ජනවාරි අට වැනි දා සිදු කළ නිහඬ විප්ලවය ආපසු හැරවීමට ඉඩ නොතබන බව මෛත්‍රීපාල සිරිසේන ජනපති අද (04) මාතර ගොඩගම දී ප්‍රකාශ කළේය.
දක්ෂිණ අධිවේගී මාර්ගයේ මාතර හම්බන්තොට කොටසට මුල් ගල තැබීමේ උත්සවයේ දී ඔහු මේ බව කීවේය.
මම දේශපාලනයට හදිසියේ කඩා පාත් වූ කෙනෙක් නොවේ. මට වසර 49 ක දේශාපලන අත්දැකීම් තියෙනවා. පක්ෂයේ තීන්දු තීරණවලදී ජනවාරි 8 වැනි දා වූ පරිවර්තනයට කිසිදු හානියක් වීමට ඉඩ තබන්නේ නෑ. එය මා ආරක්ෂා කරනවා. මේ රටේ සියලු දෙනාට යුක්තිය සහ සාධාරණය ඉටුකරමින් දූෂණයෙන් තක්කඩිකමින් හා පවුල් පාලනයෙන් තොර යහපනයක් ඇතිකරනවා.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මහනාම මහත්තයා ඉස්සෙල්ලම ශබ්දකෝෂයක් අරගෙන ඩයස්පෝරා කියන වචනයේ තේරුම ඉගෙන ගන්න. (නදී)
මෙයාලා පුදුම තරහක්නේ තියෙන්නේ මහින්ද මහතා එක්ක මම හිතන්නේ ප්‍රභාකරන් එක්ක මෙච්චර තරහක් නැතිව ඇති (බ)
මහානාම පවුල් පාලනේ කියන්නේ ක්ලින්ටන් ගේ බිරිඳ ඡන්දෙ ඉල්ලන එක නෙවේ. ක්ලින්ටන්ගේ බිරිඳ ඡන්දෙ ඉල්ලන්නේ ක්ලින්ටන් ජනාධිපති කමෙන් ගිහින් අවුරුදු ගානකට පස්සේ.පවුල් පාලනේ කියන්නේ අනිසි බලයක් නිල නොවෙන ආකාරයෙන් එක රැස් වීම.එකට එකවර සිය පවුලම බලේ ඉන්න ඕන.දේශපාලන විද්‍යාව ටිකක් කියවන්න මහත්තයෝ.(බ)
පිස්සු දොඩවනවා වගෙයි (බ)
යුද්දේ ගැන කතා කරලා ඇති වුන අය වෙනසට ගියා දැන් ජනවාරි 8 ගැනත් ඉවරයි..අපිඅපේ අනාගතය ගැන හිතමු..(බ)
පල්ලෙවත්ත ගමරාලලගේ මෛත්‍රීපාල යාපා සිරිසේන මැතිඳුනි. නිර්පාක්ෂික ජනාධිපතිවරයකු ලෙස ක්‍රියාකරමින් ජනවාරි අට වැනි දා සිදු කළ නිහඬ විප්ලවයේ පෙර ගමන්කරුවා වෙනුවට අපි නොසිතූ මාවතක් තෝරා ගැනීමට ඔබ ඊයේ දිනයේ තීරණය කර ඇත. (නදී)
ලංකාවේ දේෂපාලකයෝ ගැන යම් හෝ විශ්වාසයක් ඉතිරිව තිබුණා නම් ඒ දේත් ඔබතුමා නැති කලා. ආයේ කිසි කෙනෙකුට ඡන්දෙ නම් දෙන්නේ නැහැ. මේ රටේ අහිංසක මිනිස්සුගේ හීන, බලාපොරොත්තු එක්ක දේශපාලකයෝ හොඳට සෙල්ලම් කරනවා (නදී)
මේ මිනිස්සු මහින්ද මහතා එක්ක තරහා වෙන දෙයක් නිසා නෙමෙයි. අපිට දැන් පාරේ බැහැලා යන්න පුළුවන්නේ බය නැතුව. ඉතින් දැන් මොකටද මහින්ද. අපි මහින්දගෙන් ගන්න ඕන වැඩ ටික ගත්තනේ. (නදී)
