හැටන්, බගවන්තලාව ප්‍රධාන මාර්ගයේ දික්ඔය වනරාජ තේ කර්මාන්ත ශාලාව අසල විශාල පස් කන්දක් කඩා වැටී ගමනා ගමන කටයුතු අඩාල වී ඇතැයි මාර්ග සංවර්ධන අධිකාරිය කියයි.
පස් සමඟ ගල් පර්වතද මාර්ගයට පෙරලී ඇති අතර වතු කම්කරුවන්ගේ සහයෙන් මාර්ග සංවර්ධන අධිකාරිය පස් ඉවත් කිරීමේ කටයුතු අරඹා ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තේ වගා කරපු එක විතරක් නෙවේ. ෆයිනස් ගස් වගා කරපු එක තමා ලොකුම විනාශය. මොකද ෆයිනස් ගස්වල යටි රෝපණයක් නැහැ. ඉතින් වහිනකොට වැහි වතුර නිකම්ම පහල ගලාගෙන යනවා. පසේ තිබෙන සාරවත් බව විනාශ වෙනවා. එතකොට ප්‍රතිපලය තමා මේක (නදී)
හිතවත් ප්‍රදේශ වැසියනි ඔබගේ චන්දයෙන් බලයට පත්වූ මා මෙවැනි දේ සොයා බල කටයුතු කර ඉදිරියට මෙවන් දේ නොවීමට ජනතා නියෝජිතයෙක් වශයෙන් මා පොරොන්දු වෙමි. මෙයට - ඔබගේ ඡන්දෙන් පාර්ලිම්න්තුවට ගිය ජනතා නියෝජිතයා. (ස)
පරිසරය මේ බැටදෙන්නේ අපේම මිනිස් ක්‍රියාකාරකම් වල අතුරු ප්‍රතිඵල ලෙසයි (නි)
මිනිසුන්ට කරදරයක් නැත්නම් එච්චරයි... (නි)
දැන් දැන් පරිසරය අපිට එරෙහි වෙනවා වැඩියි (නි)
ඉහළ කඳුකරයේ තේ වගාකිරීම නිසා තමයි මෙය සිදුවෙන්නේ. ඒ නිසා මෙයට පිළියමක් සෙවීමේදී ඒ ගැන සැළකිලිමත් වියයුතුයි (නි)
ජනතා නියෝජිත, ඔබට ඕනෑ තැනින් පාරවල් පළල් කලාම වෙන දේ තමයි මේ සිද්ධවෙලා තියෙන්නේ. ඒ නිසා මේ සම්බන්ධව වැඩකටයුතු කිරීමට අදාළ ඉංජිනේරුවන්ට ඉඩ දී ඔබ නිහඬව ඉන්න. සියලුම ක්ෂේත්‍ර සඳහා මේ ක්‍රියාවලිය අනුගමනය කලොත් ඔබේ රැකියාවත් සුරක්ෂිත වේවි. (ස)