IMG-LOGO

2025 මැයි මස 15 වන බ්‍රහස්පතින්දා


පොලිසියෙන් 1000ක අමුතු දඩයක්

රථ වාහන වැරදි කළ රියදුරන්ට දඩ කොළ වෙනුවට වේදිකා නාට්‍යයක ටිකට් පත් අලෙවි කළ සිද්ධියක් ගම්පහ දිස්ත්‍රික්කයේ පොලිසියකින් අද (17) වාර්තා විය.

ප්‍රදේශයේ රංග ශාලාවක ප්‍රදර්ශනය කිරීමට නියමිත වේදිකා නාට්‍යයක ටිකට් පොත් කිහිපයක් විකුණා දෙන්නැයි එම පොලිසියේ ස්ථානාධිපතිවරයා රථවාහන අංශයේ නිලධාරීන්ට ලබා දී ඇත.

ඒ අනුව රථවාහන අංශයේ නිලධාරීන් ඊයේ  (16) සහ අද  (17) රථවාහන වැරදි කරන රියදුරන් හට දඩ කොළ වෙනුවට එම ටිකට් පත් අළෙවි කළ බව පොලිස් ආරංචි සඳහන් කළේය.

පොලිසිය අලෙවි කළ ටිකට් පතක වටිනාකම රුපියල් දහසකි.

 උසාවි ඉදිරිපත් කළ යුතු වරදක් හෝ වැඩි දඩ කොළයක් නිකුත් කළ යුතු වරදක් රියදුරකු කළේ නම් ඒ වෙනුවට ටිකට්පත අලෙවි කළ බව දැනගන්නට ඇත.

 



අදහස් (0)

පොලිසියෙන් 1000ක අමුතු දඩයක්

සිසිර Wednesday, 17 September 2014 11:11 AM

කෝ මේ පොලිස් මාධ්‍ය ප්‍රකාශක තුමා. මොනවා හරි කියන්නකෝ (නදී)

:       0       0

පසීඳු Wednesday, 17 September 2014 11:09 AM

මෙවන් පොලීසියට උසස් වීම් ලබාදිය යුතුය. (නදී)

:       0       0

පියුමි Wednesday, 17 September 2014 11:15 AM

අනේ මෙහෙම රටක් නීතියක්(දිල්)

:       0       0

ඇන්ටන් Wednesday, 17 September 2014 12:20 PM

පොලිස් ප්‍රකාශකතුමා නැහැ කිව්වට පොලිසියේ පුණ්‍ය සෝමෙල ඉන්නවා. (ස)

:       0       0

ලංකා Wednesday, 17 September 2014 12:32 PM

නියමයි ශ්‍රී ලංකා පොලිසිය (නදී)

:       0       0

ගිහාන් Wednesday, 17 September 2014 12:45 PM

රජයට ලැබිය යුතු ආදායමක් නො ලැබී යාමට සැලැස්වීම සම්බන්ධයෙන් මෙසේ කිරීම වරදක්. මේ සම්බන්ධයෙන් පොලිස් මාද්‍ය ප්‍රකාශක තුමාගේ අදහස කුමක්දැයි විමසමු. (නදී)

:       0       0

සමරනායක Wednesday, 17 September 2014 12:55 PM

වේදිකා නාට්‍යයේ නම බල්ලොත් එක්ක බෑ නේද? (අ)

:       0       0

සුදත් Wednesday, 17 September 2014 01:20 PM

ලේන්සුවක් එලාගෙන හිඟා කන්න .මීට වැඩිය හොඳයි .(අ)

:       0       0

උපජීව Wednesday, 17 September 2014 01:21 PM

මොන ආඥා පනතින්ද එ්ක සම්මත කරලා තියෙන්නේ ? (අ)

:       0       0

නිමල්ලාලිත Thursday, 18 September 2014 03:11 AM

මේ ගොල්ල පොලිස් කියන වචනය ඉංග්‍රීසියෙන් හැදුනු හැටි සහ වචනවල තේරුම නොදන්නවාද ,නැතිනුම් අමන කමද? (ස)

