දොඩම්ගොඩ බෝඹුවල දී මැර ප්‍රහාරයට ලක්වූ බව කියන පොලිස් කොස්තාපල් සුමින්ද සමන්ට සාමාන්‍ය ඇඳුමින් සැරසුණු දෙදෙනකු සමග නැනෝ කැබ්රියකින් අද රාත්‍රී සිද්ධිය වූ ස්ථානයට යෑමට එන ලෙසට පොලිසිය කළ ඉල්ලීම ප්‍රතික්ෂේප කළේය.
දොඩම්ගොඩ පොලිස් ස්ථානාධිපති ලසන්ත බුද්ධික මහතා නිල ඇඳුමෙන් සිටි අතර සාමාන්‍ය ඇඳුමෙන් සැරසුණු තවත් දෙදෙනකු නැනෝ කැබ්රියේ සිට ඇත.
දොඩම්ගොඩ ස්ථානාධිපතිගේ අරමුණ වී ඇත්තේ කොස්තාපල්ලවා එදින සිද්ධිය වූ තැනට වාහනය පදවාගෙන යෑම බව කියති.
සාමාන්‍ය ඇඳුමෙන් සැරසුණු දෙදෙනකු ද සමග මහ රෑ යෑමට නොහැකි බව කියමින් පොලිසියේ ඉල්ලීම කොස්තාපල් සුමින්ද සමන් ප්‍රතික්ෂේප කළේය. තමාගේ ආරක්ෂාව ගැන ගැටළුවක් ඇතැයි ද ඔහු කීවේය.
ඉන් පසු ඔහුගෙන් කටඋත්තරයක් ලබා ගත් පොලිසිය නිවසින් පිටව ගියේය.
කොස්තාපල්ගේ ඥාතීන් කියනුයේ පොලිසිය කොස්තාපල් සුමින්ද අමාරුවේ දැමීමට හදන බවයි. පොලිසිය එය ප්‍රතික්ෂේප කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බන්දුල පෙරේරා,කවදාද කඩේ යාම නවත්වන්නේ? (නි)
මේ සිද්ධිය කොහොම විසඳෙයිද මන්දා (නි)
ළඟදිම අලුත් ආරංචි බොහොමයක් අහන්න වෙයි වගේ (නි)
කොන්දක් තිබෙන පීසී කෙනෙක්. (නි)
සමන්ති නොදන්නා ගොඩක් දේවල් තියෙනවා වගේ..ලජ්ජා නොවී ටිකක් අන්තර්ජාලයෙන් හොයල බලන්න ලෝකේ අපරාද නඩු විසදන්න අවශ්‍ය තොරතුරු සාධක හොයාගන්න ක්‍රම වේද මොන වගේද කොහොමද කියල.ඒ එක්ක ඔය ලෙඩේට බේතකුත් තියෙනවද කියල හොයල බලන්න අමතක නොකර.. (ස)
මෙහෙම තීරණයක් ගත් එක හොඳයි (නි)
පීසී නුවණක්කාරයෙක් වගෙයි (නි)
පොලිසියේ කෙනෙකුට අසාධාරණයක් වුණ වෙලාවේ ඔහොම නම්, අනෙක් මිනිස්සුන්ට මේ රටේ සාධාරණයක් තියෙයිද?දඩ කොලයක් නිසා හැමදේම ඉවරයි. අනේ උඩ ඉන්න දෙවියන්ටවත් පෙනෙන්නේ නැද්ද මේවා? (නි)
සමන්ත ඔයාට හිතුනදේ මට වෙන විදිහකට හිතුනා. ඒ කියන්නේ මේක මිනිමරුමක් නම් පොලිසියට තව කෙනෙක්ව මරල පෙන්නන්ඩ ඕනිද? අනේ අපේ පොලිසිය ? (අ)
මේක හරියට ටෙලි නාට්‍යයක් වගෙයිනෙ (නි)
අවංක යුක්ති ගරුක නිලධාරීන් කිහිප දෙනෙක් හරි ලංකාවේ රාජ්‍යය ආයතනවල ඉන්නවා. දේශපාලන පත්වීම් නිසා තමයි එහෙම හොඳ මිනිසුන් දිනෙන් දින රාජ්‍ය සේවයෙන් වඳ වී යන්නේ. මෙම වැරැද්ද හරි ගස්සන්න කාටද පුළුවන්? (ස)
මේ කොස්තාපල් ගැන යුක්තිය ඉටු කිරීමට යම් කිසි සංවිධානයක් ඉදිරිපත් වීම සුදුසුයි තියා සිතෙනවා. ඔහු ඉතා බියෙන් ජීවත් වෙනවා ඇති. (නි)
බොහොම හොඳ තීරණයක් අරගෙන තියෙන්නෙ (නි)