මෛත්‍රී මහත්තයා නියෝජනය කරන්නේ 62. සන්ධානයේ 58 ගැන අයිතියක් එයාට නැහැ. එයා සන්ධානෙට ආවනම් ශ්‍රී ලංකා එකේ සභාපති කම ගත්තනම් එයා වග කියන්න ඕන 62 ට නෙමෙයි 58 ට. එහෙම බැරිනම් එයා එ්කෙන් ඉවත් වෙන්න ඕනා. ඔයාලගේ දුක තේරෙනවා මහත්තුරුනේ. අපි කියල ඉතින් මොනවා කරන්නද ? අටලෝ දහම කැරකෙනවා. නිර්පාක්ෂික වෙන්න පොරොන්දු දීල ආපු ජනපති ශ්‍රී ලංකා එකේ සභාපතිකම ගන්න කොට එයාට ඡන්දෙ දීපු ඔයාල ඒකට විරුද්ධව පෙළ ගැහුනා නම් අද මේ විදියේ ප්‍රශ්නයක් නැහැනේ. ඔයාලත් බලන් හිටියේ 58 ත් ගෙඩි පිටින් ඔහෙලගෙ 62 ට එකතු කර ගන්න නේද? ඔහොම තමයි වැඩි තන්හාවට ගියාම. දැන් ඉතින් 17 වෙනිදට අපි යහපාලනේට සුදු කොඩි දාන කොට ඔයාලත් එන්න අපිත් එක්ක ඔය ගිය දේ අමතක කරලා ඒක කොඩියක් හරි දාන්න. (නදී)
රෝහණ මහතා ඔබතුමා තාම මොන්ටිසෝරි ද යන්නේ ? එහෙම නැතිනම් කලින් එක්කෙනාමද මේ ලියන්නේ ? කමක් නැහැ ඉස්සෙල්ලා ඉගෙන ගන්න වැදගත් සංවාදයකට අදහස් දාන හැටි බලන්න. අපි කවදාවත් කාටවත් අපහාස කරලා නැහැ. කරුණාකරලා බුද්දිමත් වන්න ඔය කඩේ යනවා වගේ වචන මම මෙහි කවදාවත් ලියා නැහැ. ඔබතුමාගේ බුද්දිමත් බව මම දන්නවා නමුත් ඉගෙන ගන්න සංවාදයක අදහස් දාන්න (නදී)
මිස්ටර් ප්‍රසාද්, කරුණාකර කියන්නකෝ ඔබතුමා බලන ශබ්දකෝෂ ය මොකක්ද කියලා.මට කියලා දෙන්නකෝ හරි තේරුම. මම මීට කලින් සංවාදයක පැහැදිලිව ලිව්වා ඩයස්පෝරා තේරුම. සමහර මහත්වරු එය බලා මට ස්තුතිත් කළා. ඔබතුමා විකිපීඩියා වෙබ් අඩවියේ තේරුම බලා, මා අමතන්න (නි)
කොහොමත් පවුල් පාලනය නම් නැවත ගෙනෙන්න එපා (නි)
නිමල්,ඔයා හරියටම හරි (නි)
ප්‍රසාද මෙන්න නියම තේරුම.කරුණාකර ඔබතුමා නිවැරදි වෙන්න.ඩයස්පෝරාව කියන තේරුම් නොවේ වැදගත් වෙන්නේ, ඒක ඇතුළේ ඉන්න කට්ටිය හා එහි ක්‍රියාකාරිත්වයයි.අනෙක් ප්‍රධාන කරුණ නම්, ඩයස්පෝරාව යනුවෙන් අදහස් කරන්නේ, තම උපන් රටෙන් නෙරපා ඇති ජන සමුහයක් වෙනත් රටක සිට ක්‍රියාත්මක වෙනකොට දෙන අර්ථයයි. ප්‍රකාශ, කරුණාකර විකිපීඩියා බලන්න. ඔක්ස්ෆෝර්ඩ්, වෙබ්ස්ටෙර් ඔය කොහේ බැලුවත් තියෙනවා නිවැරදි තේරුම සුළු වශයනේ වෙනස් වුණත්.මේක එක රටක සිට තවත් රටකට රස්සාවලට ගිහින් එකතුවුණ උදවියට කට වහරට කිව්වත්, එහි නියම තේරුම් එහෙම නොවේ. තම උපන් බිමෙන් වෙන්වී වෙනම, උපන් බිමක් නැහැ කියා ජීවත්වන ජන සමුහයක්. (නි)
ඉතා හොඳ අරමුණක් (නි)