:       0       0

රුවන් Wednesday, 17 September 2014 01:27 PM

ස්ථානාධිපති ඇතුළුව සියලුම නිලධාරීන්ට විරුද්ධව විනයානුකූල පරීක්ෂණයක් පැවැත්වුවහොත් හොඳනැද්ද.පොලිස්පතිතුමනි මාධ්‍යප්‍රකාශ තුමනි.මෙම ක්‍රියාව සම්පුර්ණයෙන්ම නීතිවිරෝධීනේද?(අ)

:       0       0

මධුෂාන්. Wednesday, 17 September 2014 03:51 PM

හොඳ වැඩක්....(අ)

:       0       0

මහේෂ්‍ Thursday, 18 September 2014 01:44 PM

ලැජ්ජයි පොලිසිය ගැන (නි)

:       0       0

කමල් Thursday, 18 September 2014 04:04 AM

? (ස)

:       0       0

විධුෂක Wednesday, 17 September 2014 05:52 PM

ලොක්කෝ මිලියන වලින් ටිකට් කඩනකොට සොක්කෝ දහසින් බැඳී පියල්ලෙන් ටිකට් කැඩුවම මොකෝ. (නි)

:       0       0

සීලා Wednesday, 17 September 2014 05:53 PM

ලංකාදීපෙට බොහොම ස්තුතියි. අපේ ප්‍රකාශකතුමා මේවා ගැන මොකද කියන්නේ? (නි)

:       0       0

ශිෆාන් Wednesday, 17 September 2014 06:08 PM

මොකක්ද අදාළ පොලිස් ස්ථානය? (නි)

:       0       0

ඡන්න බංඩාර Thursday, 18 September 2014 05:02 AM

මටත් ඔය වගේ වැඩක් උනා නිට්ටඹුවේ පොලිසියේදී. මමත් ගියා රට යන්න පොලිස් වාර්ථාවක් ගන්න. ඉක්මනට වාර්ථාව ගන්න නම් මටත් දුන්නා රුපියල් අටසීයට දඩ කොලයක්. මමත් ගෙවලා ආවා 2008 අවුරුද්දේ මේක උනේ (නදී)

:       0       0

උපාලි Thursday, 18 September 2014 12:11 AM

මේක නිතරම සිද්ධවෙන වැඩක් මහත්වරුනි. හඳුනන හෝ වෙනත් ලෙන්ගතුකමක් තිබෙන නාට්‍යකරුවෙකුට පොඩි තල්ලුවක් දෙන්න ඕනෑ වුණාම කරන දෙයක්. රියදුරන්ට නම් ඉතින් කාට දුන්නත් එකයි. ලංකාණ්ඩුවට තමයි පාඩුව. (නි)

:       0       0

මේනක Thursday, 18 September 2014 12:54 AM

වේදිකා නාට්‍යයේ නම රථ ගාය වෙන්න ඇති (නි)

:       0       0

ගාමිණී සිරිවර්දන Wednesday, 17 September 2014 10:26 AM

දෙයියන්ටම ඔප්පු වෙච්චාවේ... මාර දඩයක්නේ .. ගම්පහ රංගන ශාලාවක ටිකට් පතක් 1000 /= ක් නම් නෙලුම් පොකුණේ ටිකට් පතක් 10,000/= ක් වත් වෙයිනෙ බොලේ ! (ස)

:       0       0

දයා අලහකෝන් Wednesday, 17 September 2014 10:29 AM

අරයා මේක දන්නේ නැතිව ඇති. දැනගත්තොත් මොනවා කරයිද ? මොනවා කියයිද ? (ස)

:       0       0

සුනේත්‍රා Wednesday, 17 September 2014 10:33 AM

මේක පත්තරේ දාන්න දෙයක් නොවෙයිනේ (ස)

