ත්‍රිරෝද රථයක් මිලට ගැනීමට ගිය ඥාතීන් පිරිසක් නිදන් හැරීමට ගිය බවට බොරු චෝදනා මත අත් අඩංගුවට ගෙන කන්දකැටිය පොලිසියේ කිහිපදෙනකු කියන පහරදීම් සහ වද හිංසා නිසා 17 හැවිරිදි සඳුන් මාලිංග තරුණයා මිය යෑමේ සිද්ධිය සම්බන්ධයෙන් පූර්ණ පරීක්ෂණයක් පැවැත්විය යුතු බවට ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය කර තිබේ.
මියගිය තරුණයාගේ මව කේ.මල්ලිකා ඇතුළු පස්දෙනකු ගොනුකළ පෙත්සම් 5ක් ලබන 16 වැනිදා විභාගයට ගැනීමට අවසර ලබාදෙමින් ශ්‍රේෂ්ඨාධිකරණය මෙම තීන්දුව ගෙන ඇත.
ප්‍රියසාත් චෙප්, සරත් ආබෘෘ සහ ප්‍රියන්ත ජයවර්ධන විනිසුරු මඩුල්ල විසින් තීන්දුව ප්‍රකාශ කළහ.
කන්දකැටිය පොලිසියේ පොලිස් කොස්තාපල්වරුන්වන පී.එම්.අබේරත්න, එස්.පී.ආර්.පුෂ්පකුමාර ඇතුළු 14 දෙනෙක් වැරදිකරුවන් කරමින් මේ පෙත්සම ගොනු කර ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පොලිසියේ රාජකාරිය කුමක්ද පොලිසිය නොදනී. මොවුන් දැනුවත් කරන්න. (අ)
කතාව සම්පුර්න ඇත්ත මොකඩ යුද්දෙ ොලෙ වැස්සකට ඉස්කොලකට නොගිය අය පොලිසියට ගත්තාට කතාව සම්පූර්ණ ඇත්ත (අ)
දේශපාලන උවමනාවන් අනුව වැඩකළ පොලිස් නිළධාරීන් නැවත යහමඟට ගන්න එකනම් පහසු වෙන්නේ නැතිවෙයි (නි)
පොලිසියේ වැරදි තිබෙනවා තමයි. නමුත් ඔවුන් කරන සේවය උදාරයි (නි)
යුද්ධය සහ පොලිසියට බඳවාගැනීම් අතර සම්බන්ධයක් නැහැ. ප්‍රශ්නය තියෙන්නේ තීරණ ගන්නකොට දී තිබෙන වැරදි ආදර්ශ. මොකද හැමදේම ගහලා බැනලා කරන්න පුලුවන් කියන මතයේ ඉඳගෙන වැඩ කරනවා. ඒකයි මෙතැන වෙලා තියෙන්නේ. (නි)
මොවුන්ට අධිකරණයෙන් කෙසේවෙතත් සොබා දහමෙන්වත් ජීවිත කාලය තුළම දඬුවම් ලැබේවා! අහිංසක මිනිසුන්ගේ යුක්තිය කළු කෝට් තර්ක වලින් මැකීයන්න පුළුවන්. (නි)
පොලිසි වලට බඳවා ගැනීමේදී අඩුම තරමේ සාමාන්‍ය පෙළ විභාගයවත් සමත්දැයි බලන්න. මෙවැනි නිලධාරීන් පොලිසියේ ඉහළ තනතුරු ලබනවිට ඉවසාගන්න බැරිවෙනවා. (නි)
නිධානයක් හාරන්න ගියත් ගහලා මරන්න පොලිසියට තිබෙන අයිතිය කුමක්ද? මොවුන්ට ජනතාවගේ ප්‍රශ්න වලදී මිනිසුන් මරන්න කියලද උගන්වන්නේ?කෙනෙකු අත්‍අඩංගුවට පත්වූ පසු නියපිටින්වත් අරියාදුවක් කිරීමට නීතියෙන් සපුරා තහනම්. ලංකාවේ නිලධාරිවාදය ඉහළින්ම රජකරන තැනක් තමයි පොලිසිය. (නි)
පොලිසියට අයත් නියමිත රාජකාරි මොනවද කියල ඇත්තටම දන්නා අය පොලිසියකින් හොයාගන්න හරිම අපහසුයි. (දිල්)
මෙයාලට පුලුවන් පොඩි මිනිහාට පාර්ට් දාන්න විතරයි. හිතාගෙන ඉන්නේ අමුතුම ජාතියක් කියලා. කවුරුවත් මොවුන්ට අනුකම්පා නොකරන්නේ ඒකයි (නි)
නැත්තම් ෆුල්ෆේස් හෙල්මට් දාගෙන මංකොල්ලකනවා කියලා හෙල්මට් තහනම් කරයිද? එහෙනම් පිහිඇනුම් වස බොන හින්දා ගෙවල් වල තිබෙන පිහි ටිකයි බෙහෙත් කඩවල තිබෙන පලිබෝධනාශකත් තහනම් කරන්න එපාද? (නි)
ලංකාවේ පොලිසිය බුද්ධිමත් නැහැ 8 සමත් අය ගත්තම ඔහොම තමයි උසාවියට පෙර පොලිසිය දඬුවම් දෙන්නේ කොහොමද (බ)
කිරිදියෙන් දෙවුවත් අඟුරු සුදවන කලෙක් නම් නැත (නි)
පොලීසීයේ ඉන්න සමහර අය හරිම මෝඩයි (නදී)
අපිට බුද්ධිමත් සහ විනයගරුක පොලිසියක් අවශ්‍යයි (නි)