ලොව වැඩිපුරම රාජ්‍ය සම්පත් භාවිත කරමින් පවත්වන මැතිවරණය ලෙස මෙවර ජනාධිපතිවරණය ලෝක වාර්තාවක් තබන්නට යන බව ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා අද පැවැති මාධ්‍ය සාකච්ඡාවක දී කීවේය.
‘විශාල වශයෙන් කටවුට් ගැහුවා. මාර්ග සංඥා පුවරුවල පවා කටවුට් ගැහුවා. රාජ්‍ය ආයතන ඇතුළෙත් කටවුට් ගැහුවා. නුගේගොඩ පාසලකත් කටවුට් එකක් ගහලා තිබුණා. අගුණකොල පැලැස්ස පොලිසියෙනුත් කටවුට් ගැහුවා. එහි තිබුණේ ස්ථානාධිපති ඇතුළු පොලිස් නිලධාරීන් කියලයි.
ආණ්ඩුවේ මැතිවරණ ආයන්ත්‍රණය අද බිඳ වැටිලා. බොහෝ දෙනෙක් ආණ්ඩුව අතහැරලා ගිහින්. දැන් සන්ධානයේ දේශපාලන වැඩ කරන්න යාන්ත්‍රණයක් නැහැ. වැඩ කරන්න කෙනෙක් නැහැ. ‘
සම්පූර්ණ වීඩියෝව පහතින්...
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වැටත් නියරත් ගොයම් කා නම්. (නදී)
වැටත් නියරත් ගොයම් කා නම්. (නදී)
හොරුන්ට උලුපන්දම් දෙන අය හම්බ හොරු (නදී)
චාමර එතකොට ඔය පොදු අපේක්ෂක පිටි පස්සේ ඉන්න අය ඔයාට වීරයෝද? අතීතය අමතක කරන්න එපා. හිතට එකඟව රට ගැන හිතන්න. (නදී)
අනෙක් අයගේ වටේ ඉන්න අය වීරයෝද එතකොට? ඉදිරියටත්, හිතට එකගව රට ගැන ඔබේ වචන වලින්ම පවසන්න (නි)
මෙයාල සිල් අරගෙන වගේ කතාකරන්නේ. එයාලව අදහන කට්ටිය ගැන දුකයි. (නදී)
අඩියක් අඩියක් ගානේ කටවුට් තොරන් වගේ. මිනිස්සුන්ගේ හදවත් වල හිටියානම් මෙහෙම වෙන්නේ නැහැ. අපරාදේ සල්ලි. දුප්පත් මිනිස්සු කි දෙනෙකුට ගෙවල් හදල දෙන්න තිබුනද ඒ සල්ලි වලින්. එහෙම කලානම් එ් මිනිස්සුන්ගේ හදවත් වලවත් කටව්ට් ඉතුරුවෙලා තියේවි. (නදී)
ලංකා දන්නේ නැත්තේ ආණ්ඩුවේ අය ගැන විතරයි (නදී)
ෂා... නියමයිනේ! පොලිසියත් එහෙනම් වැඩේට බැහැලා
ඔය මහත්තයා මීට කලින් කීවතාවක් ඔය කතාව පාවිච්චි කරලා තියෙනවාද? කවුරු ගැනත් මිනිස්සු හොඳට දන්නවා. (නදී)
මැකෝට විතරයි කටවුට් ගහන්න බැරි උනේ එයත් හෙට අනිද්දට පටන් ගනීද දන්නේ නැහැ මේ සෙල්ලම ? (නදී)
අප්පුහාමි, කොහොම අය ගැනද ඔය කියන්නේ?? (නි)
මේවා කාට කියන්නද, පොලිසියත් කටවුට් ගහද්දි? (නි)
ලංකා මොකද,ලංකා තිලක් මොකද,බන්දුල මොකද ? වෙනසක් නැහැ එකම කෙනා. (නි)
ලංකා මහත්තයා වගේ අය ඉන්න කම් ලංකාවේ ලොකු හොරු සැපට ඉන්නවා (නදී)
මැ.කෝ. කියලා තිබුනා කටවුට් ගලවන්න කෝටි 50 ක් යනවා කියලා. හිතා ගන්න පුලුවන්ද කටවුට් ගහන්න කීයක් යන්න ඇතිද කියලා. ප්‍රින්ට් කරලා, මිනිස්සු දාලා එල්ලන්න ඊට පස්සේ ගලවන්න. ඇයි ආණ්ඩුවක් නීති කඩන්නේ. මේවා අපේ දුප්පත් මිනිස්සුන්ගේ බදු සල්ලි නේද ???(හේ)