තමන්ට ලැබීමට නියමිතව තිබූ උසස්වීම අහිමි කිරීම සම්බන්ධයෙන් සිය මුලික අයිතිවාසිකම් කඩ වී ඇති බව පවසමින් තමන්ට ලැබිය යුතු නියෝජ්‍ය පොලිස්පති ධූරය ලබාදීමට නියෝග කරන ලෙස ඉල්ලා ගාල්ල දිසා භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එස්.ඒ.ඩී.එස්.ගුණවර්ධන මහතා කොළඹ ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩුවක් පවරා ඇත.
කොළඹ පොලිස් මූලස්ථානයේ පරිපාලන අංශයේ සේවය කරන ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ගාමිණී නවරත්න මහතා ජූලි 21 වැනි දින විශ‍්‍රාම යාමට නියමිත වුවත් පදනම් විරහිතව ඔහුගේ සේවා කාලය වසරකින් දීර්ඝ කිරීමට නීතිය හා සාමය ආරක්‍ෂා කිරීමේ අමාත්‍ය ජෝන් අමරතුංග මහතා ඇතුළු කැබිනට් මණ්ඩලය කටයුතු කිරීමෙන් තමන්ට නියමිත සේවා උසස් වීම අහිමි කර ඇතැයි ගාල්ල දිසා භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා ගොනු කළ පැමිණිල්ලේ සඳහන්ය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පොලිසියටත් නීතිය අසාධාරණයි කියල හිතෙනව වගේයි. (බ)
මෙම උසස්වීම නොදීමට හේතු තිබෙනවද? (නි)
සේවා කාලය දීර්ඝ කිරීමට විශේෂ හේතු මොනවාද? (නි)
මේ වගේ පහුගිය කාලයේ කොපමණ නම් දීර්ඝ කිරීම් කළාද ..? (නි)