන මේ එලොවටත් මෙලොවටත් නැති මිනිස්සු බය නැතිව මේවා කරන්නේ අපේ නීති වල තියෙන දුර්වල කම නිසා හැර වෙන මොකටද? (ස)
කොච්චර නම් නරක් වු අාහාර ද්‍රව්‍ය තියෙනවද? නමුත් අවසානයේ ඒ ද්‍රව්‍ය එකතු කරලා "නව" ආරකින් වෙළඳ පොලට එවනවා. "රාජ්‍ය නිලදාරීන්" කොච්චර අවංක උනත් එයාල අතරත් ඉන්නවා " අර්ධ රාජ්‍ය නිලදාරීන්" කොටසක්. ආණ්ඩුවෙන් ගන්න පඩිය වගේ දෙතුන් ගුණයක් පුද්ගලික අංශ වලින් ගන්නවා මේ ආහාර සුදුසුයි කියන ලේබලය ලබා දෙන්න. මාද්‍ය වලට පින්සිදු වෙන්න මේවා එළිදරව් උනත් ඒ අයටත් හොරෙන් "විශේෂ බලය" පාවිච්චි කරල දිගටම ඒ වැඩේ කරගෙන යනවා. (නදී)
ලෝකයේ ජීවත් වෙන්න හොඳම රට. රටට බුදු සරණයි, (ස)
ෂෝක් අප්පා පුස් අල්ලපු සෝස් කන්න ඇත්නම්. (ස)
පළමුවෙන්ම රේගු නිලධාරීන් මේවා පාස්කර හරියේ කෙසේද? කියා බැලුවොත් වටිනවා ,...හැම කුණු ගොඩක්ම බේරුවල්බොක්කට කිව්ව වගේ. දැන් හැම කුණු ගොඩක්ම ගෙනෙන්න රේගුව අවසර දෙනවාද? (නදී)
ලංකාවේ සෝස් හදන හොද තැන් කීපයක්ම තියෙනවා. ලංකාවේ තක්කාලි කුනුවෙනවා , පිටරටවල කුණු සෝස් ලංකාවට ගෙනත් මිනිසුන්ට කවනවා. ප්‍රබල රජයක් සහ විසාල ඇමති මඩුල්ලක් සහ උගත් රාජ්‍ය නිලධාරීන් ඉන්නේ මොකටද? අනේ අපේ රට ! වරද කොතනද කාගේද ? රටට හරියන්නේ කවදද? (නදී)
ක්‍රමයෙන් අඩුවේගෙන යන ලාංකික ජනගහනය , ඉක්මනින්ම අඩුකර ගන්න පුළුවන් මෙහෙම යනවිට. මේවට හවුල් වන අයට යම රජු ගේ පිහිට ලැබේවා ! නැවත මිනිස් ආත්මයක් නැත. (නදී)
මෙවැනි වැටලීම් කරන පාරිභෝගික අධිකාරියට මල් මිටක් නොවේ දියයුත්තේ මල් වත්තක් ! පාඩු ලබන ආයතනයක් කියලා තව ටික දවසකින් එ්කත් විදේශ සමාගමකට විකුණුවේ නැත්නම් පුදුමයි ! (නදී)
සෝස් විතරක් නෙමෙයි අනෙකුත් සියලුම ආහාර වර්ග කල් ඉකුත් වීමට පෙර මෙහේ තියන සුපිරි වෙළදසැල් වලින් ඉවත් කර ගබඩාවලට යවනවා. එතැනින් ඒවා ඉවත් කරගෙන යාමේ පදනම මත (ගබඩා භාරකරුවන් භාන්ඩ ඉවත්කරගෙන යන්නන් හට මුදල් ගෙවීමක්ද සිදුකරයි) රැගෙනවිත් බහාලුම්වල දමා නැව්ගතකරයි. නවීන පරිඝනක තාක්ෂනයට පින්සිදු වෙන්න අලුත් ලේබල් ඇලවීම ලොකු දෙයක් නෙමෙයි. (නදී)