දඹුල්ල මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක සාරනාත් සමරකෝන් මහතාට ටී56 ගිනි අවියක් එල්ල කළැයි සැකපිට එම පොලිසියේ කොස්තාපල් ඒ ජී ප්‍රියංකර බණ්ඩාර සැප්තැම්බර 01 වැනි දා තෙක් රිමාන්ඩ් කරන ලෙස දඹුල්ල මහේස්ත්‍රාත් සංජීව රම්‍යකුමාර මහතා නියෝග කළේය.
බීමතින් රාජකාරියේ යෙදී සිටි බව කියන පොලිස් කොස්තාපල්වරුන් පිරිසක් අත්අඩංගුවට ගැනීමට යද්දී සැකකාර කොස්තාපල් මූලස්ථාන පොලිස් පරීක්ෂකට ගිනි අවිය එල්ල කර පැණ ගිය බව පොලිසිය අධිකරණයට දැන්වීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නොහික්මීම... හරිහමන් විදිහට පුහුණුව ලැබිලා නැහැ වගෙයි (නි)
මේක වෙන්න බැහැ. අතිගරු ජනාධිපති තුමා මතට තිත තිබ්බේ 2005 දී. වසර 9 කට පස්සේ මේ කට්ටිය හොරෙන් බිව්වේ ජනාධිපති තුමා රටේ නැති බව දැන ගත් නිසාද? ආයෙත් එන්නේ නැහැ කියල හිතුවද දන්නේ නැහැ. (නදී)
මට මතකයි දැනට වසර 10 - 12 කට පමණ පෙර පමුණුගම බෝපිටියේ පොලිසියේ පී.සී කෙනෙක් ඉවසන්නම බැරිතැන ස්තානාධිපතිට තුවක්කුව පත්තු කරලා එතනම සමාදානයේ සැතපුවා. (නදී)
අයියෝ සල්ලි (දී)
ඔතන මොකක් හරි අවුලක් තියනවා වගේ මට නම් හිතෙන්නේ. (නි)
ලොක්කට එහෙම නම් .... අපිට ? (අ)
ඔය ඉතින් ලොක්කන්ගෙම වැඩ තමා අනිත් අයත් කරන්නේ. (නි)