ඇන්ටනෝව් යානයේ අනතුරින් මිය ගිය ගුවන් භටයින් තිදෙනා ඇතුලු පස් දෙනෙක් හඳුනාගනු ලැබ සිටිති.
ගුවන් නියමු බලගණ නායක ගොකරැල්ලේ ජේ.එම්.ඩබ්ලිව්.එම් අබේවර්ධන, සහායක නියමු පියාසර ලුතිනන් හොරණ තුඩුවේ ඒ.ඒ.ටී ධනුක තරංග අමරතුංග, බලපන්ති සැරයන් එම්.ඩබ්ලිව්.එල් ප්‍රියන්ත, කෝප්‍රල් ඩබ්ලිව්.ඩබ්ලිව්.ඒ.එල් විජේරත්න යන අය මිය ගිය බවට හඳුනාගත් බව ගුවන් හමුදාව පවසයි.
තුවාල ලැබු නායක ගුවන් භට ඩී.කේ.එන් චතුරංග කොළඹ ජාතික රෝහලේ ප්‍රතිජීවක වාට්ටුවේ ප්‍රතිකාර ලබන බව රෝහල් ආරංචි කියයි.
තමන් බේරාගන්නැයි කියමින් එහි සිටි ගුවන් භටයකු කෑ ගැසු බවත් ඒ අනුව එහි පැමිණි මගීන් එහි පැමිණ ඔහු බේරාගත් බවත් ප්‍රදේශවාසීහු කියති.
ගුවන් නියමු බළගණ නායක අබේවර්ධන මුලාචාරිගේ වසන්ත නිහාල්.ඉපැදුණේ 1981.06.09 වැනිදාය.කොළඹ රාජකීය විද්‍යාලයයේ අධ්‍යාපනය ලැබීය.ගුවන් හමුදාවට බැදුණේ 2002 ජුලී මාසයේදීය.
සහායක නියමු පියාසර ලුතිනන් අමරතුංග ආරච්චිගේ ධනුක තරංග.ඉපැදුණේ 1985.01.30 වැනිදාය.හොරණ තක්ෂිලා මැදි විදුහලෙන් අධ්‍යාපනය ලැබීය.ගුවන් හමුදාවට බැඳුණේ 2006 ජුලී මාසයේදීය.
බල පන්ති සැරයන් ගුවන් ඉංජිනේරු මානික්කුවඩු ලලිත් ප්‍රියන්ත .ඉපැදුණේ 1975.07.01 වැනිදාය. ගුවන් හමුදාවට බැඳුණේ 1995 දීය.අධ්‍යාපනය ලැබුයේ අම්බලන්ගොඩ දේවානන්ද විද්‍යාලයයෙනි.
කෝප්‍රල් වාසල තිලකගේ අමිල නුවන් විජේරත්න සැපැයුම් නිලධරයෙකි.ඉපැදුණේ 1984.04.03 වැනිදාය.ගුවන් හමුදාවට බැඳුණේ 2004 දීය.අනුරාධපුර ශාන්ත ජෝසෆ් විදුහලේ ආදි සිසුවෙකි.
ගොඩකන්ද කංකානම්ගේ නාමල් චතුරංග,සැපැයුම් නිලධරයෙකි.නායක ගුවන්භටයෙකි.ඉපැදුණේ 1990 .08.16 වැනිදාය.ගුවන්හමුදාවට බැඳුණේ 2010 අගෝස්තු මාසයේදීය.බද්දේගම කිස්තුදේව පිරිමි පාසලේ ආදී සිසුවෙකි.(ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන ගුවන් භටයා)





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මුළු ජාතියම වේදනාවෙන් බලාගෙනයි ඉන්නේ මේ අනතුර ගැන. (නි)
නිවන් සුව පතමි.! (ර)
මහත්වරුනි, ඔබට ජාතියේ ප්‍රණාමය! හරිම කණගාටුයි (නි)
ඇන්ටනොව් එකක් ගන්න පුළුවන්. එහෙත් මේ තරුණ ජීවිත අපිට ආයෙත් ලැබෙන්නේ නැහැ නේද? ඔබට නිවන් සුව සොහොයුරනි! (නි)
සැමට නිවන් සුව පතමි. (නදී)
ඇන්ටනොව් එකක් ගන්න පුළුවන්. එහෙත් මේ තරුණ ජීවිත අපිට ආයෙත් ලැබෙන්නේ නැහැ නේද? ඔබට නිවන් සුව සොහොයුරනි! (ර)
ජීවිතක්ෂයට පත්වුණ අය ගැන කණගාටුයි. (නි)
අනේ දෙවියනේ! අහිංසක ජීවිත.... (නි)
අතිශයින් කණගාටු වෙමි. සැමට නිවන් සුව පතමි! (නි)
අපරාදේ! අහිංසක ජීවිත නේද මේ? (නි)