රුපියල් පනස් පන් ලක්ෂයක් වටිනා රන් කැබලි කෑලි 11 ක් තම අත් බෑග් වල සගවාගෙන සිංගප්පුරුවේ සිට මෙරටට පැමිණි ශ්‍රී ලාංකික පවුලකට රුපියල් දෙලක්ෂයක දඩ නියම කළ රේගුව එම රන් කැබලි රාජ සන්තක කළේය.
මේ පිළිබඳ රේගු පරීක්ෂණය නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂක දර්ශණ විජේසිරිවර්ධන මහතා විසින් සිදු කළේය.
මෙසේ දඩ නියම වුයේ කොළඹ කොම්පඤ්ඤ වීදියේ පදිංචි බිරිඳ (28), සැමියා (32) සහ 23 හැවිරිදි බිරිඳගේ සොහොරෙකුටය.
මොවුහු ශ්‍රී ලංකන් ගුවන්සේවයට අයත් යු.එල් 303 දරණ ගුවන්යානයෙන් මෙරටට පැමිණ ඇත.
මේ පිළිබඳ විමර්ශණ කටයුතු රේගු අධිකාරී කේ.ජී ආරියපාල, නියෝජ්‍ය රේගු අධිකාරී නිශාන්ත ආරියපාල සහ සහකාර රේගු අධිකාරීවරුන වන නුවන් අබේනායක, හසන්ත ගුරුගේ, සී.පී බෝපගේ, රුචිර කරුණාතිලක, එම්.කේ.යු ගාමිණී යව නිලධාරීහු සිදු කරති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කව්ද ඉතින් මේ ජාවාරම් කරන්නේ ? (නදී)
මේවා ඇයි රේගුවට වසන් කරලා අරන් එන්න හදන්නේ.අන්තිමට දඩත් කාගෙන බඩුත් නැතුව...(අ)
ඕවත් වැඩද? මේ අහන දේවල්වල හැටියට. (අ)
අයියෝ සල්ලි (නදී)
කව්ද මේ ජාවාරම් කරන්නේ කියන එක විතරක් දාන්න එපා. (නදී)
කැරට් 18 රනින් නිම කල ලෝහ පටිය සහ ආවරණය සහිත අත් ඔරලෝසු මැද පෙරදිග පොහොසත් රට වල විකිණීමට තිබෙනවා. කවුරු හරි එහෙම ඔරලෝසුවක් බැඳගෙන අවොත් රේගුවේදී ප්‍රශ්නයක් වේවිද? (නදී)