ලබන 17 වැනිදා ඇරඹෙන කතරගම ඇසළ උත්සවයට සහභාගීවීම සඳහා උතුරු නැගෙනහිර පළාත්වල සිට 1500 දෙනෙක් පමණ පාද යාත්‍රාවේ පැමිණ පාන ඔකඳ දේවාලයේ සිට අද (8) කුමන වනෝද්‍යානය මැදින් ගමන් අරැඹූහ.
මොනරාගල දිසාපති ඩී.ඒ.එස්.පද්මා කුලසූරිය මහත්මියද එහි වූවාය.
ලබන 17 වැනි දින ඔවුන් කතරගමට ළඟාවීමට නියමිතය.
පොතුවිල් මුහුදු මහා විහාරාධිපති වරකාපොළ ඉන්ද්‍රසිරි හිමියන්ගේ අනුශාසනා පරිදි 242 බල සේනාධිපති කර්නල් සිරිශාන්ත මහතාගේ උපදෙස් මත 23 වැනි සිංහ රෙජිමේන්තුව වන්දනාකරුවන්ට කිරිබතින් සංග්‍රහ කළේය.
කුමන ජාතික වනෝද්‍යානයේ උද්‍යාන භාරකරුවන සුරංග රත්නායක මහතා විසින් බැතිමතුන්ට පරිසරයට හා වන සතුන්ට හානියක් නොවන ආකාරයට කටයුතු කරන ලෙස උපදෙස් දුන්නේය.
ලාහුගල ප්‍රාදේශීය ලේකම් එල්.ඒ.සෝමරත්න හා කතරගම ප්‍රාදේශීය ලේකම් ගයාන් අලගියවන්න මහත්වරුද පැමිණ සිටියහ.





![DSC_0378[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/07/DSC_03781.jpg)
![DSC00226[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/07/DSC002261.jpg)




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ මිනිස්සු බැති සිතින් කරන මේ පුජා සියලුම වැසියන්ට දේව අාශිර්වාදයක්ම වේවා! (නදී)
කතරගම දෙවියන් සෝවාන් දෙවියෙක්, එම නිසා අපි එය සිතාගෙන පින් දීමෙන් නියම ආශිර්වාදය ලබගත හැකිවෙනවා (ම)
මටත් හරිම ආසාවක් තියෙනවා මේ ගමනට එකතු වෙන්න. අනේ එ්ත් වෙලාවක් නැහැනේ. ඔබ සැමට කතරගම දෙවි පිහිට ලැබේවා (නදී)
කද සුරිඳුනී ඔබේ පිහිට ලැබේවා. මගේ රට සව්සිරියෙන් සපිරේවා. (නදී)