යාපනය අරියාලේ දී රථවාහන රාජකාරියේ නිරත පොලිස් නිලධාරීන් දෙදෙනකු විසින් බීමතින් සිටි බව කියන යතුරු පැදිකරුවකු අත්අඩංගුවට ගැනීමට යාමේදී එහි පැමිණ යකඩ පොලුවලින් පොලිස් නිලධාරීන්ට පහරදීමට උත්සාහ කර යතුරුපැදිකරුත් සමග පළාගියැයි කියන තවත් යතුරුපැදිකරුවන් සිව්දෙනකු අත්අඩංගුවට ගත් බව යාපනය පොලිසිය පවසයි.
අත්අඩංගුවට ගත් සැකකරුවෝ යාපනය ආරියාලේ පදිංචි 30 - 40 අතර වයස්වල පසුවන්නෝ වෙති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙය ඉතාම බරපතළ තත්වයක්. ත්‍රස්තවාදය නැවත හිස ඔසවන්නේ නැහැ කියලා හිටපු සහ දැන් ඉන්න අය වහසි බස් දෙඩුවාට ඒ මුසාවාද ලංකාවට පමණක් සීමාවූ වදන්. වර්තමාන ආණ්ඩුව සංහිඳියාවක් ගැන තෘප්තිමත් බවකින් කතාකළාට උතුරේ ජාතිවාදය ඔඩුදුවලා පැසවලා තියෙන්නේ. මේ තත්වය යටතේ සංහිඳියාව කියන වචනය පමණක් නොව යහපාලනය කියන වචනයත් උතුරේ කජු කිරි කොල්ලෝ ඉදිරියේ හෑල්ලු වෙලා. (නි)
සංහිදියාව යහපාලනය වගේම කරපු යුද්දෙත් හැල්ලු වෙලා . අපේ පැතිවල මෙවැනි දේවල් වෙන්නේ නැහැ. පොලිස් ඉඩම් බලතල දෙන්න එපා (බ)
මේවා සැළසුම් කරලා කරන වැඩ. තව ඉස්සරහට මෙවැනි දේ වැඩිවෙන්න පුළුවන්. (නි)
පොලිස් බලතල දෙන්න එපා (ම)
පොලිසියට මේ කාලේ බොහොම අපලයි වගේ (නි)
මතක හිටින දඬුවමක් දෙන්නයි වටින්නේ. පොලිස් කිව්ව ගමන් පස්ස නොබලා දුවපු අය දැන් පොලිසියට ගහන්න එනවා (නි)
අර ඊයේ පෙරේදා හම්බන්තොට වරායේදී මාධ්‍යවේදියාට වැඩ පෙන්නපු චණ්ඩියාව ඇරියා නම් ඉවරයිනේ. (නි)
සමන්..ඒ චන්ඩියාගේ චන්ඩිකම් අපට විතරයි.මතකද සාම්පුර් වලදී නේවි කොල්ලෝ තුන් දෙනෙකුට සලකලා තිබ්බ විදිහ.කෝ එදා ඔය චන්ඩිකම්. (අ)
පොලිසියේ දෙන්නා රක්ෂිත බන්ධනාගාර ගතකරලා කියලා හෙට අහන්න වෙයිද දන්නෙ නැහැ
මේ වගේ දේවල් මෙහෙමවත් අපිට දැනගන්න ලැබෙන්නේ ලංකාදීපයෙන් විතරයි (නි)
ඔය බොරු චණ්ඩින්ව ඉක්මනින්ම මට්ටු කරන්න වෙයි. (නි)
යාපනයේ සමහර අය හිතන්නේ තාම ප්රභාකරන්ගේ කාලය කියලයි. වරදට උපරිම දඬුවම් මේ අයට දියයුතුයි (නි)
අපි අහවලාව යාපනයට අරිමුද. (නි)
ඊළඟ විසඳුම කුමක් වේවිද? (නි)
පොලිසියේ ගිනිඅවි තියාගෙන ඉන්නේ මොකටද? ලැජ්ජයි! (නි)