දිස්ත්‍රික්ක 10ක නායයෑම් අධි අවදානම් කලාපයන්හි පදිංචිව සිටි පවුල් 2866කට මුල් බිමේ පදිංචිවීමට අවසර දිය නොහැකි බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ නායයෑම් පර්යේෂණ හා අවදානම් කළමනාකරණ අංශයේ අධ්‍යක්ෂ ආර්.එම්.එස්.බණ්ඩාර මහතා පැවසීය.
කෑගල්ල දිස්ත්‍රික්කයේ පවුල් 1762ක්, මහනුවර 652ක්, රත්නපුර 230ක්, නුවරඑළියේ 114ක්, මාතලේ පවුල් 42ක්, කුරුණෑගල 31ක්, ගාල්ලේ 15ක් හා කොළඹ හා ගම්පහ පවුල් 15ක් මෙලෙස ඉවත් කැ තිබෙන බවද අධ්‍යක්ෂවරයා සඳහන් කළේය.
බදුල්ල, හම්බන්තොට දිස්ත්‍රික්කයන්හි නායයෑම් ලක්ෂණ පෙන්නුම් කරන ස්ථාන 661ක් පිළිබඳ පරීක්ෂණ ආරම්භකර ඇතැයිද හේ ප්‍රකාශ කළේය.
මේ අතර ගංවතුරෙන් පසු ඇතිවන තත්ත්වයන්ගෙන් ජනතාව මුදවා ගැනීම සඳහා සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව කටයුතු ආරම්භ කර ඇත. කොළොන්නාව ග්‍රාම සේවා වසම් 38ක, අවිස්සාවේල්ල, සීතාවක, කඩුවෙල පෙදෙස්වල ගංවතුරෙන් විනාශවූ පොදු ස්ථාන මාර්ග ආදිය සුද්ධ පවිත්‍ර කිරීම් කටයුතු භටයින් 1000කට අධික පිරිසකගේ සහභාගිත්වයෙන් ඇරඹිණි.
2025 දෙසැම්බර් මස 30
159
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
783
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
382
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
‘පවුල් 2800කට පරණ තැන් නෑ‘
විපුල Tuesday, 24 May 2016 04:03 PM
මේ අය උතුරේ පදිංචි කළ යුතුයි . නාය යන්නැති ඉඩම් සැහෙන ප්‍රමාණයක් උතුරේ තිබේ. (බ)
ප්‍රබෝද Tuesday, 24 May 2016 06:26 PM
මම නම් මේක දකින්නේ ගහෙන් වැටිච්ච මිනිහට ගොනා ඇන්න වගේ. මොවුන්ට එම ප්‍රදේශය අවටින්ම නාය යන්නේ නැති ඉඩම් ලබා දිය යුතුයි. මොකද දරුවන් ඉස්කෝලේ යන රැකියා කරන ස්ථාන ඔක්කොම පදිංචි ස්ථානය සමග බැදී පවතිනවා. (බ)
මහින්ද ආර් කිතුල්ගොඩ Tuesday, 24 May 2016 08:05 PM
එ්ත් එතකොට මේ අයගේ විදුලි බිල් ජල බිල් අය කරගන්න ආණ්ඩුවට බැරිවෙනව නේද...එ්කට මොකද කරන්නේ ? (බ)