නන්දලාල් ප්‍රංශය.ඔබට,මට,අපි හැමෝටම තේරෙන දේ ජනාධිපතිට නොතේරෙන එකයි පුදුමේ. බැරි වෙලාවත් මහින්ද අගමැති වුනොත් මාසයක් යන්නත් කලින් ජනාධිපතිට ටොපිය ලැබෙනවා ලැබෙනවාමයි. ඒක ඉර හඳ වගේ විස්වාසයි. (නදී)
8 වෙනිදා ර කරන්න ගිය කුමන්ත්‍රණය ගැනවත් පරීක්ෂණයක් කලාද? එහෙම වුනානම් අද මේ වින්නැහිය සිද්ද වෙන්නේ නැහැනේ. මම නිකම්ද කියන්නේ නයෙක් වුනොත් අවශ්‍ය වෙලාවේදී පෙනේ පුප්පල පෙන්වන්න ඕනේ මම නයෙක් කියල. නැතිනම් හිතන්නේ බයේ දුවන ගැරඩියෙක් කියලයි. (නදී)
ලක්ෂ 62 ක ජනතාවට කල ලොකුම නිග්‍රහය සහ ලොකුම පාවාදීම.(නදී)
පිට රටක හිටියත් රට වෙනුවෙන් අපි මොන තරම් මහන්සි වුනාද මහින්දව ගෙදරම යවන්න. ඒ විජයග්‍රහණය ආපස්සට හැරෙව්වා. ලැජ්ජයි. (නදී)
ජයන්ත, මිනිස්සු මහින්ද එක්ක මේ තරම් තරහ රටේ අසරණ මිනිසුන්ගෙන් ගසා කාපු දනස්කන්දය ලෝකයේ බැංකු පුරවපු එක ගැනයි. සංවර්දනය මුවාවෙන් කෝටි ප්‍රකෝටි ගණනින් ගසා කෑම නිසයි. එකෙක් නම් කමක් නැහැ හත්මුතු පරම්පරාවම. (නදී)
දේශපාලන බල තන්හාව ගැන කතාකරන සමහර අයට, තණ්හාව රෝගයක් වී ඇති අයව හඳුනාගැනීමට නොහැකිවීම කණගාටුවට කරුණකි. ඒ වගේම නිතරම ජපකරන 58 ලක්ෂයේ නායකත්වය පිරිනමා ඒ තුළින් නැවත තමන්ට නැතිවූ බලය ලබා ගැනීමේ ක්‍රියාවලිය අද ඇති දේශපාලන අවිනිශ්චිතභාවයට එකම හේතුවයි. දේශපාලන අනාථයන් සමහරක්ද,වංචා දුෂණ චෝදනා වලට ලක්වුවන්ද එහි කොටස්කරුවන් වී ඇති බව අද දකින්නට ඇත. අපි අදහන කුමන ධර්මයකට අනුවවත්, තමන් පරිත්‍යාග කළ දෙයට උදව් කරනවා වෙනුවට, කකුලෙන් ඇද ඒ තුළින් තමන් නැවත බලය ලබාගැනීමක් කාට අනුමත කළ හැකිද? (නි)
මෙතුමා කියන සමහර දේවල් වලට මම එකඟ නැහැ (නි)
ජනවාරි 8 වෙනිදායින් පසු සිදුවූ වෙනස තේරුම්ගන්න දේශපාලන විද්‍යාව ඉගෙනගන්න ඕනෑ නැහැ සුකිරි. ඇස් පෙනෙන , කන් දෙක ඇහෙන , ඕනෑම කෙනෙකුට තේරෙනවා රට කොහාටද ගියේ හා යන්නේ කියලා. (නි)
මොනවද මේ කියවන්නේ මහින්දට නාමයෝජනා දීල ඉවරයි. මින් ඉදිරියට එයා කියන කිසිදෙයක් අපි ගණන් ගන්නේ නැහැ . (නදී)
ජයවේවා! අපේ ශක්තිය ඔබට. ලක්ෂ 62 ක් ජනතාවගේ ගෞරවය රැකීම ඔබතුමාගේ වගකීමය. ඔබතුමාව රැකීම ශ්‍රී ලාංකිකයන්ගේ වගකීමය.(නදී)
මහින්ද මහත්තයා නැත්නම් සමහරවිට මමත් අද නොඉන්න පුලුවන් (නි)
මහින්ද හා මෛත්‍රී සුසන් යෝගය රටේ අනාගතයට වඩාත් හොඳ බව දේශපාලන ඉතිහාසය දන්නා කවුරුත් පිළිගනී. (නදී)
