විධායක ජනාධිපති බලතල යටතේ ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලය යළි පණ ගැන්වීමට මෛත්‍රීපාල සිරිසේන ජනපති ගත් උත්සාහය ශ්‍රී ලංකා පුවත්පත් ආයතනය හා එහි අනුබද්ධ හවුල්කරුවෝ හෙළා දකිති.
මාධ්‍යකරුවන් හිරගෙට යැවීම ඇතුළු පුළුල් අධිකරණමය බලතල ඇති මෙම නීති රීති කලක් අකර්මන්‍යව තිබූ බවත් ජනපති යළිත් එය ඉදිරිපත් කිරීම ගැන පුවත්පත් ප්‍රකාශකයෝද ජාතික පුවත්පත් කතුවරුද, මාධ්‍ය ක්‍රියාකාරීහුද, වෘත්තීය ජනමාධ්‍යවේදීහුද දැඩි විරෝධය පළ කරති.
මුද්‍රිත මාධ්‍යයට හා එහි අයිතිකරුවනට නියමින් හා අනියමින් තර්ජනද බලපෑම්ද ලැබෙන ආකාරයේ නීති රීති යළි ඇති නොකරන බව පසුගිය ජනපතිවරණයේදී ප්‍රකාශ කළ ජනපති සිරිසේන මහතා මාධ්‍ය නිදහස රකිනු වෙනුවට ඔවුන් හිරේ විලංගුවේ දැමීමට සැරසෙතියි ශ්‍රී ලංකා පුවත්පත් සංගමය, කර්තෘ සංසදය, නිදහස් මාධ්‍ය ව්‍යාපාරය හා ශ්‍රී ලංකා වෘත්තීය කලාවේදීන්ගේ සංගමය ජනපතිට දන්වා ඇත.
ජනපතිගේ ක්‍රියාව නීති විරෝධී බවත් පුවත්පත් කලාවේ නියැලී සිටින්නන්ගෙන් විමසීමේ මූලික ආචාරධර්මයවත් නොසලකා පුවත්පත් මණ්ඩලය යළි පිහිටුවා ඇති බවත් ඔවුහු කියති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙහි දෙපැත්තක් තියෙනවා. ඇතැම් මාධ්‍ය දැන් එක එක විදියට එක එක ඒවා දානවා. එවැනි දේ ගැන සුදුසු තීරණයක් ගැනීමේ හැකියාවක් තිබිය යුතුයි. අවංක මාධ්‍යවේදීන් මේ ගැන කලබල වෙන්නේ ඇයි. ජනපතිතුමා නිවැරදියි මට නම් පේන්නේ. (නදී)
හරි නීති ගේන්න ඕනේ, හිරේ ගියාට මොකද වැරැද්දක් නම්.(නදී)
මාධ්‍ය කියන්නේ පුද්ගලයෙකුට කඩේ යන්නෙක් නොවිය යුතුයි. සාධාරණය අනාවරණය කළ යුතුයි. (නදී)
ඕනෙම දෙයකට නීතියක් තියෙන්න ඕනේ (ම)
තමන් හරිමඟ යනවා නම්, විනයගරුක නම් බයවෙන්න අවශ්‍ය නැහැ. (නි)