ජාතික පොලිස් කොමිෂන් සභාවේ නිර්දේශ පරිදි පොලිස් අධිකාරීවරුන් දෙදෙනකු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන් ලෙසද , නියෝජ්‍ය පොලිස්පතිවරුන් දෙදෙනකු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් ලෙස ද පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා විසින් පත් කරනු ලැබීය.
ගාල්ල දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති එස් ඒ ඩී එස් ගුණවර්ධන මහතා අප්‍රේල් 17 සිට ක්‍රියාත්මක වන පිරිදි ද, පුහුණු දිසාවේ නියෝජ්‍ය පොලිස්පති එම් ආර් ලතීෆ් මහතා අප්‍රේල් 20 වැනි දා සිට ක්‍රියාත්මක වන පරිදි ද ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් ලෙස උසස් වීම් ලැබ සිටිති.
පරිසර ආරක්ෂණ කොට්ඨාසයේ පොලිස් අධිකාරී එච් එච් වුලසිරි මහතා 2014 ජනවාරි 14 වැනි දා සිට ක්‍රියාත්මක වන පරිදි ද, මූල්‍ය වංචා විමර්ශන කොට්ඨාසයේ පොලිස් අධිකාරී සී ඒ ප්‍රේමශාන්ත මහතා 2012 ජුනි 07 සිට ක්‍රියාත්මක වන පිරිදිද ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන් ලෙස උසස් වීම් ලැබ සිටිති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd