(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)
මන්නාරම , පුදුකුඩුඉරිප්පු ප්‍රදේශයේ පිහිටි නිවසක් සෝදිසි කිරීමට ගිය උයිලන්කුලම පොලිසියේ නිලධාරීන් කණ්ඩායමකට පියකු සහ පුතකු ඇතුළු කණ්ඩායමක් පොලු මුගුරුවලින් පහර දීම නිසා එම පොලිස් කණ්ඩායමේ සිටි නිලධාරීන් පස් දෙනකු තුවාල ලබා මන්නාරම දිසා රෝහලට ඇතුළත් කර ඇතැයි පොලිසිය පවසයි.
පුදුකුඩුඉරිප්පු ප්‍රදේශයේ නිවසක පුද්ගලයකු රඳවා තබා ගෙන ඔහුට පහරදෙන බවට ලැබුණු තොරතුරක් මත උයිල්න්කුලම පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ජගත් කුමාර මහතා ඇතුළු පොලිස් කණ්ඩායමක් එම නිවස වටලා ඇත.
එම අවස්ථාවේ නිවසේ සිටි පියකු සහ පුතකු ඇතුළු කණ්ඩායමක් වැටලීම සිදු කළ පොලිස් නිලධාරීන්ට පොලු මුගුරුවලින් දිගට හරහට පහර දීම නිසා පොලිස් සැරයන්වරුන් දෙදෙනකු සහ පොලිස් කොස්තාපල්වරුන් තිදෙනකු තුවාල ලැබූ බව මන්නාරම ප්‍රදේශයේ උසස් පොලිස් නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය.
පොලිස් නිලධාරීන් පස් දෙනකුට පහර දී තුවාල සිදු කර පළාගිය පිය පුතු දෙදෙනා ඇතුළු කණ්ඩායම අත්අඩංගුවට ගැනීමට පොලීසිය පුළුල් පරීක්ෂණ පවත්වාගෙන යයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පුදුම පොලිසියක් .ආයුධ නැතුව ගිහිල්ලා ඕවා කරන්න පුලුවන්ද මේ ලංකාවේ
මරියකඩේ පැත්තේ ගහනුත් ගහන එකේ තාත්තා පුතෙකුගෙන් පහර කාපු එක නම්බුයි නේද?
ඊයා ඕයි. දෙන්නෙක් එකතු වෙලා පස් දෙනෙකුට ඉස්පිරිතාලේ ඉන්න ගහලා පැනලත් ගිහිල්ලා. සිද්ධිය නිව්ස් වලටත් දාලා. පොලිසියේ උන් ගවුම්ද දන් නෑ ඇදන් ගිහින් තියෙන්නේ.
ත්‍රස්තවාදී ගති තාම තියෙනව. පාඩමක් ඉගෙන ගනීවි යැයි සිතමු. ඔය පැත්තෙ උසාවි දැම්මොත් නම් හොරාගෙ අම්මගෙන් පේන බැලුව වගේ තියෙයි.
දේශබන්ධු ගේමු
මහින්ද මාත්තියෝ මෙන්න ආයේ පටන් ගන්නයි යන්නේ. ඔබතුමා නැති පාඩුව අපිට තදින්දැනෙනවා.