:       0       0

තේජාන්විත Wednesday, 17 September 2014 10:47 AM

මම නම් කියන්නේ අව්ලක් නැහැ එහෙම කරපු එක හොදයි. පොලිසියටත් ජනතා සුබසිද්ධිය වෙනුවෙන් පාරේ දුවන මගමරුවන් පාලනයට ගෙනා අලුත්ම පනත් හකුලාගන්න උන එකේ මේක හොද උපාය මාර්ගයක්. තව තවත් නාට්‍යම පෙන්වන්න ජනතාවගේ ජිවිත බේරගන්න මේවා පුද්ගලික බස්වලටම දෙන්න. (නදී)

:       0       0

රණසිංහ Thursday, 18 September 2014 01:21 AM

රථවාහන නීති ක්‍රියාත්මක කෙරෙන අත්තනෝමතික ක්‍රමය මේ ප්‍රවෘත්තියෙන්වත් පෙනෙන්නේ නැද්ද? (නි)

:       0       0

ඉසුරු Thursday, 18 September 2014 01:38 AM

මෙහෙම දෙයක් අපේ පැත්තෙත් වුණා (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

අපි දිනපු ඔක්කොම සභාවල බලය පිහිටුවනවා
2025 මැයි මස 14 377 0

ජාතික ජන බලවේගය ජයග්‍රහණය කරන ලද සියලු පළාත් පාලන ආයතනවල බලය පිහිටුවන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මහතා අද (14) පැවසීය.


බාල පොහොර තොගයක් පොලොන්නරුවෙන් අල්ලයි
2025 මැයි මස 14 184 0

පොළොන්නරුව සිරිපුර නගරයේ කෝටිපති ව්‍යාපාරිකයකු අයත් ගබඩාවක තිබී තත්වයෙන් බාල පොහොර මිටි 1566ක් සමග එහි කළමනාකාරවරයා ඇතුළු 11 දෙනකු අත්අඩංගුවට ගත් බව පොල


’’සමහරු ඉතිහාසය අමතක කරමින් අපි එක්ක ඉන්න ලෑස්ති වෙනවා’’
2025 මැයි මස 14 399 0

ඉතිහාසය අමතක කොට අලුත් පරිච්ඡේදයක් නිර්මාණය කරන්නට ජනතා විමුක්ති පෙරමුණට හැකියාවක් නැති බව ජනතා විමුක්ති පෙරමුණේ නායක ජනාධිපති අනුර කුමාර දිසානායක


පුංචි ආණ්ඩු බලය ගන්න විපක්ෂ එක තැනකට රොක් වෙති
2025 මැයි මස 14 1313 5

ජාතික ජන බලවේගයට බහුතරය හිමි නොවූ මහ නගර සභා, නගර සභා සහ ප්‍රාදේශීය සභා ඇතුලත් සියලු පළාත් පාලන ආයතන වල බලය පිහිටුවීම සඳහා විපක්ෂයේ දේශපාලන පක්ෂ වල නායක


’’අපි කාටත් ඉකි ගසා හැඬූ මොහොතක් තිබුණා’’
2025 මැයි මස 14 785 3

ජනතා විමුක්ති පෙරමුණේ ශාරීරික මෙන්ම මානසික වශයෙන් වශයෙන්ද වේදනා පිරුණු ඉතිහාසයේ තමා මෙන්ම සෙසු සහෝදර සහොරියන්ද ඉකි ගසා හැඬූ එක මොහොතක් හෝ තිබෙන බව ජ


බස් අනතුරින් තුවාල ලැබූ දරුවන් වෙනුවෙන් ක්‍රිකට් ආයතනය ඉදිරියට
2025 මැයි මස 14 826 0

කොත්මලේ ගැරඩිඇල්ල බස් අනතුරින් තුවාල ලැබූ දරුවන්ගේ ඉදිරි අනාගත කටයුතුවලට සහ අධ්‍යාපන කටයුතුවලට මූල්‍ය අනුග්‍රහය දැක්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය


මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1431 2
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1620 3
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 426 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site