එහෙනම් ඇයි නාම යෝජනා දුන්නේ. ඔබට අපි ඡන්දය දුන්නේ ඔය දේටද. අපිව අඩි 6ක් පොලොව යට වලලන්න එපා. ඔබට අපි තාමත් ගරු කරනවා. (නදී)
පවුල් පාලනය කියන එක බටහිර විවේචකයන් කියන තරම් රකුසෙක් නොවෙයි. යහපත් පවුල් සම්බන්දතා සහිත සමාජය අපේ උතුම් උරුමයක්. විදේශිකයන්ට මෙය තේරුම් ගන්න බැහැ. ජනවාරි අට විප්ලවය ට උඩගෙඩි දුන් බොහෝ අය මෙම උරුමය තේරුම් ගන්නේ නැතිව පවුල් වාදය විවේචනය කරනවා. මෙම විවේචනය අප පවුල් ඒකකයේ ද වටිනාකම් අවතක්සේරු කිරීමකට හේතු වෙනවා. කොම්පැනි ක්‍රමයේ පාලනයට වඩා පවුල් පාලනය යහපත් කියල ඉතිහාසය හොඳින් කියවන අපට තේරෙනවා. (නදී)
ලංකා දේශපාලනයේ පවුල් පාලනය අවසන් කළ හැකිද? රනිල්, චන්ද්‍රිකා, සජිත්, මහින්ද මේ සියළුම අය පවුලේ උරුමයට දේශපාලනය කරන අය. ඊළඟ අගමැති වන්නේ මේ අයගෙන් කෙනෙක්. ඉතින් පවුල් පාලනය අවසන් කිරීමට නම් බණ්ඩාරනායක, සේනානායක, විජේවර්ධන, රාජපක්ෂ පවුල් වලින් නැතුව වෙනත් පවුලකින් නායකයෙකු පත්කර ගතයුතුයි. (නි)
අනේ යන්න ජයන්ත යන්න. (නි)
අවුල් හවුල් පාලනයට වඩා පවුල් පාලනය අපිට සිය දහස් වාරයක් හොඳයි.පසුගිය මාස 5 තුළ අපේ ඇඟේ ලේ රත්වෙලා හිටියේ.රෑ වැටුන වළේ දවල් වැටෙන්නට තරම් අපි මෝඩ නැහැ. මහින්ද දිනවන එක හැර විකල්පයක් අසළකවත් නැහැ අපිට (නි)
අපි බලමුකෝ සිද්ධවෙන දේ (නි)
අපි කොහොමත් අපි උදාකළ වෙනස නැතිවෙන්න දෙන්නෙ නැහැ (නි)
මොනවා වුණත් මේපාරත් පවුලම එයි.මිනිසුනේ,නුඹලාගේ නුපන් දරු පරම්පරාව පාවාදෙන්න නම් එපා. හදවතට නොවෙයි බුද්ධියට ( තියෙනවා නම්) අමතන්න පුරුදුවෙන්න. (නි)
මට නම් මේ මොකුත් හිතාගන්න බැහැ (නි)
මහානාමට කියන වග නම් .....මෙම රටේ කිනම් කෙනෙක් බලයට ආවත් ඔහුගේ සිට පහළම ශ්‍රේණියේ සේවකයා දක්වාම ඔවුන් රාජකාරිය කරන්නේ ඔහුට ලැබී තිබෙන නීතිමය රාජකාරී රාමුව තුළයි.නැතුව ලංකාවේ වගේ තමන්ගේ රාමුවෙන් එළියට පැන කටයුතු කිරීමක් සිද්ධවෙන්නෙම නැහැ.එම නිසා පවුලේ කෙනෙක් දේශපාලනයට ආවට ඔබලා දකින ලංකාවේ වගේ පවුල් පාලන මේනියාවක් මොවුන්ගෙන් විද්‍යාමාන වෙන්නේ නැහැ.ඉතා පිරිසිදුව තම රාජකාරිය ඉටුකරන මොවුන්වයි ලංකාවේ තම බලය ඉක්මවා අපිරිසිදු කටයුතු වල යෙදෙන ඔවුන්ගෙයි වෙනස හරියට අහසයි පොළොවයි වගේ (නි)
