චක්‍රලේඛයක් මගින් 2014 දී විදුලිබල මණ්ඩලයේ සේවකයන් කොටසකට පමණක් වැටුප් වැඩි කිරීමෙන් මසකට රුපියල් කෝටි 50ක් රජයට අහිමි වන බව කියමින් පොලිසියට ලැබුණු පැමිණිල්ලක් මත හිටපු විදුලිබල ඇමැතිනි පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගෙන් සහ විදුලි බල අමාත්‍යංශයේ හිටපු ලේකම්ගෙන් ප්‍රකාශයක් ලබා ගන්නා බව වංචා විමර්ශන අංශය කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතාට දැනුම් දුන්නේය.
විදුලි සේවක සංගමයේ ලේකම් ජයලාල් පෙරේරා මහතා පොලිසියට එම පැමිණිල්ල කර තිබිණි.
එය පොදු දේපොළ පනතට වැටෙන්නේදැයි ඊළඟ දිනයේ දැනුම් දෙන ලෙස මහේස්ත්‍රාත් පොලිසියට නියෝග කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔහොම යමු! අපිත් ඉවසිල්ලෙන් බලාගෙන ඉන්නේ (නි)
කට උත්තර අරගෙන විතරක්නම් මදි. ඒ ගැන හොයලා ඒ සිදුකරපු වංචාවට අයිති හැමෝටම දඬුවම් දෙන්නත් ඕන. ඒවගේම ඒ සිද්ද වුනු පාඩුව මින් ඉදිරියට නොවෙන්නට නීති විරෝධී අන්දමට කරපු වැටුප් වැඩිකිරීම නවත්තන්නත් ඕන. මේ වෙනකොට ගෙවලා තියෙන මුදල් ආපහු අයකරගන්නත් ඕන. අපි පත්කරපු අලුත් ජනාධිපතිතුමා බලයට එන්න ඉස්සරවෙලා මිනිස්සුන්ට පොරොන්දු වුනු දේවල් ඉටුකරනකල් අපි බලාගෙන ඉන්නවා. මේ වංචාවල් දැන්වත් නවත්වන්න. ලංකාවේ වෙන්න ඕන දේවල් නෙවෙයි දැන් වෙන්නේ. වැඩකට නැති දේවල් විතරයි මේ ආණ්ඩුවත් කරන්නේ. ෆුල් ෆේස් හෙල්මට් තහනම් කිරීම් වගේ වැඩකට නැති දේවල් කරන්න කලින් රටේ ආරක්‍ෂාව ගැන හිතලා කරන්න තව ගොඩක් දේවල් තියෙනවා. නිකන් මිනිස්සු කෝපකරවන දේවල් විතරයි බලාගෙන යනකොට දැන් සිද්ධවෙන්නේ. (ස)
මේවගේ නමක් තියෙන කෙනෙක් කලකට පෙර රජතුමෙක් ගාව දන ගහගෙන හිටියා මතකයි. (ත)