අසාධාරණ ලෙස පොලිස් සේවයෙන් පහ කළැයි කියන අය සංවිධාන වී එම තීරණවලට එරෙහිව තම අයිතිවාසිකම් වෙනුවෙන් සටන් කිරීමට සංවිධානයක් පිහිටුවාගෙන ඇත. පසුගිය මාස කිහිපයේ සියයකට අධික පිරිසක් සේවයෙන් පහ කර ඇත. ඉතා සුළු වැරදි හා වෙනත් අයගේ වැරදි නිසා තමන් සේවයෙන් පහ කළ බව කිහිපදෙනෙක්ම පැවසූහ. වැඩිම පිරිසක් පහ කර ඇත්තේ මධ්‍යම පළාතෙනි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රටක නීති පද්දතියක් තිබේ. ඊට අනුකුලව වැරදි කරුවන්ට දඬුවම් දෙනු ලැබේ. ඔය ප්‍රවෘත්තියේ හැටියට හොරුන්ට ,මිනී මරුවන්ටත්, කුඩුකාරයින්ටත් සංගම් හදන්න පුලුවන්. අනේ ලංකාවේ නිදහසක තරම. (නදී)
මේ සංවිධානයට දාන්න හොඳ නමක් දෙකක් මගේ හිතට එනවා. පගා මරුවන්ගේ එකතුව, ට්‍රැෆික් කාක්කන්ගේ සංසදය, ජරාව කා අජිරණ වුවන්ගේ සංගමය (නදී)
ලංකාවේ විතර සංගම් ඇති රටක් ලෝකයේ කොහෙවත් නැතිව ඇති. කව්රු උදව් කලත් මේ සංගමයට ජනතාවගේ අනුකම්පාවක් නම් නොලැබෙයි (නදී)
සේනාරත්න මහත්තයෝ කාටත් සංගම් හදන්න පුළුවන්. හැබැයි පේන හැටියට මේ සංගමේ නම් මේ අයට උන අසදාරණයට පටන් ගත්තු එකක් වගේ. අනේ මහත්තයෝ එක සැරේටම කඩේ යන්නේ නැතුව පොඩියක් හිතුවොත් නරකද. (නදී)
මේ ගොල්ලන්ගේ සංගමේට සාමාජිකයෝ නම් ඕනි තරම් ඉදීවි. ලගදීම ඉංගිරිය පැත්තේනුත් කට්ටියක් එකතු වෙයි (නදී)
සේනාරත්න ඔය නීති පද්ධතිය හරියට ලංකාවේ ක්‍රියාත්මක වෙනවද? බොහෝ වෙලාවට ලොක්කන්ගේ වැරදි වලට බෙල්ල යන්නේ පොඩ්ඩන්ගේ. පොලිසියෙන් හරියට නිතිය ක්‍රියාත්මක කරවන්න හදන නිලධාරියාට දේශපාලකයෝ මොනවා හරි බොරු වරදක් පටවලා ගෙදර යවනවා. ඒක නිසා මෙවැනි සංවිධානයක් පිහිටුවීම ගැන වැඩිදෙනා එකඟ වෙනවා නියතයි. (නදී)
හිර ගෙවල් වල ඉන්න කට්ටියත් එක එක හිර ගෙවල් වල නම්වලින් සමිති සමාගම් පිටුවාගෙන උද්ගෝෂණ කරන්න ගත්තොත් කොහොමට හිටීවිද ? (නදී)
රාජ්‍ය සේවකයකු අසාධාරණ ලෙස සේවයෙන් ඉවත් කළා නම් රාජ්‍ය සේවා කොමිසම් සභාවට හෝ මානව හිමිකම් කොමිසන් සභාවට පැමිණිලි කිරීමේ හැකියාවක් තිබෙනවා. ඒ පිළිබඳ අවබෝධයක් සෑම රාජ්‍ය සේවයකුටම තිබිය යුතුයි (නි)
සමහරු පොලිසියේ ඉන්නකොට සංගම් වලට විරුද්ධවයි වැඩ කරන්නේ. ඒ ගොල්ලන්ට වැඩ වැරදුනාමයි සංගම් වල වටිනාකම තේරෙන්නේ. කොහොම වුණත් ලංකාවේ පොලිසියේ වැඩ ගැන ජනතාව දන්නවා (නි)
රටක නීති පද්දතියක් තිබේ නම්, අයි මේ ලංකාවේ කුඩු කන්ටේනර්, ගංජා, කසිප්පු, ගණිකා, මිනීමැරුම්, වතුර ඉල්ලුවම ඝාතනය, මිනිස්සුන්ගේ ජනතා මුදල් ගසා කෑම් ආදී විනාශකාරී දේවල් කරන අය බොහොම හොඳින් වජබෙන්නේ අසරණයෝ දුක්විදින්නේ? මේ පුද්ගලයන් අසාධාරණයට ලක් වී ඇති බව මගේ හැඟීමයි (අ)
සංගමේ රැස් වෙන තැනක් වෙලාවක් දාන්නකෝ ..මිනිස්සු බල ගනීවි ඉතුරු ටික ...(අ)
ලංකාවේ කුඩා සහ මහාපරිමාණ හොරුන් එකතුවෙලා සංවිධානයක් "අපි හොරු " කියල හදන්නත් ඉඩ තිබෙනවා නේ. (නදී)