මෛත්‍රීපාල ජනාධිපතිතුමා 19 වන සංශෝධනයට කැමැත්ත දී අවංක වුණා. නමුත් 20 වන සංශෝධනයට එ.ජා.ප. සහයෝගය ලැබුනේ නැහැ. එතුමාගේ සිතේ යහපාලනයක් ඇතිකරන්න සැළසුම් ඇති. අපි ඊට ඉඩදෙමු (නි)
මෛත්‍රීපාල සිරිසේන ජනපති තුමා සිරිසඟබෝ රජු මෙන් හිස දන්දෙයි. කොපමන ගුන කලත් දුදනෝ නොවෙති යහපත්. (නදී)
ජයන්ත නම් කිව්වේ හරිම හරි දෙය. දන්නවනේ අපී කරපිංචා කොලයට කරන දෙය. (නදී)
ජයන්ත කියනවා හරියටම හරි. දෙවෙනි ලෝක යුද්ධය අවසාන කාලේ සර් වින්සට් චර්චිල්ව මිනිසුන් ජන්දෙන් පැරදුවා. මොකද ගඟෙන් ගොඩ උනහම ඔරුව කරගහගෙන ගියොත් මොකද වෙන්නේ ? (නදී)
අර නුගේගොඩ පැවතුන මුල්ම රැස්වීමට සහභාගී උන අයට නිසි ක්‍රියා මාර්ග අරගෙන පක්ෂය හදාගත්තා නම් අද කොන්ද ඇතිව තීරණයක් ගන්න තිබුනා. දැන් හොරුන්ට නාම යෝජනා දීල 62 ක් ජනතාව පාවල දෙන්නත් වෙනවා (නදී)
පවුල් පාලනය නැහැ කිව්වට දැන් ඔබතුමාගේ සහෝදරයා ටෙලිකොම් එකේ මෑන්පවර් සේවකයින් ගොනාට අන්දපු හැටි මේ රටම දන්නවා. දින 100 පොරොන්දුව මුදල් ඇමැති තුමා කරන්න කියපු දෙය ටෙලිකොම් එකේ විතරක් ක්‍රියාත්මක වුනේ නැත්තේ ඇයි ? (නදී)
සුකිරි, මෛත්‍රී ගේ මල්ලිලා කොහෙද ඉන්නේ ? ගොටාභය යුද්දේ ඉවරකලා අමතකද? (නදී)
මහේෂ්, සහෝදරයා දැව සංස්ථාවේ විධායක නිලධාරියෙක් වෙලා හිටියේ. මෛත්‍රිපාල පක්ෂයෙන් ඉවත් වීමත් සමග ඔහුව අයින් කළා මතක නැත්ද. ඔහු සුදුසුකම් තියෙන කෙනෙක් නිසා ටෙලිකොම් එකට පත්වුනා. (නදී)
අපේ රටේ තියෙන්නේ මජර අසික්කිත දේශපාලනයක්. මේ යන විදියට ඉදිරියේදී අපේ රට විසාලා නුවර වගේ නොවුනොත් තමයි පුදුම විය යුත්තේ (නදී)
නන්දලාල් මහතාගේ කතාව හරි.ඇයි මිනිසුන්ගේ වටිනා ඡන්දය මෙහෙමත් හෑල්ලු කරන්නේ. (නි)
ඔය කවුරු කොහොම කීවත් ඔය ගැන කතා කරන හැම දෙනාගේම පවුල්වල අය තමයි දේශපාලනය කරන්නේ. (නදී)
ඇයි මහින්ද ඡන්දේ ඉල්ලනවට මෙච්චර බය?.ඡන්දේ දෙන්නෙ ජනතාව. මහින්ද ඔච්චර වැරදි කරලා තියනවා නම් ඡන්දෙන් පරදියි. ලංකාවට හොඳක් කරලා තියනවානම් ඡන්දෙන් දිනයි බය වෙන්න එපා. (නදී)
ලංකාවේ මොන පක්ෂය ගත්තත් පවුල් සම්බන්දතා තියෙනවා. වැදගත් වෙන්නේ ක්‍රියා කරන විදිහ. ද්වේශයෙන්, කුහක කමින් බලන්න එපා. මහින්ද, ගෝටාභය රටට කල සේවය ශ්‍රේෂ්ටයි. සිංහලයට ඉක්මනින් ඉතිහාසය අමතකයි. එයාල නොහිටින්න දරුවොත් සමග සියලු දෙනාට මුහුදට පනින්න තිබුනේ. (නදී)
