
(රොෂන් තුෂාර)
අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය මේ වන විට කොළඹ විශ්ව විද්‍යාලයේ සිට පා ගමනින් ගොස් විශ්ව විද්‍යාල ප්‍රතිපාදනයක් කොමිෂන් සභාව ඉදිරිපිට සිදු කිරීමට නියමිත උද්ඝෝෂණ ක්‍රියාවලිය වළක්වන්නැයි කුරුඳුවත්ත පොලීසිය කළ ඉල්ලීම සම්බන්ධයෙන් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංක එස් බෝදරගම මහතා කිසිදු නියෝගයක් නිකුත් නොකළේය.
උද්ඝෝෂණය මගින් මහජන පීඩාවක්, නීතිය හා සාමය කඩවීමක් සිදුවන්නේ නම් පොලිස් ආඥා පනත හා අපරාධ නඩුවේ දාන සංග්‍රහ පනතේ විධිවිධාන ප්‍රකාරව කටයුතු කිරීමේ බලය පොලිසියට ඇති බවත්,එම බලය ක්‍රියාත්මක කිරීමට කිසිදු බාධාවක් නොමැති බවත් පෙන්වා දුන්නේය.
කුරුදු වත්ත පොලිසිය කරුණු ඉදිරිපත් කරමින් සඳහන් කර සිටියේ මෙම උද්ඝෝෂණ පාගමන අද දහවල් දොළහට ආරම්භ කිරීමට නියමිත බවත් මේ වන විට සාමය කඩවීමක් හෝ වෙනත් කිසිදු අන්තරාවක් සම්බන්ධයෙන් කරුණු වාර්තා වීමක් සිදුව නොමැති බවත්ය.
විශ්ව විද්‍යාලය අසල රීඩ් මාවතේ සිට වොට් පෙදෙස මාවත දක්වා මාර්ගයේ මගීන්ට හා රථ වාහනවලට අවහිරයක් බාධාවක් මහජන පීඩාවක් ඇති විය හැකි බවද පොලිසිය වැඩිදුරටත් කරුණු දක්වමින් සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රටේ ප්‍රජාතන්ත්‍රවාදය හා මානව හිමිකම් රැකෙන බවට ලොවට පෙන්වන්න ඔය පාගමන් උද්ගෝෂණයක් ඉතා හොද සාධකයක්, හැබැයි සාමාන්‍ය ජනතාවගේ එදිනෙදා කටයුතු වලට බාධා නොවන්න ඕවා කරන්න සංවිධායකින් උත්සුක විය යුතුයි...