කොස්තාපල් දුරදිග හිතන කෙනෙක් වගෙයි (නි)
වගකිවයුත්තනි, ඇයි ඔබ තවමත් නිහඬව ඉන්නේ? (නි)
මේ ගොල්ලෝ නිල රාජකාරි ඇදුනුත් නැතිව රෑ වෙනකල් බලා හිටියද රාජකාරි ඉටු කරන්න? අනේ මෙහෙමත් අාශ්චර්යක් (නදී)
යහපත් විදියට මේ ගැටලුව විසඳේවා! (නි)
ඔන්න ඔහොමලු වැඩ වෙන්නේ මේ දවස් වල. (නි)
ඕක ගැන හොයන්න නැනෝ කැබ් එකෙන් රෑම යන්න ඕනෑද? අනික තව සිවිල් දෙදෙනෙකුත් එක්ක? පීසී ප්‍රවේශම් වෙන්න. මඟ හිටියොත් තෝ නසී ගෙදර ගියොත් අඹු නසී වගේ වැඩක්නේ මේක (නි)
හිතමු දුම්රිය දෙකක් හැපුනා කියලා. එතකොට පරීක්ෂණයේදී නැවත එම විදියටම දුම්රිය දෙකක් ගමන් කරවා හැපෙන්නට හරිනවාද? මම මේ නොදන්නාකමටයි අහන්නේ (නි)
පොලිසියෙ මිනිහට මෙහෙම නං සාමාන්‍ය මහ ජනයාට කොහොම සලකාවිද ?පොලිස්පති මේ පිළිබඳව ලැජ්ජා විය යුතුයි .(අ)
පීසී දුරදිග හිතලා වැඩකරන කෙනෙක් වගෙයි (නි)
රාත්‍රී මොන එහෙකට යන්න කතා කරනවද ආයුද පෙන්නන්න කියාවි වෙඩි තියාවි (අ)
පීසීගේ ඉදිරි ගමන් මඟ සාර්ථක වේවා කියා පතනවා (නි)
අපේ රටේ වෙන දේවල් අහනකොට දුප්පත් අපිට කවුරු පිහිට වෙයිද මන්දා. (නදී)
ආයුද පෙන්නන්න යන්න වෙන්න ඕනේ (නදී)
අනේ මන්දා මොනවද සිද්ධ වෙන්නේ කියලා (නි)
සාමාන්‍ය ඇඳුමින් සැරසුණු දෙදෙනකු සමග නැනෝ කැබ්රියකින් රාත්‍රී සිද්ධිය වූ ස්ථානයට යන එකේ තේරුම මොකද්ද? (නි)
මේක නම් පීසීගේ නරකම වෙලාවක් වගෙයි (නි)
ජාත්‍යන්තර මානව හිමිකම් පාර්ශවයන් මේවා දෙස බලා සිටීද? (නි)
පීසී මහත්තයෝ, තමන් හිසට තම අතමය සෙවණැල්ල (නි)
සමන්ති නොදන්නා ගොඩක් දේවල් තියෙනවා වගේ. ලැජ්ජා නොවී ටිකක් අන්තර්ජාලයෙන් හොයා බලන්න ලෝකේ අපරාධනඩු විසදන්න අවශ්‍ය තොරතුරු සාධක හොයාගන්න ක්‍රම මොන වගේද කොහොමද කියලා.ඒ එක්ක ඔය ලෙඩේට බේතකුත් තියෙනවද කියලා හොයා බලන්න අමතක නොකර (නි)
මම හිතන්නෙත් පීසී හරි (නි)
පීසී මහත්තයෝ, තමන්ගේ ආරක්ෂාව ගැන සැළකිළිමත් වෙන්න (නි)
මොනවා වුණත් බුද්ධිය මෙහෙයවා ගත් තීරණය අගය කරනවා (නි)
මම ඔය දුටුවාමයි මෙහෙම කොන්දක් තිබෙන පොලිස් නිලධාරියෙක් (නි)
ඔය සිද්ධියේදී දඩ කොලය ලැබූ කෙනා සාමාන්‍ය පුද්ගලයෙක් වුණා නම්...? (නි)
හොඳ පීසී කෙනෙක් (නි)
නීතිය මකුළු දැලක් යන කියමන සනාථ වෙයිද මන්දා. (නි)
දැන් නම් බොහෝ දුරට බොහෝ දේවල් ගැන අපිට හිතාගන්න පුලුවන් (නි)
පරණ හින්දි චිත්‍රපටි වල ඔන්න ඔහොම දේවල් මම දැකලා තියෙනවා. (නි)
