මොරගහකන්ද ජලාශ ව්‍යාපෘතිය නිසා මාතලේ ලග්ගල පොලිසියට යාමට ඇති එකම මාර්ගය මඩ වගුරක් බවට පත්ව ඇතැයිද ඒ නිසා තමන් අසීරුතාවයට පත්ව ඇතැයිද ප්‍රදේශවාසීහු කියති.
පස් කපන බර වාහන එහි ගමන් කරන අතර පොලිසියට ළඟා වීමට ඇති කෙටි මාර්ගයද වසා දමා තිබීම හේතුවෙන් කිලෝමීටර් 15-20ක් පමණ දුරක් පැමිණ නැවත කිලෝමීටර් දෙකක් පාගමනින්ද පැමිණීමට සිදුව ඇතැයිද ඔවුහු ප්‍රකාශ කරති.
පොලිසියද මින් අපහසුතාවයට පත්ව ඇති බවත් දැනටමත් යතුරුපැදිවලින් ඇද වැටී පොලිස් නිලධාරීන් පස් දෙනකු තුවාල ලබා ඇතැයිද පොලිසිය සඳහන් කරයි.
අලුත් පොලිස් ස්ථානයක් ඉදිවන තුරු තාවකාලිකව සුළු පැමිණිලි විභාග කරන ස්ථානයක් හෝ පහසුවෙන් ළඟා විය හැකි ස්ථානයක ඉදිකරන ලෙස ප්‍රදේශවාසීහු ඉල්ලා සිටිති.







COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇත්තටම පොලිසියෙන් රටට වෙන සේවය ගැන බැලුවම හැමොගෙන්ම අඩු සැලකිලි (ම)
සමහර තැන් වලට ගියොත් එන එක විශ්වාස නෑ (අ)
ඒකත් නවතා දමන්න. තවත් 500-1000කට රැකියා නැතිවුණදෙන්. (නි)