ලක්ෂ 62 ක් තැබු විශ්වාසය ඇත්තේ ඔබ තුමා දුන් පොරොන්දු මතය. ජනවාරි 8 ඡන්දයෙන් ජයගෙන කළ සෑම ප්‍රකාශයක්ම ජනතාවට මතක ඇත (නදී)
එකක් පැහැදිලියි. මහානාම සහ පිවිතුරු යහපාල යන මහින්ද අන්තේවාසිකයන් දෙන්නාම මේ බවලතුන්ට පුදුම බයක් තියෙන්නේ. යහපාල අනෝමා කියල කෙනෙක් මෙතන ලිව්වා. ගමන සන්නිය හැදිලා වගේ පසුගිය දවස් වල බයවෙලා හිටියා. මහානාම හිලරි නෝනාට බය වුන ගමන් දත කට පුට්ටු වෙලා. (නදී)
කවුරු මොන තීරණ ගත්තත් රටේ ඡන්ද දායකයෝ හරි තීරණය ගන්නවා. (ම)
කලි්න ජනපතිවරණයෙන් මෛත්‍රී ලක්ෂ 62 ක් ගත්තා මහින්ද ලක්ෂ 58 ක් ගත්තා. එකතුව 120 ලක්ෂයයි. එතකොට යු.ඇන්.පියට මොනවද වෙන්නේ ? (නදී)
බැරි වෙලාවත් මහින්ද අගමැති වුනොත් ජනාධිපති සහ අගමැති අතර තිබෙන්නේ බෝතලයක දුරක් පමණයි.ඒ දුර තරණය කරන එක ඒකාධිපතියෙකුට මහා ලොකු කජ්ජක් නෙමෙයි. (බ)
මහින්ද ඇතුලට අරගෙන, චන්දෙන් දිනවලා, එයා වැරදිලාවත් අගමැති උනොත්, ජනාධිපති සිරිසේන මැතිතුමා කිව්වා වගේම එතුමා "අඩි හයක් යටට" යවන එක මහින්දට කජු කනවා වගේ වැඩක් වෙනවා නොඅනුමානයි. මොකද දෙයියනේ සිරිසේන මැතිතුමා මේ වගේ මෝඩ කමක් කරේ ? නයෙක් අරන් ඔඩොක්කුවේ දාගත්තා නේද ? (නදී)
පවුල් පාලනය අයින් කලොත් ලංකාවේ දේශපාලනයෙන් 25% කොටසක් ඉතුරු වෙන්නේ නැහැ. තාත්ත පාර්ලිමේන්තුවේ, ලොකු පුතා පලාත් සභාවේ, පොඩිපුතා නගර සභාවේ, දුව තාත්තගේ ලේකම්. මල්ලිත් සමාගමක ලොක්කෙක් . පුලුවන්නම් අයින් කරන්න අපිත් හරි කැමතියි (නදී)
ජනාධිපති තුමනි , පවුල් පාලනය තිත තියන එක හොදයි, හැබැයි ඩයස්පෝරා පාලනය වහාම නවතා දැමිය යුතුයි. මොකද වඩාත් භයානක වන්නේ ඩයස්පෝරාව හා විදේශ අත පෙවීමය. අපිට පවුල් පාලනය ගැන කතා කරන මහා ලොකු ඇමෙරිකාව දැන් හිලරි ක්ලින්ටන් නෝනා ජනාතිපති කමට ඉල්ලන්නලු යන්නේ නේද ? (නදී)
මහින්ද මහත්තයව දිනෙව්වේ නැත්නම් අපි ගහපු ගැහිලි අහුවෙලා අපිටයි අපේ එවුන්ටයි යන එනමන් නැතිවෙනවා! (නදී)
බටහිර බෙර තාලෙට නැළවෙන, දේශීය බෙර තාල නොහඳුනන විකටයෙක් වේදිකාවට නග්ගලා කිතිකවා ගමුද, නැත්නම් දේශීය යක් බෙරයට නටන යකැදුරෙක් උඩට නග්ගලා බියෙන් බලා ඉදිමුද? (ම)
