(සුජිත් හේවාජුලිගේ)
සීසීටීවී කැමරා සවිකරන ලෙස ශ්රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව නිර්දේශ කර ඇත.
මෙසේ සීසී ටීවී කැමරා සවිකරන ලෙස නිර්දේශ කර ඇත්තේ පොලිස් ස්ථානවල පිළිගැනීමේ ස්ථාන සිරමැදිරි ආලින්ද හා රැඳවුම් ස්ථානවලය
සිරගත කිරීම්වලදී මරණ සිදුවීම වළක්වා ගැනීම සඳහා ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව පොදු මාර්ගෝපදේශ යටතේ මෙම නිර්දේශ ඉදිරිපත් කර ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනිවාර්යයෙන්ම විය යුතු දෙයක් ප්‍රමාද වෙලා හෝ කෙරෙන එක ගොඩක් වටිනවා. ජීවිත ගොඩක් බිලිවුණා පොලිසිය තුළ අමානුෂික වදහිංසා නිසා...
අත්අඩංගුවට ගන්න යනකොට, සිරකරුවන් පිටතට ගෙන යනකොට "බොඩි කැම්" අනිවාර්ය කරන්න. මේ ගොල්ලො සාක්කි වහන්නේ ඝාතනය කරලා...
තමන් භාරයේ සිටි සැකකරුවෙකු වධ බන්ධනයට හෝ මරණයට ලක්වුවහොත් අදාළ ස්ථානාධිපතිවරයාට අනිවාර්ය සිරදඬුවමක් හා සේවයෙන් පහකිරීමේ නීතියක් ගෙනෙන්න. ඔය ජරා වැඩේ ඉබේම නවතීවි. අනික පොලිස්ථානයකට යන පුද්ගලයින්ට කතාකරන්නේ ඉතාම පහත් විදිහටයි. බොහෝමයක් පොලිස් ස්ථානාධිපතිලා හිතාගෙන ඉන්නේ ඔවුන් මහේස්ත්‍රාත්වරුන් කියලයි. බස්නාහිර පළාතේ එක්තරා පොලිස් ස්ථානාධිපති වරක් කියනවා මට ඇහුණා ඔහු එයාගේ වසමේ පළමු පුරවැසියා කියලා. ඔය අර්ථයෙන් ගත්තොත් රටේ පළමු පුරවැසියා පොලිස්පති වෙන්න ඕනෑ. නමුත් එක නෙවෙයි ඇත්ත කියලා මේ මනුස්සයාට නොතේරෙන්නේ ඔවුන් සිටින මානසිකත්වය නිසයි. අල්ලස් කොමිසමෙන් හා පොලිස් කොමිසමෙන් ක්ෂණික කඩාපැනීමේ එක්ක පොලිස් ස්ථානවලට යවන වැඩපිළිවෙලක් සකසන්න. එවිට ගොඩක් පොලිසි නිසි මඟට ඒවි.