IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


පීසී පෙම්වතුන්ගෙන් කප්පම් කන්න හදලා

කොළඹ පෙරහර මාවතේ දී අත්අඩංගුවට ගත් තරුණ ජෝඩුවක් අසභ්‍ය ලෙස හැසුරුණු බවට නඩු නොපැවරීමට නම් රුපියල් 4000ක කප්පමක් ඉල්ලූ බව කියන පොලිස් කොස්තාපල්වරයෙක් කොළඹ කොටුව මහේස්ත්‍රාත්  විසින් ලබන 10 වැනි දා තෙක් රිමාන්ඩ් කරනු ලැබීය.

මෙවැනි වැඩ කරන අය පොලිස් සේවයට සුදුසු නැතැයි මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා පැවසීය.

 

 



අදහස් (0)

පීසී පෙම්වතුන්ගෙන් කප්පම් කන්න හදලා

නූරි Sunday, 06 July 2014 05:22 PM

ලංකාවේ දේශපාලකයින් කරන වැඩ දැකලා මොහුටත් සල්ලි වලට ඇති ඉල්ලුම දැනිලා වගෙයි (නි)

:       0       0

පද්මිණි Sunday, 06 July 2014 05:31 PM

තුරුණු වියේ පෙම් සුව විඳින්නටත් තහනම් නම් ලංකාවේ මිනිසුන් අමනුස්සයින් වෙන එක වළක්වන්නත් බැහැ. (නි)

:       0       0

ඩෑම් Sunday, 06 July 2014 05:49 PM

පෙම් කරන්න තැන් සැකසිය යුතුය.මානුෂික හැඟීම් පාලනය කළයුතු සේම ඒවා පිටකිරීමද කළ යුතුය. (නි)

:       0       0

ජීවන් Sunday, 06 July 2014 05:50 PM

නිල ඇඳුමටත් නින්දාවක්, මේ වගේ නිලධාරීන් (නි)

:       0       0

අජිත් Sunday, 06 July 2014 05:56 PM

මේ වගේ අය පොලිසියට සුදුසුද? (නි)

:       0       0

රුවන් Sunday, 06 July 2014 06:00 PM

අල්ලස්,පගාව නොගන්න පොලිසියේ අය දැන් බොහොම අඩුයි වගේ (නි)

:       0       0

ඉසුරන්දි Monday, 07 July 2014 10:15 AM

හපොයි මේ වගේ කප්පම් කන පොලිසියේ තව කොච්චර නම් ඇත්ද?අසරණයෙක් අල්ලගත්තම හූරන් කන්න බලන නරකාදී මිනිස්සු කොටසකුත් අපි අතර ඉන්නවනේ.(මුදී)

:       0       0

ලලින්ද්‍ර Monday, 07 July 2014 10:51 AM

අහෝ පොලිසිය නොදිටි මොක්පුර (නදී)

:       0       0

චන්ද්‍රා Sunday, 06 July 2014 07:30 PM

අම්මෝ! පොලිසිය තුල සේවයට සුදුසු නැති අය තව කොපමණ ඉන්නවා ඇදද? (නි)

:       0       0

රේණුක Sunday, 06 July 2014 07:44 PM

තරුණ වයසේ ඉන්න මේ ළමයින්ගෙන් කප්පම් ඉල්ලා ළමයින්ව බය කර ඒ ළමුන්ව අපහාසයට පත් කළ එම පොලිස් නිලධාරියාට නිසි දඩුවම් අනිවාර්යෙන්ම ලැබිය යුතුයි (නි)

:       0       0

අසංක මාලින්ද කෝණාර Monday, 07 July 2014 12:05 PM

නව ව්‍යාපෘතියක් ලෙස ලංකාවේ සිටින පෞර්ෂමත් දක්ෂතම තරුණයන් තරුණියන් පොලිසියට බදවා ගෙන මනාව එම රැකිකියාවේ ගාම්භිරත්වය උසස් කොට ගෙන සිවිල් සමාජයේ ඉහලම පිළිගැනිම ලබා දීමට සහ ලබා ගැනිමට කටයුතු කිරිමෙන් අනාගතයේ යහපත් ප‍්‍රතිඵල ලබා ගත හැකි වේ යැයි සිතනවා. දැනට ගෙන ඇති යතුරු පැදි ලබා දිම ද හොද ප‍්‍රවණතාවක් ලෙස ද දකිනවා. තෙරුවන් සරණයි . (නදී)

:       0       0

පිටිගල Monday, 07 July 2014 01:38 AM

දැන් පී. සී. ලාට මොනවා වෙලාද මන්දා? (නි)

:       0       0

ජනක Monday, 07 July 2014 04:23 AM

මේ නිලධාරියා දඬුවම් ලැබිය යුතුයි. ඒ වගේම පෙම් කරනා උදවියත් තමන් අවට වැඩිහිටියන්, කුඩා ළමුන්, පුජ්‍ය පක්ෂයේ උදවිය ගැවසෙන බව දැනගෙන පෙම් කළ යුතුයි. පසුගිය සතියේ මම මගේ දොළොස් හැවිරිදි දුව සමඟ නුවර බාලදක්ෂිකා වැඩමුළුවකට යන්න සුඛෝපභෝගී බසයක ගියා. බසයේ පෙම්වතුන් හැසිරුනේ තමන් විතරක් එතන සිටි ගානට. මට මගේ දුව සමඟ බසයෙන් බහින්න බැරිකමට හිටියා. (නි)

:       0       0

සෑම් Monday, 07 July 2014 12:52 PM

පෙම්වතුන්ට සදාචාර සම්පන්නව පෙම් සුව විඳීමට නීතියෙන් බාධාවක් නැහැ. නමුත් බොහෝ දෙනෙක් මේවගේ අයට කප්පම් දීලා බේරෙන්නේ දෙමව්පියන්ට අහුවෙන නිසායි. කොහොම උනත් තමන්ගේ අයිතිවාසිකම් සහ නීතිය පිලිබඳව පොලිසියට වඩා දැනුමක් සාමාන්‍ය මහජනයාට තියන බව මේ සිද්ධියෙන් ඔප්පු වෙනවා. (නදී)

:       0       0

චන්ද්‍රා වීරසිංහ Monday, 07 July 2014 06:03 AM

අපි දෙන්නගෙනුත් ගානක් කපන්න හැදුවනේ ඔතෙන්දීම (නදී)

:       0       0

ශ්‍යාමිලා Monday, 07 July 2014 06:31 AM

පෙම්වතුන් අහිංසකයි. ඔවුන්ට පාඩුවේ පෙම් කරන්නවත් ඉඩක් නැද්ද? (නි)

:       0       0

මොහාන් වික්‍රමසුරිය Monday, 07 July 2014 07:01 AM

මෙන්න පොලිසියේ නියම මහත්හොරු (නදී)

:       0       0

රංග Monday, 07 July 2014 01:45 PM

මම නම් හිතා ගෙන ඉන්නේ කැසිනෝ ක්ලබ් එකකට ගිහින් පෙම් කරන්න එතොකොට පොලිසියට අල්ලන්න බැහැනේ (නදී)

:       0       0

ගිහාන් Monday, 07 July 2014 08:00 AM

මේවා ගැන කතා කරලා වැඩක් නැහැ අප්පා. (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 376 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 223 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1016 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site