නීතිඥ සරත් කරවිට මහතා සමග ජනවාරි පළමු වැනිදා බේරුවල පොලිසියට ගිය ගයාන් සම්පත් නම් ධීවරයා මත්කුඩු මිලි ග්‍රෑම් 40ක් ළඟ තබාගත්තැයි පොලිසිය පවරා ඇති නඩුවේ චෝදනා නොපිළිගත හැකි බව කී කළුතර අතිරේක මහේස්ත්‍රාත් චන්දිම එදිරිසිංහ මහතා ඔහු රුපියල් ලක්ෂයක ශරීර ඇප මත මුදා හළේය.

තමා සමග පෙර දිනයේ පොලිසියට ගිය සැකකරු සමග විත්තිකූඩුවේ සිටියදී නීතිඥවරයා කියා සිටියේ පසුගිය 25 වැනිදා සැකකරුගේ නිවස ඉදිරිපිට තිබූ අයිතිකරුවකු නොමැති බයිසිකලයක් සම්බන්ධයෙන් සැකකරු තමා සමග පොලිසියට ගිය බවයි.

තමා සමග යන සැකකරුවකු ළඟ මත්කුඩු තිබූ බවට කර ඇති චෝදනා නීතිඥවරයා ප්‍රතික්ෂේප කළේය.

මහේස්ත්‍රාත්වරයා පැමිණිල්ල මාර්තු 20 වැනිදාට කල් තැබීය.