සමන්ති, ඔයා නොදන්නා නිසා කියන්නේ. දුම්රිය 2 ක් හැපුනාම ඒ වැඩේ කරන්න බැහැ. ප්ලේන් එකක් කඩා වැටුනාම ඒ වැඩේ කරන්න බැහැ. නමුත් පරිගණක මඟින් ඒ දේ කරනවා.මෙතනදී එය ප්‍රායෝගිකව කළ හැකි නිසා , එවන් උත්සාහයක් ගත්තා වෙන්න පුළුවන් (නි)
මෙිකත් ලෝකයක්ද? ජනතාව කරකවලා අත ඇරලා වගේ. මෙහෙමත් අබුද්දස්ස කාලයක් දැකලම නෑ. අමිම අප්පවත් ෂුවර් නෑ. (නදී)
පොලිසියේම වැඩනේ. ඔයාට දෙයියන්ගේම පිහිටයි. ඔන්න ඔයගොලන්ගේ ආයුද හා සේවය ඔයගොලන්ටම බලාගන්න අවස්ථාව. (නදී)
බන්දුල පෙරේරා. ඔයා ලොකු බක පන්ඩිතයෙක් වෙන්න ඇති. ඒ උනාට ඔය කොරන්න හදන වැඩේ අපිට නම් ඔයාගෙ ගොන් මොලේට වඩා වැටහෙනවා. (නදී)
ඉස්සෙල්ලා අධිවේගී මාර්ගයේ වේග සීමාවට වැඩියෙන් අර වාහනය ධාවනය කරවන්න. ඊට පස්සේ දඩ කොලයක් ලියවන්න. ඒ විදිහට මුල ඉඳලා මේක කරලා බලන්න (නදී)
පීසීට ජය වේවා! (නි)
පොලිස්පතිතුමනි, මේ නිලධාරියා ගැන සොයා බලන්න (නි)
ඒ අවංක නිලධාරියා පොලිසියෙන් අස් වුනාට පස්සේ ඇයි මහා රාත්‍රියේ එක්ක යන්න හදන්නේ. ඔහු ගත් තීරණය නිසා ඔහුගේ ජීවිතය බේරුනා. ඔහුට තියෙන්නේ සරණාගතයෙක් ලෙසට වෙන රටකට යන්න. මෙහෙ හිටියොත් ජීවිතේ විස්වාස නැහැ. අනේ රටක කාලකන්නි කම. මට හරි අනුකම්පාවක් දැනෙනවා ඔහු ගැන.(නදී)
බොහොම නුවණක්කාර තීරණයක් (නි)
ඒක හොඳයි. මොකද මඟදී මාර්ග අනතුරු වුණත් වෙන්න පුළුවන්. (නි)
පොලිසියටත් මෙහෙම වෙනවා නම් අපි ගැන මොන කතාද? (නි)
සමන්ති නොදන්නා නිසා කියන්නේ. මේ වගේ දේවල් සොයන්න නුතන තාක්ෂනය යොදා ගන්නවා. උදා කෝච්චි 2 ක් හැප්පුනාම හෝ ප්ලේන් කඩා වැටීමකදී ඒ බව සොයා බලන්න කොම්පියුටර් සිමුයුලේෂන් තාක්ෂනය යොදා ගන්නවා. ප්‍රයෝගිකව පරික්ෂා කරගත නොහැකි නම්. නමුත් මෙතැන ප්‍රායෝගික ගැටළුවක් නැති නිසා මෙහෙම උත්සහ කිරීම වැරදියි. නැති උනත් බාවිතා කරපු ක්‍රමවේදය නම් අනුමැත කළ නොහැක රටේ සිදුවෙන සිදුවීම් දිහා බලනවිට (නදී)
පොලිස්පතිතුමනි, පෙනෙනවා නේද තත්වය. ඔබතුමාගේ පොලිසිය එහි සේවය කරන නිලදාරියෙක් වත් විශ්වාස කරන්නේ නැති ආයතනයක් වෙලා. රටේ මිනිස්සු ගැන කුමන කතාද. ඔබතුමාට නම් හුගක් ආඩම්බර ඇති. (නදී)
මේකට සංවිධානාත්මක විය යුතුය. (නදී)
පොලිසියේ මහත්වරුනි, ආත්ම ගෞරවයත්,පොලිසියේ ගෞරවයත් රැක ගතහොත් හොඳ නැත්ද? (නදී)
කොහේ එක්ක යන්නද මේ සූදානම? (නි)
පී .සී දන්නවා පොලිසියේ අයියල ගැන .99න් පී .සී බේරුනා. රාජකාරිය අකුරට කරන කෙනෙක් වෙන්න ඇති ? (ස)
පීසී හරි. පවතින වාතාවරණය අනුව කිසිවෙක් ගැනවත් විශ්වාසයක් තියන්න බැහැ (නි)
