IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


පොලිසියෙන් පැන්නූ අයත් සංගමයක් හදති

අසාධාරණ ලෙස පොලිස් සේවයෙන් පහ කළැයි කියන අය සංවිධාන වී එම තීරණවලට එරෙහිව තම අයිතිවාසිකම් වෙනුවෙන් සටන් කිරීමට සංවිධානයක් පිහිටුවාගෙන ඇත. පසුගිය මාස කිහිපයේ සියයකට අධික පිරිසක් සේවයෙන් පහ කර ඇත. ඉතා සුළු වැරදි හා වෙනත් අයගේ වැරදි නිසා තමන් සේවයෙන් පහ කළ බව කිහිපදෙනෙක්ම පැවසූහ. වැඩිම පිරිසක් පහ කර ඇත්තේ මධ්‍යම පළාතෙනි.

 

 



අදහස් (0)

පොලිසියෙන් පැන්නූ අයත් සංගමයක් හදති

සේනාරත්න Friday, 12 September 2014 04:28 AM

රටක නීති පද්දතියක් තිබේ. ඊට අනුකුලව වැරදි කරුවන්ට දඬුවම් දෙනු ලැබේ. ඔය ප්‍රවෘත්තියේ හැටියට හොරුන්ට ,මිනී මරුවන්ටත්, කුඩුකාරයින්ටත් සංගම් හදන්න පුලුවන්. අනේ ලංකාවේ නිදහසක තරම. (නදී)

:       0       0

සෑම් Friday, 12 September 2014 04:53 AM

මේ සංවිධානයට දාන්න හොඳ නමක් දෙකක් මගේ හිතට එනවා. පගා මරුවන්ගේ එකතුව, ට්‍රැෆික් කාක්කන්ගේ සංසදය, ජරාව කා අජිරණ වුවන්ගේ සංගමය (නදී)

:       0       0

ගාමිණී සිරිවර්දන Friday, 12 September 2014 04:55 AM

ලංකාවේ විතර සංගම් ඇති රටක් ලෝකයේ කොහෙවත් නැතිව ඇති. කව්රු උදව් කලත් මේ සංගමයට ජනතාවගේ අනුකම්පාවක් නම් නොලැබෙයි (නදී)

:       0       0

අනුර ඩබ්ලිව් සෙනවිරත්න Friday, 12 September 2014 05:12 AM

සේනාරත්න මහත්තයෝ කාටත් සංගම් හදන්න පුළුවන්. හැබැයි පේන හැටියට මේ සංගමේ නම් මේ අයට උන අසදාරණයට පටන් ගත්තු එකක් වගේ. අනේ මහත්තයෝ එක සැරේටම කඩේ යන්නේ නැතුව පොඩියක් හිතුවොත් නරකද. (නදී)

:       0       0

කොළඹගේ Friday, 12 September 2014 05:12 AM

මේ ගොල්ලන්ගේ සංගමේට සාමාජිකයෝ නම් ඕනි තරම් ඉදීවි. ලගදීම ඉංගිරිය පැත්තේනුත් කට්ටියක් එකතු වෙයි (නදී)

:       0       0

සමන් Friday, 12 September 2014 05:17 AM

සේනාරත්න ඔය නීති පද්ධතිය හරියට ලංකාවේ ක්‍රියාත්මක වෙනවද? බොහෝ වෙලාවට ලොක්කන්ගේ වැරදි වලට බෙල්ල යන්නේ පොඩ්ඩන්ගේ. පොලිසියෙන් හරියට නිතිය ක්‍රියාත්මක කරවන්න හදන නිලධාරියාට දේශපාලකයෝ මොනවා හරි බොරු වරදක් පටවලා ගෙදර යවනවා. ඒක නිසා මෙවැනි සංවිධානයක් පිහිටුවීම ගැන වැඩිදෙනා එකඟ වෙනවා නියතයි. (නදී)

:       0       0

කෝලිත Friday, 12 September 2014 05:27 AM

හිර ගෙවල් වල ඉන්න කට්ටියත් එක එක හිර ගෙවල් වල නම්වලින් සමිති සමාගම් පිටුවාගෙන උද්ගෝෂණ කරන්න ගත්තොත් කොහොමට හිටීවිද ? (නදී)

:       0       0

සත්‍යපාල Friday, 12 September 2014 05:37 AM

රාජ්‍ය සේවකයකු අසාධාරණ ලෙස සේවයෙන් ඉවත් කළා නම් රාජ්‍ය සේවා කොමිසම් සභාවට හෝ මානව හිමිකම් කොමිසන් සභාවට පැමිණිලි කිරීමේ හැකියාවක් තිබෙනවා. ඒ පිළිබඳ අවබෝධයක් සෑම රාජ්‍ය සේවයකුටම තිබිය යුතුයි (නි)

:       0       0

මංජු Friday, 12 September 2014 06:01 AM

සමහරු පොලිසියේ ඉන්නකොට සංගම් වලට විරුද්ධවයි වැඩ කරන්නේ. ඒ ගොල්ලන්ට වැඩ වැරදුනාමයි සංගම් වල වටිනාකම තේරෙන්නේ. කොහොම වුණත් ලංකාවේ පොලිසියේ වැඩ ගැන ජනතාව දන්නවා (නි)

:       0       0

සේනක ද සොයිසා සිරිවර්ධන Friday, 12 September 2014 06:09 AM

රටක නීති පද්දතියක් තිබේ නම්, අයි මේ ලංකාවේ කුඩු කන්ටේනර්, ගංජා, කසිප්පු, ගණිකා, මිනීමැරුම්, වතුර ඉල්ලුවම ඝාතනය, මිනිස්සුන්ගේ ජනතා මුදල් ගසා කෑම් ආදී විනාශකාරී දේවල් කරන අය බොහොම හොඳින් වජබෙන්නේ අසරණයෝ දුක්විදින්නේ? මේ පුද්ගලයන් අසාධාරණයට ලක් වී ඇති බව මගේ හැඟීමයි (අ)

:       0       0

බණ්ඩා Friday, 12 September 2014 06:11 AM

සංගමේ රැස් වෙන තැනක් වෙලාවක් දාන්නකෝ ..මිනිස්සු බල ගනීවි ඉතුරු ටික ...(අ)

:       0       0

ගිහාන් Friday, 12 September 2014 07:20 AM

ලංකාවේ කුඩා සහ මහාපරිමාණ හොරුන් එකතුවෙලා සංවිධානයක් "අපි හොරු " කියල හදන්නත් ඉඩ තිබෙනවා නේ. (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 249 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 180 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 987 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site