ඔය නිමල් වගේ අය හිතා ගෙන ඉන්න දේවල් මේ කපේදී නම් සිදු නොවේ. හිටපු එක්කෙනාගේ බලතල සම්පූර්නයෙන්ම අහෝසිවෙලා තියෙන්නේ. එ්ක නිසා සැලියුට් එක ගහන්න ලැස්ති වෙන්න අතිගරු ජනපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාට. (නදී)
පට්ටපල් බොරු (නදී)
මේ කඳානේ මහානාම පිස්සා හැම තිස්සෙම ඩයස්පෝරා ගැන කියවනවා(නදී)
නයා හොඳයිනේ කොටින්ට වඩා සෙරෙප්පුවකින් ගහලා හරි මරන්න පුළුවන්නේ ඒ වගේද කොටි ? (නදී)
ජගත් මහත්තයෝ..මෛත්‍රී මහත්තය ගාව කොහෙද 62ක්..සන්ධානේවත් ශ්‍රී ලංකා එකවත් එයාට ඡන්දෙ දුන්නේ නැහැනේ..මෙතන තියෙන්නේ 58ක්. ඒ 58 නායකත්වය ගත්තනම් එයා ඒ 58 මතයට කන්දෙන්න ඕන.58 ගන්න කොට 62 නැතිවෙන බව ඔය පරිනත දේශපාලන මොලේට තේරුනේ නැද්ද?.දෙකම බදා ගන්න ගියායින් වුණු වින්නැහිය තමයි ඔය..ඔයාල එයාව පරිස්සම් කර ගන්න එපැයි 58 ට කොක්ක ගහන්න දෙන්නේ නැතුව..අපි එයාට දුන්නෙත් නැහැ..අපිට එයා වැඩකුත් නැහැ..අපේ මතය කැමැත්ත නවත්තන්න එයාට කොහොමටවත් බැහැ..එයාව අරන් ඔයාල ගාව පරිස්සම් කරලා තියාගන්න අර එදා ආපු නඩේත් එක්ක..අපිට අපේ ගමන යන්න දෙයියනේ කියල ඉඩ දීල..(බ)
"පියවරක් පෙරට, පියවර දෙකක් පසු පසට." හැබෑ වීරයා එහෙමයි.(නදී)
ඔක්කොම කලේ හෙන රඟපෑමක්. මොකෝ මහින්ද දිනුවා නම් කොහොමත් යු.පී.එෆ්.ඒ ජෙනරල් ඉලෙක්ෂන් එක පරදිනවා. දැන් ජනාධිපතිකමත් ආණ්ඩුවත් දෙකම යු.පී.එෆ්.ඒ එකට. (නදී)
අන්න ඇමෙරිකාවෙත් පවුල් පාලනය..... හිලරි ක්ලින්ටන් ....එනෝ..(නදී)
ඇත්ත කියන මිනිස්සු, ඇත්ත දකින මිනිස්ස්සු හැමදාම පිස්සෝ තමයි. (නදී)
සහන් මහතා මොකද මේ ඔබේ මන්ද බුද්දිකම මේ උගත් සංවාදයේ පෙන්වන්න හදන්නේ ? ඔබේ අඳබාලකම ඔබේ ගෙදර උදවියට පෙන්වන්න. මම වරදක් ලිව්වා නම් ලස්සනට විවේචනය කරන්න. ආරූඩ නමක් දාගත් පමණින් තමන්ගේ නොහැදිච්ච කම ප්‍රදර්ශනය කරන්න එපා. ඩයස්පෝරාව යනු මේ රටේ ගිල ගන්න බලා ගෙන ඉන්න රකුසා බව ඔබේ මොන්ටිසෝරි මොලේට නොතේරුනාට මට කනගාටු වෙනවා ඇරෙන්න වෙන කල හැකි දෙයක් නැත. ඔබතුමා මොන්ටිසෝරියේ ඉඳන්ම පටන් ගත යුතු බව අකමැත්තෙන් උවත් කීමට සිදුවේ (නදී)
දැන් මොකද වෙන්නේ රතිඤ්ඤා පත්තු කළ අයට ? අපරාදෙ සල්ලි. (නදී)
නන්දලාල් ප්‍රංශය සහ පෙරේරා ගේ අදහස් අනුමත කරමි. (නදී)
මහානාම කඳානගේ ඔලුව බිත්තියේ වැදිලා එහෙමත් නැත්නම් බන්දුල පෙරේරා වගේ මහින්දට කඩේ යන මෝඩ ගොන් තකතීරුවෙක්.
මේයා අනුන් ගේ ලනු කාපු එක්කෙනක් (නදී)