එයා පොලීසියේ හැටි දන්නවාද? නැත්නම් එයාගේ හැටි පොලීසිය දන්නේ නැද්ද? කොහොම හරි අපක්‍ෂපාතී පරීක්‍ෂණයක් විය යුතුයි. මේක පසුපස මොකක් හරි රහසක් තියනවා වගෙයි (නි)
මෙතන මම හිතන්නේ මොකක්හරි ප්‍රශ්නයක් තිබෙනවා. (නි)
මොළය තියන හිටපු පොලිස් නිලධාරියෙක්. (නි)
ආසියාවේ ආශ්චර්යය පෙන්නන්නද? යන්න නම් එපා (නි)
පොලිසියවත් විශ්වාස කරන්න බැරි තත්වයක් එයි වගේ නේද? (නි)
පී සී ගෙ වාහන රක්ෂණය නිසි අකාරයෙන් ගෙවල නෑහෑ නේද? මේක පී සී ගෙම උගුලක් වෙන්න බෑරිද? (නදී)
පරිස්සමෙන්. අද පොලිසියත් විශ්වාස කරන්න අමාරුයි. (නි)
එයා පොලිසිය ගැන හොඳින් දන්නවනේ. නොගිය එකම තමයි හරි. (නි)
හොද තීරණයක්. අයි පි කෙනෙක් වෙන්න ඕන මනුස්සයෙක් තමයි පි සි විදියට ඉදල තියෙන්නේ (නදී)
මොකද්ද අපේ රටට ලැබෙන්න යන කලදසාව? (නි)
කවුරු හරිද කවුරු වැරදිද මන්දා. අද රටේ දුප්පත් මිනිසුන් හැම අතින්ම අසරණයි. (නි)
අපේ පීසී මහත්තයා බොහොම නුවණක්කාර තීරණයක් අරගෙන තිබෙනවා (නි)
මෙන්න මේ වගේ නිලධාරින් තමයි පොලිසියට සුදුසු (නි)
පි සි ගියේ නැත්තේ මොකද කියල අපිට නම් තේරෙනවා. වැඩේ වටරැක වෙන්න වැඩි දවසක් යන එකක් නැහැ. වට රැකට හොදම් නළුවා දීලා පි සි ට හොදම සහය නළුවට හිමි සම්මානය ගන්න පුළුවන් වේවි. ඇමෙරිකාවට පනින්න කලින් වැඩේ පත්තු නුනොත්. (නදී)
අනේ මල්ලියේ කොහොම හරි යුරෝපයට එන්න ඔය පුවත් ටිකකුත් එකතු කරගෙන. ඉතුරු හරිය අපි බලාගන්නම්. හැබැයි තව දෙයක් කියන්න ඕනේ යුරෝපයේ ඉන්න සමහර නීති විරෝධී ලාංකිකයන් ලකාවේ ඔය වගේ පුවතක් එනකන් ඉන්නේ සරණාගත ඉල්ලන්න. එයාල කියන්නේ මට තමා මේක උනේ, එහෙම කියලා නම වෙනස් කර හොද වැඩ කර ගන්නවා. එක දිනක් ලංකාවේ උන එක්තරා සිදුවීමකට එම පුද්ගලයාම ගිහින් විස්තරේ කියල සරණාගතව ඉන්න ඉල්ලුවලු. ඊට පස්සේ එයාල කිව්වලු ඔය සිදියට සම්බන්ද උන කෙනා මාසයකට කලින් ඇවිත් අපිට ඔය විස්තරය කිව්වනේ කියලා. බලනකොට ඇත්ත මනුස්සයා පරක්කු වැඩියි (නදී)
අද රටේ තත්ත්වය මේකද? එක් පාර්ශවයක් දිගින් දිගටම බැට කනවා. පොලිස් නිලධාරියෙකුගේ තත්ත්වය මෙසේ නම් සාමාන්‍ය අපේ තත්ත්වය ගැන මොන කතාද? (නි)
අර තමන්ම ගහේ බැඳගත්තා කෙනා කලා වගේ රටෙන් පිටවෙන්න පුලුවන්නම් මේ නිලධාරියාගේ ජීවිතයට ආරක්ෂාවක් ලැබෙයි. ලොකු අවදානමක් ඉදිරියේ ඇති බව පෙනේ. (නදී)
අපේ පොලිසියට මේ මොකද වුණේ? (නි)
පොලිසියේ නම් අම්ම තාත්ත හිටියත් විශ්වාශ කරන්න එපා (නදී)