ජනාධිපතිවරණ සමයේ කොළඹ, කොටහේනේදී මහින්ද රාජපක්ෂ හිටපු ජනපතිගේ නීති විරෝධී පෝස්ටර් ඉවත් කරමින් සිටි පොලිස් සැරයන් වරයෙකුගේ කනට පිස්තෝලයක් තබා මරණ තර්ජන කළැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් 13 දෙනෙකු සැකපිට අත් අඩංගුවට ගත් බවත් තවත් 10 දෙනෙකු අත් අඩංගුවට ගැනීමට සොයන බවත් පොලීසිය කියයි.
පොලිස්පති යටතේ පවත්නා විශේෂ විමර්ශණ ඒකකයේ පොලිස් අධිකාරී මෙවන් සිල්වා මහතා මෙම පරීක්ෂණ බාරව සිටියි.
අත් අඩංගුවට සැකකරුවන් අතර ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙක්ද, භාරත ලක්ෂමන් ප්‍රේමචන්ද්‍ර මහතා ලඟ සිට මන්ත්‍රී දුමින්ද සිල්වා ලඟට ගිය රියදුරෙක්ද සිටින බව පොලීසිය කියයි.
කොලොන්නාව උමඟිලිය ක්‍රීඩාංගනයේදී මෛත්‍රීපාල සිරිසේන ජනපතිගේ වේදිකාවක් කඩා බිඳ දැමු සිද්ධියට මේ අය සම්බන්ධයක් ඇතැයි සැක කරන පොලීසිය ඒ පිළිබඳවද පරීක්ෂණයක් ඇරඹීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හිරුනිකත් වැඩ වගේ 9 වෙනිදා පහු වුනාට (නදී)
මෙයාල විතරක් නොවෙයි හොරකම් කරපු මැරකම් කරපු ස්ත්‍රී දුෂණය කරපු හැමෝවම කුදලගෙන ඇවිත් නීතිය අකුරටම ක්‍රියාත්මක කරනු (නදී)
භාරත ලක්ෂ්මන් ළඟ ඉඳලා දුමින්ද ළඟට ගියේ මොකද දන්නෙ නැහැ (නි)
නීල් , ටයර් සෑයවල් තිබුනේ නීතිය වල්වැදුන රටේනේ. මේ තියෙන්නේ විනිවිද පෙනෙන කාටත් පොදු නීතියක්. සතුටු වෙයල්ලා ඉරිසියාව අතහැරපල්ලා ........ (නි)
අන්න ලංකාවේ වසර 50 කට පෙර තිබුණු ශක්තිය. සිරිසේනට පින් (නදී)
ආයෙත් ටයර් සෑයවල් එයි වගේ මෙහෙම යනකොට. (නදී)